IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට

(නිමන්ති රණසිංහ)

වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිත සෙබළුන් සමීපව ඇසුරු කළ කඳවුර තුළ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් 2193 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය.

සෞඛ්‍ය අංශවල නිර්දේශයන්ට අනුව වයිරසය පැතිරීම පාලනය කිරීම ස`දහා මෙම නාවික හමුදා සාමාජිකයින් ති‍්‍රවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත එලෙස යොමු කළ බව යුද හමුදාපතිවරයා කීය.  

මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයින් 578 දෙනකු කොරෝනා වයිරසය ආසාදිතව ඇති අතර, එම සාමාජිකයින්ගෙන් 237 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක්කර පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති බවත්, නාවික හමුදා සාමාජිකයින් 341 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් යුද හමුදාපතිවරයා කීවේය.

යුද හමුදාපතිවරයා එසේ පැවසුවේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (21) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ 27 දෙනකු, වස්කඩුව ස්ටී‍්‍රස් මධ්‍යස්ථානයේ 09 දෙනකු, දියගම මධ්‍යස්ථානයේ 24 දෙනකු, ජෙට්වින් බ්ලූ මධ්‍යස්ථානයෙන් 06 දෙනකු ගල්කිස්ස හෝටලයෙන් 06 දෙනකු සහ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 10 දෙනකු ද වශයෙන් නිරෝධායන මධ්‍යස්ථානවලින් 82 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලියෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණවලට ලක්කර අද (21) සිය නිවෙස් වෙත පිටත් කර හරින ලද බවද යුද හමුදාපතිවරයා කීය.

ඒ අනුව, අද (21) දින වන විට ති‍්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් 10255 දෙනකු නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් වී ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

ති‍්‍රවිධ හමුදාව ම`ගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක 4112 දෙනකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.



අදහස් (2)

වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට

SL Thursday, 21 May 2020 04:32 PM

ආරක්ෂක මූලස්ථානය ඉස්සරහට CPC නැතිව IOC ෂෙඩ් එකක් ආවේ කොහොමද?

:       1       4

Jaya Saturday, 23 May 2020 01:03 PM

දැන් බලාගෙන ගියාම කොරෝනාවලින් සාමාන්‍ය ජනතාව බේරගන්න එක ලේසියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site