පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් අසාදනය සහතික කළ හැකි උපකරණ කට්ටල 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
ලෝ ප්‍රකට ‘අලිබාබා’ සමාගමේ ප්‍රධානී ජැක් මා පරිත්‍යාග කළ ‘කොවිඩ්-19’ පරීක්ෂණ කට්ටල මෙරටට ළඟාවීමට නියමිතව යැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
චීනයේ ‘අලිබාබා’ පදනම සහ ‘ජැක් මා පදනම’ එම පරිත්‍යාගය කර ඇත.
055
COMMENTS
හොඳ ආරංචියක්...
කැම්පස් කොල්ලනේ කොටස් කරපල්ලා මේකක්. හදපල්ලා තවතවත් මෙවැනි යන්ත්‍ර. අපේ එවුන්ට බැරි මොනවාද? ජනාධිපතිතුමනි අපේ කොල්ලන්ට සපොර්ට් එකක් දෙන්න.
ඇයි බය හිතුණද ලංකාවෙ මෙවා හදනකොට? මෙවා පාවිච්චියට නොගෙන හරවා යවන්න.
චීනගේ ලෙඩ, චීනගේ බෙහෙත්, චීනගේ රට....
ඒක හොඳයි.
PCR කට්ටල විය නොහැකියි. PCR කට්ටලයක් ඇමරිකානු ඩොලර් 15000කට වැඩියි. මේවා සුලුවෙලාවකින් හදුනාගත හැකි ready-made කට්ටල විය යුතුයි.
දැන් අපිට කෙලවෙයිද එ කියන්නෙ...?
අපි දැනට PCR පරීක්ෂණ 4000 විතර කරලා තියනවා. 42000ක් නිරෝධායනය කරලා තියෙන නිසා තව පරීක්ෂණ කට්ටල 40000 ක් විතර අවශ්‍ය වෙනවා.
ආ.. දැනුයි තේරුනේ, මේකත් දේශීය නිෂ්පාදනයක් කියලා.
කොරෝනා ප්‍රතිපල ලැබෙමින් පවතී .
2 වෙනි ලෝක යුද්දෙදි මිනිස්සු මැරුවාට චිනේ තාම ජපානෙන් වන්දි ගන්නවා හැම අවුරුද්දෙම. ඉතාල විශාල මුදලක්...
සමහරුන්ට කොරෝනා හැදීගෙන එනවද කොහෙද විකාර දොඩවනවා. මෙහේ කවදාවත් pcr පරීක්ෂණ යන්ත්‍රවත් ඒවාට ගන්න swabs වත් හදලා නැහැ. pcr යන්තරයක් හදන්න බැහැ සෙල්ලම් බඩුවක් හදනවා වගේ. ශල්‍ය ඇඳක් හදනවා වගේ මුව වැස්මක් හදනවා වගේ. සමන්ගේ දැක්ම හරි. මොකද මේ එන්නේ pcr යන්ත්‍ර වෙන්න බැහැ. එක්කෝ අර කියලා තියනවා වගේ ක්ෂණික පරීක්ෂණ කට්ටල හරි මේ pcr ටෙස්ට් එකට ගන්න swabs හිඟයක් තිබුනා. බොහෝවිට ඒවා වෙන්න පුළුවන්.
මෙම කට්ටල වලින් පරික්ෂා කොට ලංකාවේ ආසාදිතයන් ගණන දිනෙන් දින වැඩි වෙයිද දන්නේ නැහැ? මට හිතන්නේ රටින් රටට ජිවත් වෙන මිනිසුන්ට අනුව මෙම රෝගයට ප්‍රතිශක්තිකරණය ඇති නැති මිනිසුනුත් දෙකොටසම ඉන්නවා කියලා. මේ කට්ටල වලින් දෙන උත්තරය කොච්චර නිවැරදිද කියල කියන්නේ කොහොමද? මට හිතෙන්නේ මෙම පරීක්ෂණ කට්ටල වලින් ලැබන දත්ත වලට අනුවම කටයුතු නොකොට දේශීය වෛද්‍ය ක්‍රමද භාවිත කොට මේ දෙකේම දැනුමට අනුව වෙදකම් කරොත් හොඳයි කියලා. නැත්නම් වෙන්නේ මිනිසුන් අතර රෝග, දුර්භීක්ෂ බිය වැඩිවී ආර්ථික හා සමාජියම වශයෙන් අස්ථාවර වීමයි. වානිජමය වශයෙන් සංවර්ධනයක් හා බලවතුන් වීමට බලාපොරොතු වෙන රටවල් බෙහෙත් පෙති, එන්නත් මගින් විසදුමක් හෙව්වට ලංකාවේ ජිවත් වෙන මිනිසුන්ට දේශීය වෛද්‍ය ක්රමයේ මේ රෝගයට බෙහෙත් තියෙනවා.
ඔයාල යන්නේ කොහෙද මල්ලේ පොල් වාගේ නේ comment කරන්නේ. මේවා රැපිඩ් ටෙස්ට් කට්ටල හො පීසීආර් යන්ත්‍රයට රෝගියාගේ සෙම පටල ඇතුල් කිරීමට යොදාගන්නා ටෙස්ට් ටියුබ් kit වෙන්න ඇති ... මේවා ප්‍රධානය කරලා තියන්නේ අලිබබා සමාගමේ ධනයෙන්.. මෙයාල තව රටවල් ගොඩකට මේ විදිහට ආධාර කරලා තියනවා... සියලු දේ අසුබ වාදී විදිහට බලන හේතුව තමා මට තේරෙන්නේ නැත්තේ ..
තේ කෝප්පෙත් කිඹුල්ලු හොයන මිනිස්සු ඉන්න රටේ මොකක් දුන්නත් සැකයි. ඉන්දියාවෙන් ගිලන් රථ සේවය ලබාදුන්නු වෙලාවේ දැන් ඇමතිවරු වෙලා ඉන්න සමහරු දමපු හපුටු ෂෝ මතකනේ? පොඩ්ඩක් ඉවසලා අමාරු වෙලාවේ ලැබෙන දෙයින් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගන්න. දොස්තරලට සහ පරීක්ෂණාගාර ශිල්පීන්ට ඉඩදෙමු.
මෙහේ කවදාවත් pcr පරීක්ෂණ යන්ත්‍රවත් ඒවාට ගන්න swabs වත් හදලා නැහැ. pcr යන්තරයක් හදන්න බැහැ.