(යොහාන් භාසුර)
දුම්රිය කාල සටහන සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට තීරණය කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට (21) ගැනීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
දුම්රිය මාර්ගය අබලන්වීම නිසා වේග සීමා පැනවීමෙන් දුම්රිය ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කර මීට පෙර වෙරළබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කළ බවත් සෙසු මාර්ගවල ද ඒ ආකාරයෙන්ම වෙලාවේ වෙනසක් කරන බවත් ගුණසිංහ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් සුද්දා ලංකාව අත්හැර ගොස් පෙබරවාරි වෙනකොට අවුරුදු 75ක් වෙනවා. ඉතින් ඔය කෝච්චි පාරවල් හදලා තියෙන්නේ සුද්දගේ කාලෙට ගැලපෙන ආකාරයට තමයි. ඒකනේ 1976 වෙනවිට නිතර නිතර වැස්ස වහින (රත්නපුර) කැළනිවැලි දුම්රිය මාර්ගය අබලන් කියලා වසා දැම්මේ. අපි අනෙක් ටිකත් වහලා ඉඩම් ටික යාලුවන්ට දීලා අධිවේගී පාරවල් ටිකක් හදමුකෝ... එතකොට අවශ්‍යවෙන බස් යොදවා රැකියා දෙන්නත් පුළුවන් වේවි. අනෙක් වාහන වලටත් කොපමණ රැකියා දෙන්න පුළුවන්ද? එහෙමනේ අපි රැකියා ප්‍රශ්න විසඳන්නේ...!
1956 දී, රම්පාලා මහත්තයාගේ කාලෙදී, යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය හඳුන්වා දුන්විට උතුරේ ජනතාව ඉතාමත් සතුටු වුණා. පැය 7කින් කොළඹ සිට යාපනයට යෑමට හැකිවීම පිළිබඳව මෙයට දින කීපයකට පෙර එම දුම්රියම කොළඹ සිට යාපනයට යාමට පැය 12ක් ගතවී තිබුණා. වසර 66කදී දුම්රිය දෙපාර්තමේන්තුව ලැබූ දියුණුව ප්‍රශංසනීයයි.
ඔය සීජීආර් එකේ සමිතිකාරයින් ටික ඉන්නකන් ඕකේ ප්‍රශ්න... ඕක පුද්ගලීකරණය කරන්න ඕනෑ ඉක්මණට. එතකොට හරියට වැඩකරයි... ඔය වැඩේ නොකරන්නේ කාලකණ්ණි තමයි.
වැඩ කරන සෙට් එකයි.., මළකඩ කාපු දුම්රිය ටිකයි එක්ක විකුණන්න ඕනෑ වෙන රටකට...