IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අදත් කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

අද(01) දිනය තුළ මේ දක්වා, ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 25දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

ඊයේ(30) රාත්‍රිය වනවිට ආසාදිතයන් 665ක් බවට පත්ව තිබූ අතර, ඊයේ දිනය ඇතුළත තහවුරු කෙරුණු මුළු  කොරෝනා රෝගීන් සංඛ්‍යාව 16කි.

මේ අතර, අද දහවල් 12.00 වන විට තවත් ආසාදිතයකු හඳුනාගැනිනි.

එතැන් සිට මේ දක්වා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 690 ක් වේ.   

කෙසේවෙතත් සුවය ලබා රෝහලින් පිටව ගිය පුද්ගලයන් ගණන 162ක් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.



අදහස් (13)

අදත් කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන්

Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 06:54 PM

මෙහෙම වාතාවරණයක් තියෙද්දී රට අරිනවලු.. අනේ මන්දා...

:       9       288

BamunuarachchiFriday, 01 May 2020 08:38 PM

රටේ වර්තමාන covid-19 වතාවරණය පිළිබද අවබෝධයක් තිබෙන්නාවූ වෛද්‍ය වෘත්තිකයෙකු පසු පෙළට දමා ඒ වෙනුවට සියල්ලදත් වෛද්‍යවරියක මෙන් දක්වන්නාවූ රගපෑම ජනතාවට ගැටළු සහගතවේ.

:       73       149

AnuraSaturday, 02 May 2020 04:47 AM

පොකුරු තුනයි තියෙන්නේලු. හැබැයි ඒ පොකුරු තුන රටම ආවරණය වෙන විදිහට විසිරිලා තියෙන්නේ. නේවී එකේ සාමාජිකයන්ව රෝගයෙන් ආරක්ෂාවීම ගැන හරි හමන් පුහුණුවක් නොදී ආරක්ෂක උපකරණ නොදී නිරෝධායන කටයුතු වලට යෙදවූ ඉහළ නිලධාරීන් මේකට වග කියන්න ඕනේ.

:       205       314

ravi02Saturday, 02 May 2020 08:03 AM

ලෝක මාරාන්තික වසංගතයක් ඉදිරියේ, සේවකයින් පුහුනුකිරීමක් සිද්දවෙන්නේ නැහැ. ඒත් මේ සේවකයින්ට, තමන් ආරක්ශාවෙන හැටි කෙටි පාටමාලාවකින් තෙරුම්කරලා දීලා ඉතා සුරක්ෂිත ඇදුම්කට්ටලයකින් යුතුව තමයි මේ හදිසි අවස්තාවට සේවකයින් සපුරාගත්තේ.. කොරෝනා රෝගීන්ට බෙහෙත්, ප්‍රතිකාර කරන්නේ වෛද්‍යවරුන් ... ඒත් මේ කෙටිපාටමාලාවන් හදාරපු සේවක සේවිකාවන් කරන්නේ, ඇප.. උපස්ථාන පමණයි... මේක තමයි ලෝකෙපුරාම මේ අවස්ථාවේ සිද්දවෙමින් පවතින්නේ..

:       32       1

උත්තමාචාරයSaturday, 02 May 2020 09:04 AM

එම නිලදාරීන්ට මෙම වාතාවරණයේ නොගැළපෙන කමිටුවක තනතුරු දීම කළ කිසි දැක්මක් නැති, අනුන්ගේ අවවාද නොඉවසන නායකයන් පත් කරගත් අපි මේ සියල්ලටම වග කිවයුතුය. අශ්වයන්ව ගස් නගින්න යොදා, වදුරන්ට දුවන ජොබ් දුන් අපේ වැඩකරන විරුවා ඇතුළු විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලය ට අපගේ හදපිරි උත්තමාචාරය. දැන් සතුටුයිද ?

:       405       434

gamageSaturday, 02 May 2020 09:32 AM

රණවිරුවෝ චන්දෙට විකුණන් කන අය තමයි දැන් ඒකේ වගකීම ගන්න ඕනේ.

:       0       111

Rohana Saturday, 02 May 2020 01:25 AM

කොරෝනා ආසාදිතයකු අසලින් ගියත් බෝවන රෝගයක් නිසා අපරික්ෂාකාරී වීම රෝගය පැතිරීමට හේතුවයි.

:       0       34

de silva Saturday, 02 May 2020 04:02 AM

රට මාස 1 1/2 වැඩි කාලයක් වහලා තිබුනා. දැන් ක්‍රම ක්‍රමයෙන් රට අරින්නේ නැතුව වෙන විකල්පයක් නැහැ. නමුත් නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින්, කටයුතු කරන්න වෙනවා. පල්ලි මංගල්‍ය , වෙසක් උත්සව , මගුල් ගෙවල් , චන්ද රැස්වීම් , රෙස්ටුරන්ට් , වැනි දේවල් කරන්න වෙන්නේ නැහැ .

:       0       103

peiris Saturday, 02 May 2020 05:20 AM

චන්ද රැස්වීම් නොතිබ්බට කමක් නෑ..චන්දේ කොහොමහරි ජුනි 20 තියෙන්න ඕනේ නේද??

:       25       20

ranaSaturday, 02 May 2020 11:03 AM

චන්දය තිබිය යතු බව ඇඳිරි නිතිය ලිහිල් කල යුතු බව තර්කයක් නැහැ. මේ අවස්ථාවේ චන්දයේ මුදල් සම්බාරය රට ගොඩ ගන්න යොදන එක නොවේද විය යුත්තේ ?

:       0       22

lalith perera Saturday, 02 May 2020 05:30 AM

අද?

:       1       5

janahitha Sunday, 03 May 2020 02:32 AM

මේ අවස්ථාවේ දුෂකයන් මත්ද්‍රව්‍ය ව්‍යපාරිකයන් වනය කපන්නන් එකතුකර බලය පිහිටුවිමේ කිසිම අවශ්‍යතාවක් නැහැ.

:       0       0

lalithm Sunday, 03 May 2020 04:35 AM

චන්දෙ යකාට ගියත් අපිට කමක් නැහැ. එහෙත් රට සාමාන්‍ය තත්වයට එන්නේ නැතිනම් ජන ජීවිත කඩා වැටෙනවා. එදිනෙදා හම්බකරලා ජීවත් වෙන රටක් ලංකාව. නැතිව ටික දෙනෙක් හැරුනම අනිත් අයට හොරා කාලා හරි හරියට හොයලා හරි ගොඩ ගහපු තැන්පත් ධනයක් නැහැ. තදබල නීති යටතේ ගොවි, කම්කරු, පුද්ගලික ව්‍යාපාර නැවත ක්‍රමයෙන් ආරම්භ කරන්න ඕනේ. කන්නවත් සොයා ගන්න බැරිව ගම්වල ලතවෙන මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නවා. බොහෝ රජයේ සේවකයින්ට මේ වගේ කාලා ජයමගුල් උනාට පුද්ගලික අංශයේ සහ කුලී වැඩ වලින් දිවි ගෙවන්නන් විනාශ වෙනවා. ඔවුන් තමා රට පවත්වාගෙන ගියෙත්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31638 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site