(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත ප්‍රථම රෝගියා ඩුබායි රටේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක් විය යුතු පුද්ගල ලැයිස්තුවට ඇතුළත් නොවූයේ කුමන පදනමකින් දැයි අදටත් අභිරහසක් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඔහු ඉකුත් 17 වෙනි දින ඩුබායි රටට ගොස් දින දෙකක් එහි ගත කර 19 වෙනි දින මෙරටට පැමිණ තිබුණි .
මෙම පුද්ගලයා නිවසට පැමිණීමෙන් අනතුරුව දින හයක කාලයක් අටුලුගම ප්‍රදේශයේ සංචාරය කර තිබුණි.
ඉකුත් 26 වෙනි දින එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ වීමත් සමඟම රෝහල් ගතකළ අතර එදින සිට 31දක්වා එම රෝග ලක්ෂණ පහල කල ඔහුගේ මව, පියා සහෝදරයා සහ සහෝදරිය රෝහල් ගත කිරීමට පියවර ගත් අතර ඔවුන් 5 දෙනා මේ වන විටත් වසංගත රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම තත්වයත් සමඟම ඉකුත් 28 වැනිදා සිට බණ්ඩාරගම අටුලුගම ග්‍රාම සේවා වසම් 7 ක් හුදකලා තත්ත්වයකට පත් කිරීමට සිදු විය.
විදේශ ගතව සිට මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධායන ක්‍රියාවලියට ලක්විය යුතු බව මාර්තු මස මුල් සතියේදී රජය මගින් තීරණයක් ගෙන තිබියදී ඩුබායි රටේ සිට මෙරටට පැමිණි අටුලුගම මාරාව පුද්ගලයා නිරෝධාන ක්‍රියාවලියට ලක් කිරීමට ගුවන් තොටුපල බලධාරින් අවශ්‍ය පියවර ගත්තා නම් බණ්ඩාරගම අටුලුගමට මෙවැනි තත්ත්වයක් උදා නොවන බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත.
COMMENTS
නිතරම ඩුබායි යන එන ඔය වර්ගයේ අයවලුන්ගේ බිස්නස් එක තියෙන්නේ ක්‍රම සහ විධි මගින් බව කව්ද නොදන්නේ? ඇතුලෙම වැඩක් වෙන්න ඇති. මොනවා උනත් කමක් නැහැ එයාට විතරක් . රටේ අනිත් අයට බෝ කරලා ගමේ එකා නියම මාරයෙක් වෙන්න දුන්න එකට නම් කණගාටුයි.
හරිම සරල පිළිතුරක් නේ මෙම පැනයට අපට දිය හැකි. ඒ සදහා දිව්‍යලෝකේ ඥානය අවශ්‍ය නැහැනේ. ගුවන්තොටුපොළේ අදාළ අංශවල " නිලධාරි වෙස් ඇන්ද ඌරු තඩියෙක් " උදව් කරන්න ඇති ස්ථිරවම. නැතුව මෙම ඌරා ඉර්ධියෙන් අවේ නැහැනේ... එසේ නැතත් ගුවන් බලපත්‍රය, පිටවුනු වෙලාව , පිටවුනු දොරටුව, CCTV කැමරාවලින් නිරීක්ෂණය කිරීමෙන් පහසුවෙන්ම මෙම " ඌරාගේ " පැටිගිරිය පහසුවෙන්ම සොයාගත හැකි නොවේද? එක අතකින් මේවා මිනිසුන්ට කියවීමට පුවතක්ද යන්නත් ගැටලුවකි.
ඇයි එතකොට ස්විස්ටර්ලන්තේ සිට පැමිණි කොරෝනා අසාදිත පුජකයා පැමිණියේත් ඔය දවස් කිට්ටුව නේද ? ඔහුවත් කිසිම නිරෝධායන ක්‍රියාවලියකට අසුවුනේ නැහැනේ.
අවදානම් රටවල් 11 කින් පැමිණි අයවලුන් පමණි නිරෝධායනයට යොමුකළේ....
නිරෝදනයට ලක් කලේ ඉතාලියෙන් පැමිණි අයවලුන් පමණයි මා දන්නා විදියට. ඉන්දියාව වැනි අනෙක් රටවල් වලින් පැමිණි අය සම්බන්ද රජය තීරණය කරලා තිබුනේ නැහැ .
ඒකනේ පසුගිය කාලයේ cctv දානවට තරයේ විරුද්ධ වුණේ.... කට්ටිය ස්ට‍්‍රයික් පවා කලා මතක අයට මතකයි...
ගුවන් තොටුපල වසා දැමුනේ මාර්තු 19දා. ඒ දින තෙක් අනිවාර්ය නිරෝධායනයට යොමු කලේ කොරියාව, ඉරානය , යුරෝපීය රටවලින් පැමිනි මගීන්ය. ඊට පසුව විශේෂ ගුවන් යානා මගින් ගෙන්වා ගත් දඹදිව වන්දනාවේ ගිය අයත් නිරෝධායනයට යොමු කලා. 19 දා දක්වා අනෙකුත් රටවලින් පැමිණි අය සාමාන්‍ය ලෙස ගුවන් තොටුපලින් පිටව ගියා. හැබැයි මාර්තු 1 වෙනිදා ට පසුව ලංකාවට ගොඩබට සියලු දෙනාට අදාළ පොලීසියේ ලියාපදිංචි වී නිවසට වී සවයං නිරෝධායනය වන ලෙස රජය දැනුම් දුන්නා. ඒ නිසා මෙයා ගුවන් තොටුපලින් පැන ගියා සිතිය නොහැක.
