IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි

(පුෂ්පකුමාර ජයරත්න සහ අනුර ජයන්ත)

කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ  2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා  නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව  නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත

2023 අයවැය කෙටුම්පත ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරන විරුද්ධ පක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ ඇතුළු පිරිස , ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරයා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රී වරයා, ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ සහ රජිත ජයවර්ධන යන නාගරික මන්ත්‍රී වරුන් මෙම ලිපියට අත්සන් කර ඇත.

2022.12.20 පැවති විශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර පරාජයට පත් වූ 2023 අයවැය කෙටුම්පත සභිකයන් වැඩි පිරිසක ගේ විරෝධය මැද සම්මත වූ අයවැයක් ලෙස සළකා ඉදිරියට කටයුතු කරන බවත්, නැවත ඡන්ද විමසීමක් නොකරන බවත් පවසා සභිකයන් ට අදහස් දැක්වීමටද අවස්ථාව ලබා නොදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සභාවේ කටයුතු නිමා කළ බව ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ.

 



අදහස් (5)

පැරදුණු අය වැය නගරාධිපති සම්මත කරයි

සෙනෙවිරත්න Sunday, 01 January 2023 12:51 AM

ඔය රාජපක්ෂ කුක්කට කියල වැඩක් නැහැ, හිරේ ඉන්න ඕන මිනිහෙක් , රාජපක්ෂ හිතන විදිවට වැඩේ කරාවි.

:       2       32

Perera Sunday, 01 January 2023 06:51 AM

ඔව් ඉතින් ජනමතයකින් තොරව ජනාධිපතිත් පත්වීම අරන් ඔය යස අගේට ඉන්නේ.

:       2       20

RD Sunday, 01 January 2023 12:17 PM

හොද වැඩක්. පාර්ලිමේන්තුවට මේක අදාලයි.

:       1       3

fairoos Sunday, 01 January 2023 12:46 PM

ජොන්ස්ටන්ගේ ගෙදරට ගහනකොට මෙයාටත් වැඩේ දෙන්න තිබ්බෙ.

:       1       22

sampath Sunday, 01 January 2023 06:35 PM

පළාත් පාලන ආයතන විසුරුවනකම් ඔ්ක හමස් පෙට්ටියේ තමයි. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් අර්ථය. දිනුවොත් ජයග්‍රහණයක් පැරදුනොත් ඔට්ටු නෑ. අපරාදෙ ඡන්දයක් තිබේ. නිකම්ම සම්මත කරගන්න තිබුණෙනේ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site