(මුදිතා දයානන්ද)
රජය විසින් 2006 සිට 2021 වසර දක්වා සිදුකළ රුපියල් කෝටි අටලක්ෂ විසිදහසක අයෝජන වලින් ඉදිකිරිම් හෝ මිලදි ගැනිම් හෝ වෙනත් ආයෝජන වලින් එකතු කරගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් රුපියල් කෝටි පන්ලක්ෂ හතලිස් එක්දාහක වත්කම් 2021 වසර අවසන් වන විට හඳුනාගත නොහැකි වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙය ප‍්‍රතිශතයක් ලෙස ගත හොත් සිදුකළ ආයෝජනවලින් සියයට 66ක් බවද එහි දැක්වේ.
මෙම ආයෝජන වලින් ගිණුම් ගතව තිබෙන්නේ රුපියල් කෝටි දෙලක්ෂ අසුදහසකට ආසන්න වටිනාකමකින් යුත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.
එම වාර්තාවට අනුව ඉහත කාල සීමාව තුළ සිදුකළ රාජ්‍ය ආයෝජන ප‍්‍රමාණය කෝටි 8,19,900ක් වන අතර වටිනාකම් හ\ුනාගත් වත්කම් වන්නේ කෝටි 2,78,400කි. කෝටි 5,41,500ක වත්කම් හඳුනාගෙන රාජය මූල්‍ය ප‍්‍රකාශනයට ඇතුළත් කර නැත.
2005 වසරේ සිට 2014 දක්වා කාල පරාසය තුළ නිකුත් කළ මූල්‍ය ප‍්‍රකාශන වල මුල්‍ය නොවන වත්කම් ගිණුම් ගත කර නොතිබුණ බවද ඒවා ගිණුම් ගත කර තිබුණේ 2015 වසරේ සිට බවද එම වාර්තාවේ සඳහන් වේ.
මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් සියල්ලෙහි වටිනාකම් හඳුනාගෙන ගිණුම් ගත කළ යුතු බවට විගණනකාධිපති දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයට නිර්දේශ කර තිබේ.
මහා භාණ්ඩාගාරය 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ රාජ්‍ය මූල්‍ය ප‍්‍රකාශනය ඇසුරෙන් සිදුකළ විගණන වාර්තාවක මේ බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම මේ සල්ලි සාටක හැතිකරේගේ විදේශ ගිනුම් වල ඇති
අපේ දේශපාලුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ හපන්කම් තව එමටයි. රාජ්‍ය පරිපාලනයේ දුර්වලකම සහ වරදට දඩුවම් නොදීම නිසා අපි දුක දරාගමු. මක්නිසාද දූෂිත අකාර්යක්ෂම පාලකයින් පත් කරගන්නේ අප විසින්මය.
අතුරුදහන් වූ ණය සියල්ලටම වගකිව යුත්තේ රාජපක්ෂ පවුලයි.
වට්ටපු රට ගොඩ ගන්න සැදී පැහැදී ඉන්නෙත් මේ හොර හැතිකරයම තමයි. කලින් දෙපිලක හිටපු එවුන් දැං එකට එකතුවී හොරා කනවා. ආර්ථික අර්බුදය තුළත් හැකි පමණ මාටියා පාර දාගන්න බලන්නෙ. ආධාර ලැබුණත් ඖෂධ නෑ. බාල බොර තෙල්, ගල් අඟුරු මගඩි වලීනුත් ගසා කනවා. රට ගොඩ නගන්න තියන විසඳුම ලෙස කියන්නෙ හොරු ඇල්ලීමත් හොරකම් මැඩලීමත් නොව නැට්ටටම බදු ගැසීම හා ලාබ ලබන ආයතන විකිනීමත් හැර වෙන විසඳුමක් නොමැති බවයි.
