(යොහාන් භාසුර)
රියදුරු සහයකයන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (25) පෙරවරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.
නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය රැසක් ධාවනය කළ කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර නිල වශයෙන් නිවේදනය කළ ද එම දුම්රිය වැඩි සංඛ්‍යාවක දුම්රිය ද අවලංගු කර ඇති බවත් ප්‍රධාන මාර්ගයේ අද පෙරවරුවේ ධාවනය කිරීමට තිබූ අවලංගු කර ඇති බවත් එම නිලධාරියා කීය.
දුම්රිය රැසක් හිටිහැටියේ අවලංගු කිරීමෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ප්‍රධාන මාර්ගයේ ගම්පහ සිට කොළඹ කොටුව දක්වා පැමිණීමට සිටින මගීන් පැය දෙකක පමණ කාලයක් මේ වන විට දුම්රිය ස්ථානවල රැඳී සිටින බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙහි හැමදාම ලියන්නේ,රටේ මහජනතාවගේ යහපත වෙනුවෙන් මේ මඟුල පිටරට හොඳ කොම්පැණියකට විකුණා දැමීමට කටයුතු කරන ලෙසටයි.මේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ,මහජන සේවය කිසිසේත් හරිහැටි නොකොට සේවකයන්ගේ සුඛ විහරණය පිණිස තිබෙන දෙයක් බවයි. කෝච්චි එන්ජින් මග කැඩෙනවා. බොහෝ පෙට්ටි කසිකබල් ඉවත දැමූ ඒවා විශාල මුදලක් වැය කොට නැවත සකස් කළ ඒවා.මේවා ගවයන් ප්‍රවාහනයට හෝ සුදුසු නැහැ.ඒ මදිවට ස්ට්‍රයික්.දුම්රිය මාර්ග අබලන්.කොටින්ම කිව්වොත් මේ මඟුල විකුණා දමා ජනතාවට හොඳ දුම්රිය සේවයක් ලබා දිය යුතුයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කරනු.
දුම්රිය සේවය අද පවතින කඩාවැටිමට සේවකයින් වගකිවයුතුයි දුම්රියේ ටිකට් නිකුත් කරන නිලධාරීන් මිනිස්සුන්ට කතාකරන්න තේරෙන්නේ නැහැ විශේෂයෙන් මහනුවර දුම්රිය ස්ථානයේ නගරාන්තර දුම්රියට ප්‍රවේශපත්‍ර නිකුත් කරන නිලධාරීන් කෙල්ලෙක් අහුවුනොත් ඇඹලයාම තමයි අනිත් අයට ටිකට් නොදි කතාව තමයි පිරිමි කෙනෙක් ඇහුවොත් කඩාගෙන පනිනවා සල්ලි කලබලෙට නොබලන නිසා වැඩියෙන් ගන්නවා එහෙම තත්ත්වයක් උඩ හොදම පිලියම දුම්රිය සේවය පෞද්ගලිකකරණය කිරිමයි එවිට දුම්රිය සේවකයින් විනයක් ඇතිව මගින්ට කතාකරාවි.
අද (නත්තල් දවසේ) වගේ දවසක වැඩ වර්ජනයක් ?
කළු දවසක්
ඔය ටික පරණ යකඩවලට විකුණලා කඩේ වහලා දැම්ම නම් එක තර්ජනයක් වර්ජනයක් ගර්ජනයක් නෑ. පාඩු ලබනවනම් පැය 24ම වැඩ කරලා ලාභ උපයන එකනේ කරන්න ඕනි. පාඩුයි පාඩුයි කිය කියා හැමදාම මිනිස්සු මහ මග. අනෙක් ඕවා පාලනය කරන්න බැරිනම් පුටු රත් නොකර මිනිසුන්ගේ සල්ලි කාබාසිනියා නොකර ගෙවල් වල යන්න. මේ රට හදන්න තියෙන එකම ක්‍රමය වර්ජන සහමුලින්ම තහනම් කරලා සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බට පත් කිරීම සහ හැකි සියලුම අංශ පෞද්ගලිකරණය කිරීමයි.
මේ කාලකන්නි හරියට කරන්නේ වර්ජනය විතරයි. මාසයක් දිව්වේ නැතත් කමක් නෑ මුන්ට දෙන දඬුවමක් දෙන්න.
