(ඉන්දික අරුණ කුමාර සහ මහේෂ් කීර්තිරත්න)
මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.
විදුලි සැර වැඳීමෙන් මියගොස් ඇත්තේ මාතලේ - සැලගම ප්‍රදේශයේ පදිංචිව සිටි රන්දිල් පියුමන්ත ජයසිරි නැමැති 24 හැවිරිදි අයෙකු සහ එම ලිපිනයේම පදිංචිව සිටි සජිත් ප්‍රසන්න ජයවර්ධන නැමැති 23 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
කුඩා ලොරි රථයකින් කොස් කැඩීමට සඳහා අංකන්ද වත්ත ප්‍රදේශයේ ඉඩමකට පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවත් කොස් ගසක් යට නතර කර තිබූ ලොරි රථයට එකවරම කොස් අත්තක් කඩාවැටුණු බවත් එම ඉඩමේ මුරකරු සඳහන් කළේය.
කොස් අත්ත අධිබලැති විදුලි රැහැනක පැටලී ලොරිය මතට කඩාවැටුණු බව ඉඩමේ මුරකරු වැඩිදුරටත් පැවසීය.
විදුලි රැහැන ඇද වැටුණු පසු ලොරි රථය ගිනි ගත් බවත් රියදුරු අසුනේ සිටි පුද්ගලයෙකු ඉන් පිටතට ඇදීමට තවත් පුද්ගලයෙකු උත්සහ කරන අයුරු දුටු බවත් ඉඩමේ මුරකරු සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත ඇති බවත් වැඩිදුර විමර්ෂන මාතලේ හා මහවෙල පොලිසිය මගින් සිදුකරන බවත් පොලිසිය කීය.



(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ! දෙවියනේ .. මෙහෙමත් විපත් .. මොන කරුමයකටද මේ තරුණයන් දෙදෙනා මේ ඛේදජනක ඉරණමකට පාත්‍ර වුණේ ..?
බලවත් කණගාටුව.... තරුණ ජීවිත.... 2ක්
පුද්ගලික වත්තක් හරහා කොස්ගස් වලටත් පහලින් අධි බලති විදුලි රැහැන් අදින්නේ නැහැ. මේ වත්තේ සාමාන්‍ය (240)V වියයුතුයි. රියැදුරා කැඩුණු කම්බිය අල්ලන්ඩ ඇති.
පෙනෙන හැටියට උත්සහ වන්ත තරුණයෝ දෙන්නෙක්. බොහොමයක් තරුණයින් හන්දි ගානේ ත්‍රිවිල් වල සහ තවත් සමහර අය නිකරුනේ සහ විෂමාචාර ක්‍රියාවල නියැලෙමින් කාලය ගත කරන විට කොස් කඩා විකුණා දිවිය සරු කර ගැනීමට උත්සාහ කල දිරිමත් තරුණයින් දෙදෙනෙක්. නමුත් ඔවුන්ගේ ධෛර්යවන්ත කමට වැඩිය අකුසල කර්මය බලවත් වෙලා. පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ...
ඉතාම සංවේග ජනකයි! ජීවිතයේ සුන්දරම කාලේ වෙච්ච විපත්තියක්. නිවන් සුවය පතමු....!
විදුලි බල මණ්ඩලය ඊට සම්පූර්ණයෙන් වග කිව යුතුයි. අධිබල විදුලි රැහැන්වලට ඉහළින් කිසිම බාධකයක් තියෙන්න බැහැ. විදුලි බල මණ්ඩලයට එරෙහිම නීතිමය පියවර ගන්න.
ඔව් සිරි, අපේ කට්ටිය හැමදාම කඩා වැටිච්ච 240 වෝල්ට් විදුලි වයර අධි සැර කියලා ප්‍රමෝට් කිරීම හැමදාම වැරැද්දක්...!
විදුලි බල මණ්ඩලය ඊට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. අධිබල විදුලි රැහැන්වලට ඉහළින් කිසිම බාධකයක් තියෙන්න බැහැ. විදුලි බල මණ්ඩලයට එරෙහිම නීතිමය පියවර ගන්න. ක්‍රමයක් ලංකාවේ නැහැ එය සුපිරි ආයතනයක් සාමාන්‍යාධිකාරිවරුන් ප්‍රකෝටිපතියන් වෙලා විදුලි කණුවලට වඩා ඉන්නවා.. හොයන්න ගියොත් වැඩවර්ජන කරනවා. මේ එ්කාධිකාරය බන්ධනාගාරය වැනිය.