( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වනාතවිල්ලුවේ පාසලක ඉගෙනුම ලැබු දරුවන්ට සහරාන් ගේ කණ්ඩායම අවි පුහුණුව දී ඇති බව මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ සිටින දරුවකු ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන අරඹා ඇත.
මෙම පාසල 2008 වසරේ ආරම්භ කර ඇති බවත් එය 2018 වසර අවසානය දක්වා පවත්වාගෙන ගොස් ඇති බවද කියයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මව්පියන් අහිමි ඉස්ලාම් දරුවන් 35 ත් 40 ත් අතර පිරිසක් මෙහිදී අධ්‍යාපනය ලබා ඇති බවත් කියයි. මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙල දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවත් කියයි.
මෙම අරාබි පාසල 2019 අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙය වු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා බවට සැලකෙන සහරාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබේ.
එසේම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින මෙම අරාබි පාසලේ රැඳී සිටි 14 හැවිරිදි දරුවකු විසින් සිදුකරන ලද පාපොච්චාරණයක් අනුව පැවසෙන්නේ මෙම ආරාබි පාසල තුළ විවිධ වයස් වල දරුවන් රැදි සිටි බවයි. එසේම එහි දරුවන්ට ගිනි අවි යොදා ගනිමින් වෙඩි තැබීමේ පුහුණු විම් දුන් බවද ඇතැම් පුහුණු විම වලදි ඉලක්ක වෙත වෙඩි තැබිමට සිදුවු බවද මෙම දරුවා පවසයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම දරුවා ඇතුළු සැකකරුවන් පිරිසක් මෙම ස්ථානයට රැගෙන විත් තිබු බවත් වෙඩි පුහුණුව සිදුවු බව පැවසෙන ස්ථානය දරුවා පෙන්වා ඇතත් එහි මේ වන විට කර ඇති ඉදිකිරිමක් හේතුවෙන් එය සනාථ කර ගැනිම ගැටළු තත්වයක් මතුව ඇති බවත් කියැවේ.
මෙම දරුවා පවසා ඇත්තේ විවිධ වාහන වලින් පැමිනි පුද්ගලයින් මෙම ස්ථානය පවත්වාගෙන යාම සඳහා පාලනාධිකාරියට විශාල මුදල් දී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ අත් අඩංගුවේ පසුවන හිටපු ඇමති වරයකුගේ සොහොයුරෙකු හා නිතිඥයකු විසින් විසින් මේ පිළිබදව යම් තොරතුරක් දි ඇති බවටද තොරතුරු ලැබෙමින් පවති.
සහරාන්ගේ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය ස්ථානයක් ලෙස ජනවාරි 16 දින සොයා ගැනුන වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත සිට මෙම කරතිව් ප්‍රදේශය කිලෝ මිටර් 15 කට ආසන්න දුරකින් පිහිටා තිබේ. එසේම මෙම අරාබි පාසල අවට එක් ජන කොටසක් පමනක් වාසය කර ඇති බවටද වාර්තා වෙයි.
COMMENTS
මේ ගෙවලයන් තව ටිකකින් ලංකාව විනාශ කරනවාට සැකයක් නෑ...
ඒ ඒ අංශවලින් කලයුතු දෙය කිරිමට වටපිට පරිසරයද හොදින් සැකසී තිබෙන බව අමුතුවෙන් මෙම අංශවලට කිව යුතුද? සාමකාමී සමාජයකට එම සාමකාමිත්වය විනාශ කරන පිළිල කිසිසේත්ම අවශ්‍ය නැත. ඒ අක් මුල් සියල්ල ගලවා පුළුස්සා දැමීම කල යුතුය. එය සමාජයට මහත්වූ සෙතකි.
ජනවාරි වලදි සොයාගත් ආයුධ ගබඩාවෙ පුපුරණ ද්‍රව්‍ය පවා තිබුන. ඒ ගැන නිසි විමර්ශනයක් සිදු වුනා නම් පාස්කු දින ප්‍රහාරය නවත්තන්න තිබුණ.
පැරණි පාර්ලිමේන්තුව තිබුනනම් සමහරු කියයි ඒක මොන්ට්සෝරියක් කියලා.
තවමත් අපේ කට්ටිය සහරාන්ට මහා මොළකරු ත්‍රස්ත කණ්ඩායමේ නායකයා කියල අමතනවා. නමුත් දැන් හොදටම පැහැදිලි සහරන් කියන පුද්ගලයා මෙම ප්‍රහාරයේ සුළු සාමාජිකයෙක් පමණක් බව. මේක මෙහෙයවපු මහා මොළකරුවෝ ,නායකයෝ තවමත් නිදැල්ලේ ඇති..
එකල දැහැමෙන් සෙමෙන් වැජඹුන ආරක්ෂක ඇමති පුර්ණ බලැති ජනපතිනම් කිමද මේ මැතිසබයක් පමණක් අල්ලාගෙන නටන රැඟුම? එතකොට ඒ උතුමා? සියලු දොස්වලින් නිදහස්?
හිටපු ජනපති,අගමැති,හමුදාපති,ආරක්ශක ලේකම්,පොලිස්පති,රහස් පොලිස් ප්‍රධානී සහ හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේ ගැන වගකීම බාරගත යුතුයි.වහාම මොවුන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්ම කරන්න. ප්‍රභාකරන් ගොඩ නැගුනේත් ඔය අයුරින්මයි.
මැතිවරණයක් කිට්ටුව එනකොට පහුගිය ආණ්ඩුව තමන් බලයේ සිටි කාලය පුරාවටම කලේ අර තාදුජීන්ගේ ඇට කටුවක් ගොඩට ගත්තු එක. මේ රජය යටතේ සහරාන්ගේ පාස්කු ප්‍රහාරයත් එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
බියගම, මල්වාන වල්ගම ප්‍රදේශයේ ඔය වගේ මුස්ලිම් අනාත ළමා කඳවුරක් කියල පවත්වාගෙන ගිය ස්ථානයක් පාස්කු ප්‍රහාරයේ තොරතුරු සොයද්දී වැටලීමක් කළා. එකේ හිටපු ළමයි ඉවත් කරලා තිබුන. හැබැයි එක ගැන කිසිම දෙයක් ඊට පස්සේ අහන්නට, දකින්නට ලැබුනේ නැහැ.