IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට

(ඉන්දික අරුණ කුමාර සහ මහේෂ් කීර්තිරත්න)

මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.

විදුලි සැර වැඳීමෙන් මියගොස් ඇත්තේ මාතලේ - සැලගම ප්‍රදේශයේ පදිංචිව සිටි රන්දිල් පියුමන්ත ජයසිරි නැමැති 24 හැවිරිදි අයෙකු සහ එම ලිපිනයේම පදිංචිව සිටි සජිත් ප්‍රසන්න ජයවර්ධන නැමැති 23 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

කුඩා ලොරි රථයකින් කොස් කැඩීමට සඳහා අංකන්ද වත්ත ප්‍රදේශයේ ඉඩමකට පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති බවත් කොස් ගසක් යට නතර කර තිබූ ලොරි රථයට එකවරම කොස් අත්තක් කඩාවැටුණු බවත් එම ඉඩමේ මුරකරු සඳහන් කළේය.

කොස් අත්ත අධිබලැති විදුලි රැහැනක පැටලී ලොරිය මතට කඩාවැටුණු  බව ඉඩමේ මුරකරු වැඩිදුරටත් පැවසීය.

විදුලි රැහැන ඇද වැටුණු පසු ලොරි රථය ගිනි ගත් බවත් රියදුරු අසුනේ සිටි පුද්ගලයෙකු ඉන් පිටතට ඇදීමට තවත් පුද්ගලයෙකු උත්සහ කරන අයුරු දුටු බවත් ඉඩමේ මුරකරු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත ඇති බවත් වැඩිදුර විමර්ෂන මාතලේ හා මහවෙල පොලිසිය මගින් සිදුකරන බවත් පොලිසිය කීය.

(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර )



අදහස් (8)

ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට

සමිත සේනක අලුත්ගමගේ Saturday, 06 June 2020 10:22 AM

අනේ ! දෙවියනේ .. මෙහෙමත් විපත් .. මොන කරුමයකටද මේ තරුණයන් දෙදෙනා මේ ඛේදජනක ඉරණමකට පාත්‍ර වුණේ ..?

:       0       114

Mr Don Saturday, 06 June 2020 03:32 PM

බලවත් කණගාටුව.... තරුණ ජීවිත.... 2ක්

:       0       74

Siri Saturday, 06 June 2020 03:46 PM

පුද්ගලික වත්තක් හරහා කොස්ගස් වලටත් පහලින් අධි බලති විදුලි රැහැන් අදින්නේ නැහැ. මේ වත්තේ සාමාන්‍ය (240)V වියයුතුයි. රියැදුරා කැඩුණු කම්බිය අල්ලන්ඩ ඇති.

:       0       9

Pradeep Saturday, 06 June 2020 05:26 PM

පෙනෙන හැටියට උත්සහ වන්ත තරුණයෝ දෙන්නෙක්. බොහොමයක් තරුණයින් හන්දි ගානේ ත්‍රිවිල් වල සහ තවත් සමහර අය නිකරුනේ සහ විෂමාචාර ක්‍රියාවල නියැලෙමින් කාලය ගත කරන විට කොස් කඩා විකුණා දිවිය සරු කර ගැනීමට උත්සාහ කල දිරිමත් තරුණයින් දෙදෙනෙක්. නමුත් ඔවුන්ගේ ධෛර්යවන්ත කමට වැඩිය අකුසල කර්මය බලවත් වෙලා. පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ...

:       0       71

පූජා Saturday, 06 June 2020 05:46 PM

ඉතාම සංවේග ජනකයි! ජීවිතයේ සුන්දරම කාලේ වෙච්ච විපත්තියක්. නිවන් සුවය පතමු....!

:       0       47

මුණසිංහ Sunday, 07 June 2020 01:50 AM

විදුලි බල මණ්ඩලය ඊට සම්පූර්ණයෙන් වග කිව යුතුයි. අධිබල විදුලි රැහැන්වලට ඉහළින් කිසිම බාධකයක් තියෙන්න බැහැ. විදුලි බල මණ්ඩලයට එරෙහිම නීතිමය පියවර ගන්න.

:       3       7

jayath Sunday, 07 June 2020 02:40 AM

ඔව් සිරි, අපේ කට්ටිය හැමදාම කඩා වැටිච්ච 240 වෝල්ට් විදුලි වයර අධි සැර කියලා ප්‍රමෝට් කිරීම හැමදාම වැරැද්දක්...!

:       0       0

janahanda Sunday, 07 June 2020 10:12 AM

විදුලි බල මණ්ඩලය ඊට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. අධිබල විදුලි රැහැන්වලට ඉහළින් කිසිම බාධකයක් තියෙන්න බැහැ. විදුලි බල මණ්ඩලයට එරෙහිම නීතිමය පියවර ගන්න. ක්‍රමයක් ලංකාවේ නැහැ එය සුපිරි ආයතනයක් සාමාන්‍යාධිකාරිවරුන් ප්‍රකෝටිපතියන් වෙලා විදුලි කණුවලට වඩා ඉන්නවා.. හොයන්න ගියොත් වැඩවර්ජන කරනවා. මේ එ්කාධිකාරය බන්ධනාගාරය වැනිය.

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site