තිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියට රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 13 October 2022
විද්‍යුත් හැඳුණුම්පතක් පෙන්නා කෝටි 266ක් ගිලලා විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදිමේ ව්‍යාපෘතිය වසර 16 තිස්සේ අවසන් කරන්නට අසමත් වුවද ඒ සඳහා රුපියල් කෝටි 266න් වියදම් කර ඇතැයි විගණකාධිති දෙපාර්තමේන්තුව පවසයි. 12 October 2022
ගල්අඟුරු ආනයනයේදී අත යට ගැහිල්ලක් වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර අඩු මිල දර්ශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටෝන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දීර්ඝකාලීන ප්‍රසම්පාදන යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. 12 October 2022
බ්‍රිතාන්‍යයේ රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි කෘත්‍රිම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවාය. 12 October 2022
ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 11 October 2022
ගොඩ කළ වගුර යළි වගුරක් කරනු රාගම මත්තුමගල ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ කළ ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිලි වහාම කඩා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය දුන් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා එම ඉඩම කලින් තිබූ තත්ත්වයට පත්කරන්නැයි නියම කළේය. 10 October 2022
ඩොලර් නැතිව බොරතෙල් නැව දින 20ක් මුහුදේ බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවකට ගෙවීමට ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබෙන බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය. 10 October 2022
පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 09 October 2022
’’රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක’’ එයාට බනින්න එපා රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනම එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය . 09 October 2022
පන්සල් - පල්ලි හෙට අඳුරේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් විරෝධය පා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන හෙට (9) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කරමින් කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇතැයි සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ. 08 October 2022
22කට පොහොට්ටුවේ පිරිසක් විරුද්ධ වේ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන්,එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ ගැටලුවක් මතුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 08 October 2022
සපුගස්කන්ද යළි වැසෙයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 October 2022
මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2022
මානව හිමිකම් යෝජනාවට ලංකාව විරෝධය දක්වයි මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ රණවිරුවන්ව ඉලක්ක කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ 51/5 යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වන බව ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය. 05 October 2022
පා.මන්ත්‍රී සනත්ට සිතාසි අරගලයට අදාල අධිකරණ ක්‍රියාමාර්ග විවේචනය කළැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය සනත් නිශාන්තට 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද සිතාසි නිකුත් කළේය. 05 October 2022
කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල ඉහළට කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 04 October 2022
‘සිපෙට්කෝ’ තෙල් ඇනවුම් නොකරයි ‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් හෙට (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 October 2022
ආහාර හිඟයට තෙල්-උද්ධමනයත් හේතුවක් උද්ධමන අනුපාතය සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජනය කරන බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ප්‍රකාශ කළේය. 02 October 2022
අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කරයි කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. 01 October 2022
පෙට්‍රල් මිල අඩුවෙයි පෙට්‍රල් මිල අද (1) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 October 2022
පළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයි පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත. 30 September 2022
කෝටි 532 බදු වංචා කළැයි ඇලෝසියස්ට සිතාසි රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා සිතාසි නිකුත් කර ඇත. 29 September 2022
ජනපති පිලිපීන ජනපති හමු වෙයි ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 September 2022
තඹුත්තේගම කොල්ලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි තඹුත්තේගම ප්‍රදේශයේදී සිදුවූ කෝටි දෙකක මුදල් මංකොල්ලයට සම්බන්ධ යැයි අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 28 September 2022
ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 27 September 2022
ජනපති විදෙස් සාකච්ඡා අරඹයි ජපානයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ටෝකියෝ නුවරදී සාකච්ඡා පවත්වා තිබෙි. 27 September 2022
ජනපති පාස්කු වගඋත්තරයෙන් ඉවතට පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුකරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය. 26 September 2022
පැහැරගත් ඉන්ධන බවුසරය බේරාගන්න හන්තානේ මහ යුද්ධයක් මහනුවර හන්තාන කන්දේ සවිකර ඇති පුද්ගලික දුරකතන සමාගමක සම්ප්රේ තාක්ෂණ කුළුණක අවශ්‍ය රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඩීසල් තොගයක් ගිය ඉන්ධන බවුසරයක් අද අලුයම මග හරස් කර නවතා රියදුරු සහ සහයකට පහර දී එම බවුසර් රථය පැහැරගෙන ගැනීමට තැත්කළ කොල්ලකරුවන් දෙදෙනකු මහත් වෙහෙසක් දරා මහනුවර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 September 2022
පොල් නියම ආහාරක් රට තුළ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මවාපෑමක් බවත් එවැනි තත්ත්වයක් තිබේ නම් එයට වෛද්‍යවරු සෘජුවම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.- 24 September 2022
මන්දපෝෂණය වැඩි විය හැකියි ඉදිරි කාළයේදී රටතුල මන්දපෝෂණ තත්වයේ සැළකිය යුතු වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුතගේ මහතා පැවසීය. 24 September 2022
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026