කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත.
අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.
ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.
මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.
මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රී 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.
මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශ වනුයේ,
කොළඹ දිස්ත්‍රික්කයට අයත් : කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත,මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල
ගම්පහ දිස්ත්‍රික්කයට අයත්: ජාඇල, කොච්චිකඩේ සහ සීදුව,
පුත්තලම දිස්ත්‍රික්කයට අයත්: පුත්තලම, මාරවිල සහ වෙන්නප්පුව
කළුතර දිස්ත්‍රික්කයට අයත් :බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම,
මේ අනුව කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, ජාඇල, කොච්චිකඩේ, සීදුව, පුත්තලම, මාරවිල, වෙන්නප්පුව, බණ්ඩාරගම, පයාගල, බේරුවල, අළුත්ගම, වරකාපොළ, අකුරණ, අලවතුගොඩ සහ අක්කරෙයිපත්තු යන පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් තොරව දිගටම ක්‍රියාත්මකව පවතී.
ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත.
කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.
ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබේ.
ඇඳිරි නිතීය ඉවත් කළ ප්‍රදේශවල ද ප්‍රධාන මාර්ග භාවිත කළ යුත්තේ රැකියා සඳහා යාම් ඊම් ඇතුළු අත්‍යාවශ්‍ය කාර්යයන් උදෙසා පමණි.
දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත.


COMMENTS
ඉතා හොඳ තීරණයක්. ගොඩක් අය බය කොරෝනා වලට විතරයි. ආර්ථිකය වැටුනොත් ඊට වඩා මිනිස්සු මැරෙන බව ඔවුන් දන්නේ නැහැ. හොයල බලන්න 1929 මහා ආර්ථික අවපාතයෙන් පස්සෙ වුණු දේවල්. දෙවැනි ලෝක යුද්ධය විතරක් නෙමෙයි ඔය මාෆියාවන් වැනි දේවල් ව්‍යාප්ත වුනේ ඊට පස්සෙ. අපි වගේ රටක් තියෙන දේ ආරක්ෂා කරනවා මිස පස්සෙ ආර්ථිකය හදාගමු වගේ සුරංගනා කතා පස්සෙ යන්න නරකයි. ඉස්සරහට එන්නේ හැමෝටම අමාරු කාලයක්.
මම හිතන්නේ මෙය ප‍්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි මිනිස්සු හරියට හැසිරුණොත්...
දැන් ඉතින් ගාල කඩාගත්තා වගේ සෞඛ්‍ය උපදෙස් ගණන් නොගෙන කටයුතු කලොත් විය හැකි තත්වය දරුනුවිය හැක. අඩුම ගානේ මිටරේ දුරවත් තබා ගැනීම වැදගත් පොලිසිය මේ සම්බන්දයෙන් මැදිහත් විය යුතුය.
ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳ ගැටලුවක් නැතිවුනත් රාත්‍රියේදී ඇඳිරි නීතිය දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද යන්න පැහැදිලි නෑ...
ගොඩක් හොදයි... හැබයි එක්කෙනෙක් ඇති ආපහු ලෙඩේ පතුරුවන්න . එහෙම වුණොත් හොයන්න වෙන්නේ නැ බුද්ධි අංශය දාලවත්... මොකද එතකොට තේරේවි දැන් වහන්න වෙන්නේ මුළුරටමයි කියලා... අපි බලා සිටිමු. නොවෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා... ඒත් මේ වෙලාවෙ හදිසි නොවන්න ඕනැ තව සතියක් දෙකක් හිටියනං හොදයි කියලා මම හිතන්නේ. අවදානමක් ගන්න හොඳ නෑ...
ඡන්දෙ හින්දයි මෙහෙම කරන්නේ. අපරාදේ මෙච්චර කල් කරපු දේවලුත් වතුරේ යනවා.
ඡන්දය තියාගන්න උවමනාවට රට වහන එක පරක්කු කරලා මේ තරම් හානියක් කරගත්තෙ. දැන් ආයෙම ඡන්දේ තියන්න හදිසිවෙලා කරගන්න හදන්නේ ඊටත් වඩා හානියක්. වෙන රටවල් තව තවත් මිනිස්සුන්ගෙ සෞඛ්‍යාරක්ෂාව ගැන හිතද්දී අපේ රටේ වෙන දෙයක්.
දැනට සැක නොකරන ප්‍රදේශයකින් ලෙඩෙක් මතු වූනොත් ආපහු මුළු රටම මාසෙකට වහලා හොයන්න වෙයි.
ලක් දරුවනි දැන් වත් වෙන විදියට කල්පනා කරන්න , එක වාහනයක එක්කෙනෙක් නොව ඒ කිට්ටුව වැඩකරන දන්නා තව 2 වත් ගෙනෙයන්න, කුඩා දුරවල් ඇවිද යන්න, පාපැදි , වීල් වල පවා දන්නා තව කෙනෙන් ගෙන යන්න.
ඇමරිකාවෙයි යුරෝපෙයි ලෙඩ වෙනකොට භයේ ගැහෙන ලංකාවේ අයට නිරෝධායන මධ්‍යස්ථානවල හැංගිලා ඉන්න ඉඩදීලා සාමාන්‍ය ජනතාවට නිදහසේ වැඩකටයුතු කරගෙන යන්න ඉඩදෙන්න පුළුවන් නම් තමා රටටම සෙතක් වෙන්නෙ.
රජය ඉක්මන් උනා වැඩියි. තව සුමානයක් වත් වහලා දාලා තියන්න තිබුනා..