(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ළමයින් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 5 ට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහාය අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද සියයට 286 කින් 2022 වසරේ වැඩි වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
එපමණක් නොව ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ ආහාර අනාරක්ෂිත භාවය තවත් දරුණු අතට හැරෙතැයි අනුමාන කර ඇති අතර මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් 66000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් 2 දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා බැවින් එම පවුල් වලට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කළ හැක්කේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් බව එම වාර්තාව පෙන්වා දී තිබේ.
උද්ධමනය හේතුවෙන් පවුල් බොහොමයක් තමන් ඉතුරු කරගත් මුදල් බොහොමයක් වියදම් කර අවසන් බවත් එම පවුල් තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් රාජපක්ෂලාගේ ගෙවල්වල කිරියෙන්, පැණියෙන් ඉතිරෙනවලු...!
විසිල් තමයි. බල්ටි නෑ...
කෝ මේ සෞඛ්‍ය ඇමති...? මේවත් බොරුද දන්නේ නෑ. දේශපාලකයින් බලය ගන්නේ කොහොමද, තියෙන බලය රැකගන්නේ කොහොමද කියලා වෙහෙසෙනවා. ඔය ළමයි ගැන බලන්න වෙලාවක් කොහේද? තව බදු ගහපල්ලා... ගහලා ඇමැතිවරුන්ගේ සුඛ විහරණය සඳහා යොදවපල්ලා... එතකොට ඔය මන්දපෝෂණය අඩුවෙයි.
හෙට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොට්ටන් දෙන්නෙක්ව දාලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා එම පුවත සම්පූර්ණ අසත්‍යයක් කියලා කියයි. ඔහොම කියපු දොස්තර කෙනෙක්වත් ගෙදර ඇරියානේ. වැඩ බැරි වුණත් නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා...
යුනිසෙෆ් නිලධාරීන්ගේ වැඩ තහනම් කරමු...!!!
69 ලක්ෂයක් මී හරකුන් සීරු මාරුවට දුන් ඡන්දයේ තවත් ප්‍රතිඵලයක්...
UNICEF revealed the malnutrition among the children in SL. . The rulers are responsible to this situation.
මයින්, කපුටු, නරියන්ට උන්ගෙ දරු මුණුපුරු සියලු දෙනාටම උන් කන කෑම විසවේවා.
ඔය පාර්ලිමේන්තුවේ දවසකට කෝටි ගානක් වියදම් කරලා ඔය මැති ඇමතිවරු ඔච්චර කතාකරලත් ළමයින්ට මන්දපෝෂණය තියෙනවා කියන එක විශ්වාස කරන්න පුලුවන්ද... අනික සෞඛ්‍ය ඇමැති කීවනේ කට කැඩෙනකම් ඔය දොස්තර මහත්තුරු කියන්නේ බොරු එහෙම එකක් ලංකාවේ නෑ කියලා. එහෙම කියපු දොස්තර මහත්තය දැන්ගෙදරද කොහෙද . මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. නැද්ද ඇමතිතුමෝ. අපේ ළමයි ඔය අපුරුවට ඉන්නේ.
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ .56 ක් වෙච්චි එකේ අගට බින්දු තුනක් දාලා කෙන්ද කරලා අපේ හාමුදුරුවනේ
මෙන්න නියම සත්‍යය හෙලිකරන වාර්තා, බොරු පච ආටෝප නෑ.