IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මෙරට දරුවන් 56000 කට උග්‍ර මන්දපෝෂණය

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ළමයින් 56,000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 5 ට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාව පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහාය අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද සියයට 286 කින් 2022 වසරේ වැඩි වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

එපමණක් නොව ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ ආහාර අනාරක්ෂිත භාවය තවත් දරුණු අතට හැරෙතැයි අනුමාන කර ඇති අතර මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවත් 66000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 5 කින් 2 දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරාගැනීම සඳහා බැවින් එම පවුල් වලට අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කළ හැක්කේ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

උද්ධමනය හේතුවෙන් පවුල් බොහොමයක් තමන් ඉතුරු කරගත් මුදල් බොහොමයක් වියදම් කර අවසන් බවත් එම පවුල් තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බවත් එම වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (13)

මෙරට දරුවන් 56000 කට උග්‍ර මන්දපෝෂණය

ganegoda Sunday, 20 November 2022 02:14 PM

රනිල් රාජපක්ෂලාගේ ගෙවල්වල කිරියෙන්, පැණියෙන් ඉතිරෙනවලු...!

:       4       33

senaSunday, 20 November 2022 02:30 PM

මන්දපෝෂණේ වුණාට කමක් නැහැ ... ඉන්න රටක් තියෙනවනේ...! 

:       5       23

කිරිපුතා Sunday, 20 November 2022 02:23 PM

විසිල් තමයි. බල්ටි නෑ...

:       3       13

Gamiyek Sunday, 20 November 2022 02:43 PM

කෝ මේ සෞඛ්‍ය ඇමති...? මේවත් බොරුද දන්නේ නෑ. දේශපාලකයින් බලය ගන්නේ කොහොමද, තියෙන බලය රැකගන්නේ කොහොමද කියලා වෙහෙසෙනවා. ඔය ළමයි ගැන බලන්න වෙලාවක් කොහේද? තව බදු ගහපල්ලා... ගහලා ඇමැතිවරුන්ගේ සුඛ විහරණය සඳහා යොදවපල්ලා... එතකොට ඔය මන්දපෝෂණය අඩුවෙයි.

:       2       33

සඳුන් Sunday, 20 November 2022 03:02 PM

හෙට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොට්ටන් දෙන්නෙක්ව දාලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා එම පුවත සම්පූර්ණ අසත්‍යයක් කියලා කියයි. ඔහොම කියපු දොස්තර කෙනෙක්වත් ගෙදර ඇරියානේ. වැඩ බැරි වුණත් නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා...

:       1       30

GKS Sunday, 20 November 2022 03:12 PM

යුනිසෙෆ් නිලධාරීන්ගේ වැඩ තහනම් කරමු...!!!

:       1       25

කුමාර Sunday, 20 November 2022 03:15 PM

69 ලක්ෂයක් මී හරකුන් සීරු මාරුවට දුන් ඡන්දයේ තවත් ප්‍රතිඵලයක්...

:       2       31

Rohana Sunday, 20 November 2022 04:05 PM

UNICEF revealed the malnutrition among the children in SL. . The rulers are responsible to this situation.

:       1       15

PereraMonday, 21 November 2022 06:29 AM

A nation gets the leaders/rulers that they deserve. - Sir Winston Churchill.

:       0       1

Kumara Sunday, 20 November 2022 05:59 PM

මයින්, කපුටු, නරියන්ට උන්ගෙ දරු මුණුපුරු සියලු දෙනාටම උන් කන කෑම විසවේවා.

:       2       6

පුරවැසියෙක් Sunday, 20 November 2022 09:55 PM

ඔය පාර්ලිමේන්තුවේ දවසකට කෝටි ගානක් වියදම් කරලා ඔය මැති ඇමතිවරු ඔච්චර කතාකරලත් ළමයින්ට මන්දපෝෂණය තියෙනවා කියන එක විශ්වාස කරන්න පුලුවන්ද... අනික සෞඛ්‍ය ඇමැති කීවනේ කට කැඩෙනකම් ඔය දොස්තර මහත්තුරු කියන්නේ බොරු එහෙම එකක් ලංකාවේ නෑ කියලා. එහෙම කියපු දොස්තර මහත්තය දැන්ගෙදරද කොහෙද . මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. නැද්ද ඇමතිතුමෝ. අපේ ළමයි ඔය අපුරුවට ඉන්නේ.

:       0       4

Perera Monday, 21 November 2022 09:50 AM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ .56 ක් වෙච්චි එකේ අගට බින්දු තුනක් දාලා කෙන්ද කරලා අපේ හාමුදුරුවනේ

:       0       3

Appuhami Monday, 21 November 2022 11:15 AM

මෙන්න නියම සත්‍යය හෙලිකරන වාර්තා, බොරු පච ආටෝප නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site