මෙහෙම නාස්ති වුනත් ඒවා සියල්ලම බුලත්විට විකුණා ජීවත්වන කෙනාගේ සිට සියලු ජනතාව බදු මගින් ගෙවන්න ඕන .මෙහෙම වෙන්නෙ අලුතින් පත්වන ජනාධිපති හිටපු ජනාධිපති ගෙන් (රජයේ සේවකයින් නිළධාරින් අනුප්‍රාප්තිකයාට වැඩ බාරදෙන ලෙසට ) වැඩ භාර ගැනීමක් නොකිරීම ලේකම් වරයා හෝ වරිය ඇමතිගේ මනාපය තිබෙනතුරු පමණක් සිටීමත් ලේකම් වරයා හිටපු ලේකම් ගෙන් රාජකාරි භාර ගැනීම නොකිරීම මේවාට හේතුවක් වෙනවා එහෙම වුනාම කොපමණ වංචා කලත් අල්ලන්න බැහැ මේ නිසා නොපමාව සියලු අංශ සදහා ජාතික ප්‍රතිපත්ති සැකසීම කලයුතුය සියලු ව්‍යාපෘති අදාල දෙපාර්තමේන්තු හා සංථාව මණ්ඩල විසින් වාර්ෂිකව පසු විපරම් කිරීම අනිවාර්ය කල යුතුය ඒ බව අමාත්‍යාංශ ලේකම් සංථාව සභාපති වැනි අයගේ වගකීම ලෙසට පනත් මගින්ම නියම කරන්න ඕන
ඔය ආයෝන වල සල්ලි කොටි 01ගානෙ වගේ ලන්කාවෙ හැම පවුලකටම බෙදල දුන්නම් ඊට වඩා හොඳ නැද්ද?
අපේ රට තාම තියෙන එකයි පුදුමෙ.
අපේ මහින්ද මහත්තයානම් ඕවට අල්ලගන්න එපා. ඒ මනුෂ්‍යයා තුන් හිතකින්වත් හොරකම් කරන්නෙ නෑ
එතකොට මහ බැංකුවෙන් පෙන්නන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය කියලා චිත්‍රයක් ද?
විගණනය කරන අය ප්‍රායෝගික නැහැ. 2005 ඉදලා තමයි ඉදිකිරිම් ක්ෂ්‍රෙත්‍රයේ විශාල පෙරලියක් වුණේ. අධිවේගි මාර්ග ඇතුලු රටේ යටිතල පහසුකම් සංවර්ධනය ඉතිහාසයේ කවරදාටවත් වඩා සිදු වුණේ. ඉතින් අඩු පාඩු වෙලා ඇති. මිනිස්සුන්ට අවශ්‍ය සංවර්ධනය මිස පොතුගුල්ලෝ දේශපාලන හෙංචයියෝ දාන මේ වගේ ප්‍රවෘත්ති නෙමෙයි. වැඩ කරන එක තමයි වැදගත්. නැත්නම් 2015 ඉදලා වගේ ආපහු රට පස්සට යයි. විගණන කරන්න වැරදි කරපු අය ඉන්නවානම් දඩුවම් කරනවා මිස දේශපාලනය කඩේ යන එක නෙමෙයි.
ඔය අහුවෙච්චා විතරයි .අහු නොවිච්චා .රාජ්‍ය දේපල කොල්ල කාපු ඒවා තව ඕනේ තරම් තියනවා .මම නම් දේශපාලකයන්ට වඩා දොස් කියන්නේ උන්ගේ වැඩ අනුමත කරණ බත් කන ,මෙලෝ මොලයක් නැති උන්ගේ ගූ කන ඌරන්ට
බහිරවය ඉන්න තැනක් කියපල්ල අහවර කරන්න
දුෂිත පවුල් පාලන ආණ්ඩුවක් ,දූෂිත මැති ඇමතිවරු.. රජකරපු රටක අනික් අය ගෑන කවර කතාද?
හොරුන්ගෙත් හොරු කම්බා හොරු.රට කෑ හොර නඩය.රජකාලේ නම් හිටුව පස් ගහලා.
මොන වංචා නාස්ති හෙළි කරත් මේ පාලකයෝ ඉන්නකම් රටට යහපතක් වෙන්නේ නැත.