I'm a assistant manager of the department of the private sector. If any of doing such things I immediately terminate their's contract. Government must be strong. But they can't, because they are extremely corrupted. Nimal siripala de silva owning a pice of land which was belong to railway department.
Why dont you privatize this mess... we need a proper service not news like this
උඩ ඉඳන් තියෙන කමෙන්ට් ටික දැක්කම නම් පේන්නෙ ආපහු පාරක් ජනාධිපතිවරනයකදි රැවටෙන්න ඕන තරම් සුදුසුකම් තියෙන මහජනතාවක් පෙල ගැහිලම ඉන්නවා කියන එක තමයි..ඕක විනාශයට දුම්රිය සේවකයින් වගේම මගීන් බහුතරයක්මත් වග කියන්න ඕනෙ.විශේෂයෙන්ම කාර්‍යාල දුම්රිය තුල ඇති කරගෙන තියෙන උපසංස්කෘතිය නිසා සාමාන්‍ය පොදු ජනතාවට දුම්රිය අප්‍රසන්න වෙන බව සඳහන් කල යුතුයි .සමිත සේනක වැනි මහදැනමුත්තතලාගේ ප්‍රශස්ති ගායනා වලට නොරැවටී සිටීමත් ඉතා වැදගත්ය .
දුම්රිය දෙපාර්තමේන්තුව දේශපාලුවන්ගේ හෙන්චයියලාට රැකියා ලබාදෙන ස්ථානය.එක වැඩේට හතර දෙනෙක් ඉන්නවා.මේ දේශපාලුවෝ ඔය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ.
ඔව් එය කළ යුතුයි. දුම්රිය සේවයේ සියලුම අනවශ්‍ය, කම්මැලි, අකීකරු, දූෂිත, නොහික්මුණු සේවකයන් සේවයෙන් පහ කිරීම හෝ ඉවත් කිරීම කළ යුතුය. ඔව් ඇත්ත වශයෙන්ම එය වහාම පෞද්ගලීකරණය කළ යුතුය.
මෙය පෞද්ගලීකරණය කළ යුතුයි. මට ඉන්දියානු දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ අත්දැකීම් ඇති අතර එය විශිෂ්ට සේවාවකි. මෙම දූෂිත CGR ඉන්දියානු දුම්රියට පවරා ගැනීමට ඉඩ දෙන්න. එහි සියලුම සේවකයින්ට OT පැය සමඟ වැටුප් ගෙවන බවත් වැටුප් ලේඛනය සමඟ මූලික පැය ගණනක් නොමැති බවත් වාර්තාවක් තිබේ.
ආණ්ඩුව හරි කැමතිවෙයි...ජනතාව ට දෙන බිලියන 27 ක සහනාධාරය නවත්වන්න..(අනිවාර්යයෙන් එය එසේ විය යුතු යි.)..නොමිලයේ ම මෙන් යන දුම්රිය මගියාත් කිරිදෙන මවගේ පියයුරු හපාකන ජාතියේ අය...මේක විනාශ කරන දේශපාලකයො හා ඔවුන්ගේ ඇම්බැට්ට නිලධාරීන් අනිත් වගකිවයුත්තන්....වහාම අදානි....වැනි සමාගම කට මෙය විකුණා දමා ඉන්දියන් මොඩලයේ සේවය ක් ලංකාවට දීමෙන් මෙම ගැටලුව විසඳිය හැකියි....
එකම විසඳුම පාරවල් රජය යටතට තබාගෙන දුම්රිය සේවය පෞද්ගලික අංශයට පැවරීමයි.. සමාගම් මගින් නව දුම්රිය දිගු කිරීම්. විදේශීය හෝ දේශීය. කමක් නැත. සාමාන්‍ය ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දෙමින් ඔවුන්ගේම අරමුදල්වලින් එය පවත්වා ගැනීමට හැකි විය යුතුය. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව 1991 සැප්තැම්බර් මාසයේදී සංස්ථාවක් බවට පරිවර්තනය කරන ලද අතර පසුව වසර 05 කට පසුව පුද්ගලික පොදු හවුල්කාරිත්වයක් වෙත මාරු කරන ලදී. එය රාජ්‍ය සේවය ලිහිල් කිරීමට හොඳ උදාහරණයක්...