‘සාකච්ඡා සාර්ථකයි’ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කළ සාකච්ඡාව ඉතා සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය. 15 September 2019
දෙමටගොඩ නිවසක පිපිරීමක් දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද (15) උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 September 2019
ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය. 14 September 2019
හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු ඇල්පිටිය ප්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. 13 September 2019
කංජිපානිගේ පියා- සොහොයුරා ඇතුළු 6 දෙනා රිමාන්ඩ් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13)නියෝග කළේය. 13 September 2019
කංජිපානිට දුරකතන ලබා දීමට ගිය පියා-සොයුරා ඇතුළු 6ක් අත්අඩංගුවට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු අද (12)දහවල් බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 12 September 2019
ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවෝ 13 දෙනාට සිතාසි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) සිතාසි නිකුත් කළේය. 12 September 2019
තිරිඟුපිටි මිල අඩු කිරීමට ප්‍රීමා සමාගම එකඟ වෙයි වැඩි කළ තිරිඟුපිටි මිල නැවත අඩු කළ බව ප්‍රීමා සමාගම කියයි. 12 September 2019
ජනපති කොමිසම හමුවට හෙට එන්න බැහැ’යයි අගමැති කියයි කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කර සිටී. 11 September 2019
ප්‍රීමා සමාගම තදින් සිටී වැඩි කළ තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම ලංකාවේ සියලුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත. 11 September 2019
වජිරගේ කැබිනට් සංදේශය දෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි සංවර්ධන කමිටු සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අද (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2019
රටින් ගෙන්වූ කසළ පෙට්ටි 333 කට පුරවා තබයි එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වා කටුනායක අපනයන සැකසුම් කලාපයේ එළිමහනේ ගොඩ ගසා තිබූ කුණු තොගය මේ වන විට කන්ටේනර් පෙට්ටි 333කට ඇතුළත් කර එහි තැන්පත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. 10 September 2019
තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. 10 September 2019
රනිල් - සජිත් - කරූ අද හමුවෙති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. 10 September 2019
උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක් උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත. 09 September 2019
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 08 September 2019
රනිල්-සජිත් හමුව කල්යයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුව අනිද්දා (10) පැවැත්විමට නියමිතව ඇතැයි එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 08 September 2019
අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතරින් රෝගී ව සිටි කාන්තාවක සහ පුද්ගලයකු මියගොස් අසාධ්‍ය තත්වයෙ පසු වූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 08 September 2019
රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන් රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන තම සැමියා අතුරුදන්ව ඇතැයි පවසමින් එම අංශයේම සේවය කරන පොලිස් පරීක්ෂක කාන්තාවක් අද (06) පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි. 06 September 2019
රනිල් - සජිත් අතර විශේෂ හමුවක් ඉරිදා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය. 06 September 2019
ඇල්පිටියේදී බස් රථයක වෙඩි තැබීමක්: අයෙක් මරුට ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 06 September 2019
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41කගේ බැංකු ගිණුම් 100ක් අත්හිටුවයි පාස්කු දින එල්ල වු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 September 2019
නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානු කම්කරුවෝ 44ක් අත්අඩංගුවට වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ඉදිකිරීමේ වැඩබිමක සේවය කළ ඉන්දියානු ජාතිකයින් 44දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(05) කොම්පඤ්ඤවීදියේ වැඩබිමකදී අත්අඩංගුවට ගෙන ඇත. 05 September 2019
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියේ මහ මොළකරු ‘කුඩු රොෂාන්’ සහ 6ක් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා ඇතුළු හත්දෙනෙකු අද(05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම බලකාය කියයි. 05 September 2019
ශ්‍රීලනිපයේ 5 කට විනය ක්‍රියාමාර්ග ගන්න ලිපි බාරදෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව පක්ෂය ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 September 2019
‘විස්සයි - විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’ ’ශ්‍රීලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. 03 September 2019
ශ්‍රිලනිප යේ සමුළුව ඇරැඹේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි. 03 September 2019
විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10වැනිදා වැඩවර්ජනයක ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල එකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. 03 September 2019
මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගන්න නීතිපතිගෙන් ලේඛන මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී. 02 September 2019
රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 01 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025