බහිරවයො 226ක්ම ඉද්දි ඔයින් ගිය එකත් ඇති. බැසිල් රාජපක්ෂ, රවී කරුනානායක, රාජිත සේනාරත්න ප්‍රමුඛව පක්ශ බේදයකින් තොරව ගිලලා, පේනවනේ තියන අපත කටවල් ටික. ජෙට්, නැව්, සුපර් මාකට් පන්සිය ගනන් හැදුවෙ උන්ගෙ අප්පලා ඉතුරු කරපුවගෙන් නෙවේනෙ. ඒවා පෙනි පෙනීත් දඩුවම් නොවිදින එක මොනතරම්නං භයානකද. ඒවගේ කරලත් රෙදි ඇදන් ඉන්න එක මොනතරම් විහිලුවක්ද. උන්ට උන් ගැන අප්පිරියා නැතිද............ මීට කලින් ඔහොම කරපු කෙනෙක් බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි වලට ගියා, මෙයාලටත් ස්වභාවදර්මය දඩුවම් දෙනකන් බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ.
මුන් මේව විගනනය කරන්නෙ දැන්ද?වාර්ශික විගනනයක් නැද්ද?මුනුත් මේවට හවුල්. සාටක හැතිකරේ ගිලපුව තමයි.
සියලුම තක්කඩියන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි!
මෙව විතරක් නෙමෙයි.. මහින්දට ඉන්න ගෙයක් හදනව විජෙරමෙ. .හදන්නෙ මහජන මුදලින්. ගෙට වියදම මිලියන 800 ක් හෝ ඊට වැඩියි. . එතන හදනව අර බූරු පුතාලා 3 දෙනාටත් මලිගා. . මෙකටත් :" අනේ පාව්. . " කියන්න..
වැඩිය කතා කරන්න ඕනි නැහැ මේ ලඟදි බොරතෙල් නැවක් ගෙන්නාගෙන මුහුදේ දින හට හැත්තෑවක් මුහුදේ තියන් ඉඳලා දවසකට ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහ ගානේ ප්‍රමාද ගාස්තු ගෙව්වේ කොහොමද කාගේ අනුදැනුම මතද කියන කාරණයම ඇති හෙව්වොත් රට කන කාලකන්නි කවුද කියාලා හෙළිකර ගන්න. එත් කරුමෙට විපක්ෂේටත් ඕක හොයන්න අමතක වෙලා. ජවිපෙ අනුරත් ඔහේ එක පාරක් කතාකරලා නිකම් ඉන්නවා. රටේ මිනිස්සුන්ටත් වගක් නැහැ. ඉතින් හොරකම් කරන එවුන්ට ඔයිට වඩා හොඳ පටපිටාවක් පරිසරයක් තව කොයි රටේද තියෙන්නේ මෙහෙ මිසක්. ඒ නිසා මේක හොරාට හොඳ අවස්තාවක් තියෙන රටක් වෙලා.
අලුතින් රජයක් පත්වුනාම අමාත්‍යාංශ වෙනස් කරනවා ලේකම් මාරු කරනවා ඵලදායිතා සදහා පැරැණි ගොණු විනාශ කරනවා මෙනිසා ජාත්‍යන්තර ණයක් ගත්තොත් ඒක ගෙවෙනතුරුවත් ගොනුව තියන්නෙ නැහැ මෙනිසා මෙහෙම දේවල් නොවෙන්න අලුතින් පත්වන ඇමතිවරයා මෙන්ම ලේකම් සදහාත් එතෙක් ඇතිකරගත් ගිවිසුම් ණය ආදී සියලු වගකීම් අනුප්‍රාප්තිකයා වෙතට පැවරෙන ආකාරයට නීති පනවන්න ඕන දැන් තියෙන විදියට ගියාම ආණ්ඩු මාරු සමග දේශපාලුවො හා නිළධාරින් ගසාකෑම නතර වෙන්නෙම නැහැ රට විනාශයට යනවා වෙන්න ජනාධිපතිලා සියල්ලෝම මේගැන සිතත්වා