IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පර්පෙචුවෙල් ටෙෂරීස් සමූහයේ තවත් අධ්‍යක්ෂවරයකුට වරෙන්තු

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරයකු වූ අජාන් ගාර්දියෙ පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) වරෙන්තු නිකුත් කළේය.
 
එසේම, මෙහි අනෙක් සැකකරුවන් වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුවෙල්  ටෙෂරීස්  සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුලු 07 දෙනෙකු අභියාචනාධිකරණයෙන් හෝ වෙනත් අධිකරණයෙන් නියෝගයක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මෙහි සැකකරුවන් වන්නේ, හිටපු මුදල් අමාත්‍ය සන්දේශ් රවීන්ද්‍ර කරුණානායක, පර්පෙචුවෙල් ටේ‍රෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝෂෆ් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පළිසේන, එහි සාභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස්, එහි අධ්‍යක්ෂකවරුන් වන, චිත්ත රංජන් හුලුගල්ල, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරී සංගරපිල්ලේ පදුමනාපන් සහ සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරී බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අයවලුන් ය.
 
2016 මාර්තු 29 සහ 2016 වර්ෂයේ මාර්තු මස 31 වැනිදා යන දෙදිනට අදාළව පැවැති බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 51.98ක ප්‍රමාණයක් සාවද්‍ය පරිහණය කළැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අංක බී 16089 නව නිතී කෘත්‍යයට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු වී තිබිණී. එම සිද්ධිය ලබන 18 වැනිදා යළි මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇත.
 



අදහස් (5)

පර්පෙචුවෙල් ටෙෂරීස් සමූහයේ තවත් අධ්‍යක්ෂවරයකුට වරෙන්තු

Nuwan Wednesday, 17 June 2020 10:02 AM

ජනාධිපතිතුමා රටම ඉස්සරහා තදින් බනින්නම ඕනෑ... මේගොල්ලන්ට වැඩ කරන්න මතක් වෙන්න. පඩිය අතට ගන්නත් ඔච්චර අමතක වෙනවද දන්නේ නැහැ.

:       14       151

ana Wednesday, 17 June 2020 10:28 AM

මහඡන්දෙ තියෙනකම් මහජනයා ජොලියේ තියන්න ඕනෑ...

:       221       232

විසල් Wednesday, 17 June 2020 11:47 AM

මේ මහා මුදල් මංකොල්ලයට නඩු නොදමා මග හැරීමට ගත් උත්සාහයන් සියල්ලම අසාර්ථක වී අවසානයේ නඩූ දැමීමට යහපාලනයේ පැවති ලිච්ඡවී රාජ්‍යයට සිදු වුණා.. 'හොරු' කවුරුන්දැයි දැනටම පසක් වී අවසන්... තෑගි බෝග වශයෙන් සුඛෝපභෝගි නිවාස දෙකක් එක් නිවසක් ලෙස ලැබී තිබුණා නේද?

:       0       54

සෑම් Wednesday, 17 June 2020 11:56 AM

මහ බැංකු නිලධාරීන්ට කළ හැකි දෙයක් නැත. සියළු බැංකු හොරු රජ පවුලේ විවාහ මංගල උත්සව වලට පවා සහභාගි වෙන පවුලේ ළඟම හිතවතුන්... ඔය වරෙන්තු මැතිවරණ ළංවෙනකොට රටේ ඉන්න දෙපා හරක්ට පුන්නක්කු දීමෙන් පසු අනුභවයට දෙන රස කැවිලි...

:       473       528

Gayan Wednesday, 17 June 2020 12:46 PM

එයාලා රටේ ඉන්නවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site