ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (14) මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද දිනයේ මේ දක්වා වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15 ක් බවද ඒ මහතා සඳහන් කළේය.
මේ වනවිට වාර්තා වී රෝගීන් 14 දෙනාම කොරෝනා ආසාදිත රෝගීන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් අයෙක් ද , පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 8 දෙනෙක්ද , මුලංකෝවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 4 දෙනෙක් සහ තවත් නිරෝධායන මධ්‍යස්ථානයකින් එක් අයෙකු වශයෙන් ආසාදිතයන් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 61 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.

COMMENTS
මෙච්චර කාලයක් යනකන් Pcr ටෙස්ටින් අමතක කළානේ කට්ටිය...
නිරෝගී පුද්ගලයන් නිරෝධායන ස්ථානවලට ගෙනගොස් කොරෝනා බෝ කිරීම වහාම නතර කරනු.
අල්ලපු ගෙදරකට ගලක් ගහලම වැඩ අල්ලන්න පුළුවන් විදිහේ සිංහල අවුරුද්දක් උදා වෙලා තියන එක ගැන, මට නම් ඇත්තේ මාර සතුටක්...
ළඟින් ඇසුරු කරන අය මිසක් දුරස්ථව ඇසුරු කරන අයට නෙවෙයිනේ වැළඳෙන්නේ. කොරෝනාවෙන් ඡන්දයට යන්න බැරි පාටක් වගේ නේද පෙනෙන්නේ?
නිරෝධායන මධ්‍යස්ථාන රෝගය පතුරුවන ස්ථාන බවට පත් වෙලාද?
මේකෙන් පෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් එලියට එද්දී රෝගියෙක් වෙලා කියන එකද.?
හැම නිරෝධායන මධ්‍යස්ථානයක්ම නම් කරල අන්තිම එක විතරක් තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් කියන්නෙ ඇයි? නිකමට අහන්නේ මාර්තු 19 බේරුවල රෝගියා නිරෝධායනය නොවී ගෙදර ගියෙ කොහොමද ? ඉතාලියේ ඉදල ආව ෆ්ලයිට් එකේ ආව සමහරු ගෙදර ගියේ කොහොමද? ඉතාලියේ ඉදලා ආව අය පමණක් නිරෝධායනයට ගිහින් පොඩි පොඩි හිල් තියනවා. ඒවා අත්වැරදීම්ද නැත්නම බෙදන හැන්දේ වරදක්ද? සහනාධාර බෙදිල්ලත් එහෙමලු. කොහොම උනත් මේ විවේචනයක් නොව දකින අඩුපාඩු රජයේ වැඩපිළිවෙල ප්‍රශංසනීයයි. හේතුව ඉතාලිය මාර්තු 11වෙනි දින මරන 299 දිනකට වාර්තා කරනවා. මාර්තු 19 වෙනකොට 432 යි. දිනකට වාර්තා කරනවා. මාර්තු 27වෙනකොට මරණ 789 ක් වාර්තා කරනවා. දිනකට ඉන්පසු අප්‍රියෙල් 7වෙනකල් දිනකට 800-900අතර තවම බැරිඋනා 500අඩුකරගන්න. තවමත් දිනකට ආසාදිතයින් 3000-4000ත් අතර හොයාගන්නවා. රජයේ වැඩපිළිවෙල ඉතා විශිෂ්ඨයි. කොතනකවත් හිල් තියන්න එපා. ලොකු පොඩි කියා. හැමෝම එකාවන්ව පෙළ ගැසෙමු .අපිට පුලුවන්. අපි අලුමතින් නැගීසිටි ජාතියක් ඒකට උර දෙන්න මේ වෙලේ. අපි හැමෝම සහයෝගය දෙමු.