නිලධාරීන්ගේ දුර්වලතා මිස වෙන කුමක්ද ?
ඌරගෙන් ජරාව කන තව ඌරන් ඇති.. රේගු, ආගමන විගමන වැනි තැන්වල මේ වගේ අය ඉන්නවා...
බොහොම පැහැදිලි සුද්ධ සිංහලෙන් කිවොත් " ක්‍රම සහ විදි " . කොරෝනා වගේම තව කොච්චර දේවල් මොහු මෙරටට රැගෙන එන්න ඇතිද? කොච්චර දේවල් රටින් පිට කරන්න ඇතිද? කියක් සිසිටිවී කැමරා පසුකරන්න ඇතිද? පිටපස්සේ ඉන්නා කට්ටිය? සල්ලි කුට්ටිය?
එක්කෝ ගමන් බලපත්‍ර දෙකක් අරන් ඇති, එහෙම නැතිනම් වෙන රටකට යන විදියට ටිකෙට් එක අරගෙන ට්‍රාන්සිට් මගියෙක් විදියට රටට ඇතුළු වෙන්න ඇති. මේ ලඟදි අභාවප්‍රාප්ත වුනු මාධ්‍යවේදියෙක් විදේශයක දේශපාලන රැකවරණ ඉල්ලා තිබියදී රටේ හිටපු ප්‍රබල දේශපාලඥයෙකු ඔහුව රටට ගෙන්වාගෙන මාධ්‍ය ප්‍රධානියකු කරලා පසුව මුලින් කී රටේ දේශපාලන රැකවරණෙත් අඛණ්ඩව ආරක්ෂා කරගෙන ඒ රටේ පුරවැසියෙක් වෙන්න මගපාදා දුන්නේ එහෙමයි. ඔය කියන ගුවන් යානයෙන් අාපු ට්‍රාන්සිට් මගින් සේරම ඊළඟ ගමනාන්තෙට යන ගුවන් යානෙට නැගලද කියලා බැලුවා නම්... ඒ දවස්වල නම් ට්‍රාන්සිට් වීසා වලින් රටට ඇතුළු වෙන මගින් ගැන කොහෙවත් දත්තයක් නැහැ.
අපේ රටේ ඕනෑතරම් ප්‍රධාන ආගම් තුනේම ලෝකෙන් ඉහළටම ගිය උගත්, බුද්ධිමත් ආගම් නායකයන් සිටින නිසා ඉන්දියාවෙන් වත්, මලයාසියාවෙන්වත්, ස්විට්සර්ලන්තෙන්වත් කළු පූජකයන් මේ රටට අවශ්‍ය නැහැ. මින් ඉදිරියටවත් කිසිම පිටරට පූජකයෙකුට අපේ මේ උතුම් බුද්ධ දේශය අපිරිසිදු කිරීමට නොයෙන ලෙසට වීසා නීති ඉතාමත් කල්පනාවෙන් සහ දිගුකලක් ගතකර නිකුත් කළ යුතුයි. අපේ ස්වාමීන් වහන්සේ නමකට වීසාගන්න බැරිව පිටරට පන්සල් කීයක් වහගෙන ඉන්නවද? මේ සංසිද්ධියට සම්බන්ධ පූජකයින් බ්ලැක් ලිස්ට් කරන්න ඕනේ...
මම වැඩකරන්නේ ගුවන් සමාගමක නිලධාරියෙක් විදියට. අපිට පේනවා ආගමන ගුවන් මගීන් නිරෝධායනයට ලක් කිරීමට සදහා රජයේ නිවැරදි වැඩපිළිවෙල අනුව දොස්තර මහතුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ ගෙනයන අසීරු, කැපකිරීමක් සහිත වැඩපිළිවෙල. එහෙත් අපි දකිනවා ගුවන් තොටුපල සහ අනෙකුත් "ආගමන විගමන, රේගු නිලධාරීන් මෙම වැඩපිළිවෙලේදී මොනතරම් කුහක ලෙස හැසිරෙනවද කියලා. පහුගිය ආණ්ඩුව සමයේ මුස්ලිම් වගේම දෙමළ ජාතිකයන් විශාල පිරිසක් රජයේ ඉතාම වැදගත් රාජ්‍ය ආයතන වන "ආගමන-විගමන" "රේගුව" වැනි ආයතන වලට අතුල්කරනු ලැබුවා. ඔවුන් බහුතරයක් සිංහල ජාතිකයන් මෙන් රටට ආදරය ඇති පුද්ගලයන් නොවෙයි. අපහට අලුතින්ම ලැබෙන ආරංචි අනුව නිරෝධායන කළ යුතු ඔවුන්ගේ ජාතියේ පුද්ගලයන් පැමිණිවිට ඔවුන් විසින් ඔවුන්ගේ මිතුරන්ගේ රාජකාරි හැදුනුම්පත උපයෝගී කරගෙන "ස්ටාෆ්" ලෙස ගෙනගොස් එළියට දමන බව පැවසෙනවා. දැනටම මෙහෙමනම් ඔවුන් රටේ අනෙකුත් රාජ්‍ය ආයතනවල අරක්ගත් පසු රටට වන වින්නැහිය අලුතෙන් කියන්න ඕන නැහැ.