‘‘ඇමතිගේ කතාවෙන් වී මිල ඉහළ ගියා‘‘ ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හේතුවෙන් මේ වනවිට කිලෝ 64 ක වී මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පවසයි. 13 June 2022
‘‘මිනිසුන්ගේ දුක හදවතට තදින් දැනෙනවා‘‘ ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් පුවත් ඒජන්සි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 12 June 2022
ලංවීම වැඩකට නැති විදුලි ජනන යන්ත්‍ර 50 මිලට අරන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 310 ක් වැයකර වැඩ නොකරන( ක්‍රියාකාරී නොවන ) විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදී ගෙන කර ඇතැයි පැවසෙන දූෂණයක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව ) දැඩි අප්‍රසාදය පළවී ඇත. 12 June 2022
ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි? රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 11 June 2022
විශ්වයෙන් අබිරහස් සංඥාවක් ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති. 10 June 2022
බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. 09 June 2022
තෙන්නකෝන්ට එරෙහිව විමර්ශනයක් ගාලුමුවදොර දි ඉකුත් 9 දින ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය ගැන මූලික විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. 09 June 2022
බැසිල් යයි - ධම්මික එයි ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 08 June 2022
ඇමති ජොන්ස්ටන්ට වරෙන්තු හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළේය. 08 June 2022
අගමැතිගෙන් සැර ප්‍රකාශයක් පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 June 2022
ජොන්ස්ටන්ගෙන් රීට් පෙත්සමක් ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත . 08 June 2022
රන්ජන්ට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් අධිකරණයට අපහාස කිරිමේ සිද්ධියට අදාල දෙවැනි නඩුවෙන් වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) නියෝග කළේය. 07 June 2022
ඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම් 2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කළේය. 06 June 2022
එරොෆ්ලොට් ගුවන් යානයට රුසියාවට යන්න අවසර රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් පිටවීමට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය දුන් වාරණ නිරුසියානු ”ඒරෝෆ්ලොට්” ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (06) නියම කළේය.යෝගය අත්හිටුවීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කළේය. 06 June 2022
ශ්‍රී ලංකාව-රුසියාව අතර ගුවන් තැපැලුත් නවතියි ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 06 June 2022
ගේට්ටුකරු ඉන්ධන නැතිව අතර මඟ:දුම්රිය ගේට්ටුව ළඟ මාතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු වසා නොතැබූ අවස්ථාවේ එම ස්ථානය පසු කිරීමට නියමිතව තිබූ සාගරිකා සීඝ්‍ර ගාමී දුම්රියේ රියැදුරාගේ විමසිලිමත්කම නිසා සිදුවන්නට ගිය අනතරු වැලක් වළක්වා ගැනීමට අද අලුයම හැකි විය. 06 June 2022
ලාෆ් ගෑස් මිල ඉහළට ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ. 05 June 2022
කෘෂි ඇමැති පස්සා දොරොන් පැන යයි අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයක් ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් පිටව ගියේය. 04 June 2022
එරෝෆ්ලෝට් වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 04 June 2022
ගුවන් යානය තබා ගැනීම ලිඛිත එකඟතාවය බිඳීමක්? අයර්ලන්ත රක්ෂණ සමාගමකට වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැනීම පිළිබඳව දෙරට අතර මතභේදාත්මක තත්වයක් හට ගනිමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි. 03 June 2022
මල්වාන නඩුවෙන් බැසිල් - නඩේෂන් නිදහස් දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය. 03 June 2022
රුසියානු මගී යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතා ගනී රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ . 02 June 2022
හිටපු ඇමති පුතා බිරිය සමග පොලිසියට තගක් දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙයි. 02 June 2022
දුමින්ද සිල්වා අත්අඩංගුවට ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගක කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 June 2022
මත්තල - රත්මලාන වැසෙයි ? දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වේ. 31 May 2022
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය. 31 May 2022
ශෂි වීරවංශට ඇප ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31) නියෝග කළේය. 31 May 2022
‘‘මහින්ද ඉවත් කිරීම ජීවිතයේ ගත් අසීරුම තීන්දුවයි‘‘ තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 31 May 2022
කොත්තු බාස් දැරියගේ මරණය ගැන වමාරයි බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි ෆාතිමා අයේශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කොත්තු හදන්නකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 30 May 2022
දේශබන්දුට දින 14ක් නිවාඩු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දින මහතා දින 14 ක කාලයක් සදහා නිවාඩු ගොස් ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි. 30 May 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026