
(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - ඩේලි මිරර්)
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි.
ඔවුන් පොදුවේ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ මුදලින් සියයට 57 ක ප්‍රමාණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැය කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියයට 43 ක ප්‍රමාණයක් වැය කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට 2014 වසර දක්වා කාලය තුළ 2578 ක පුද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 630 කට වඩා (රුපියල් මිලියන 638,107,941.84) වැඩි මුදලක් වැයකර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වී තිබේ.
එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2015 සිට 2019 වසර දක්වා කාලය තුළ 1317 ක පුද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 850 කට වඩා වැඩි මුදලක් (රුපියල් මිලියන 850,326,958.14ක්)වැය කර ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය පවත්වා ගෙන යෑම සඳහා රුපියල් 1488,434,900 ක මහජන මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙන අතර එම කාලය තුළ ඔවුන් ඔවුන් පවත්වාගෙන ගොස් ඇති කාර්ය මණ්ඩලයේ එකතුව 3895 කි.
තමන් මහජන මුදල් අවභාවිත නොකරන බවට අවධාරණය කරමින් එවකට ජනාධිපති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ මහතාද අභිභවමින් තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට අධික මහජන මුදලක් වැය කර ඇති බව තොරතුරු වලින් හෙළිවී තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ලයනල් ගුරුගේ මහතා විසින් මෙම තොරතුරු 2019 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.ඉකුත් නොවැම්බර් මස 14 වැනිදා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත මෙම තොරතුරු නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
බලයට පැමිණෙන රාජ්‍ය නායකයන් සිදුකරන අනවශ්‍ය රාජ්‍ය වියදම් වල ඵලවිපාක ක්ෂණිකව නොදැනුනත් එය රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් පෙනී ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අපතයින් දැක්කාමයි. මේවා මේ අයගෙන් අයකරගන්න ඕනෑ..
දැන් ඉන්න උන්දෑ කොහොම වැය කරනවාද දන්නේ නැහැ... ගියාට පස්සේ විගණනය කළා කියලා ඇති වැඩක් නැහැ. බලයේ ඉන්න කොටම නාස්තිය නවත්ත ගන්න බැරි නම්...!
දැන් ඒවා වෙලා ඉවරයි. ඒ කියලා දඬුවම් කරන්නෙත් නැහැනේ... හිඟන්නන්ගේ තුවාලේ වගේ කිය කියා දැන් ඉන්න. ඒගොල්ලෝ හොරකම් කළේ රට හොඳට තියෙන කාලේ... දැන් ඉන්න කෙනා බකන් නිලාගෙන ආණ්ඩුක්‍රම වෙනස් කරකර, කමිටු දදා ඉන්නේ රට වැටිලා තියෙන වෙලාවේ...!
බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා පෙන්නලා, මිලියන ගාණක් නාස්ති කරලා... අපූරු පොළොන්නරුවේ සරල ගැමියා...
නාස්ති කරපුව මෙච්චර නම් හොරාකාපුව කොච්චර ඇත්ද?
දැන් ඉතින් ඔය පහුගිය දේවල් ගණන් හදල පලක් නැහැ. ඉදිරියෙදේ කල යුතු වන්නේ, මොවුන් දෙදෙනා ඇතුළු සියලුම දේශපාලන නායකයින්ගේ වරප්‍රසාද අහිමි කොට, විශ්‍රාම වැටුපක් පමණක් ලබා දීමයි. ඒ වගේම අනිසි ආකාරයෙන් උපයා ඇති වත්කම් සියල්ල රාජසන්තක කල යුතුයි. මොවුන්ගෙ දරුවන්ගේ වත්කම් ගැන විමර්ශනය කල යුතුයි. ඒ වගේම මේ හොර තක්කඩින්ව සිරගත කල යුතුයි. එසේ, නැති නම් ඉතින් මේ රටේ පව්කාර ජනතාව හා අනාගත දරු පරම්පරාව මේ හොරුන්ගේ පව් (හොරාකාපු මුදල්වල ණය) ගෙවිය යුතුයි..
හරි පොඩ්ඩයි . තව වියදම් කරන්න තිබ්බ .
සරළ ලෙස තමාගේ පුද්ගලික නිවසේ සිිටිමින් රට කළ මනුස්සයා නායකයා එලවා ගත් ලංකාවේ මිනිසුන්ට ගැලපෙන්නේ බෝල් පොයින්ට් සිරිසේන වැනි රට කපටි ය.
මුන් ඔක්කොම කාළකන්නි අපතයෝ. එච්චරයි. දැන්වත් මුන්ට ඡන්දෙ දෙනකොට දෙපාරක් හිතන්න. දෙන්න එකෙක් නැත්නම් ඡන්දය අවලංගු කරන්න.
Mahinda Rajapaksa held Presidency since Nov.19, 2005 to Jan 08, 2015 and Maithrpala Sirisena held Presidency since Jan. 09 2015 to Nov.16, 2019. Hence, Mahinda Rajapaksa held Presidency since 2005 but 2010 as erroneously stated here. We should understand that Presidency is a liability to our country and this should be definitely abolished soon.
Inferior records by both political gangs in Sri Lanka. !!!!!!
මුං සේරම එකයි.
රට කාබාසිනියා කරමින් සිනාසෙන ලස්සන...
කරලා ඉවරුණාට පස්සේ සතේට ගණන් හිලව් කියනවා වැඩක්ද? බලයේ ඉන්නකොට කිසිකෙනෙක් මේවා ගැන කථා නෑ. හොයන්නේ නෑ. දැන් ඉන්න කෙනත් ගියාට පස්සේ ගණන් කියන්න හොයලා බලලා. මේ රටට මෙහෙම නොවී තියේද? දුක් විඳලා මුදල් හොයන මිනිස්සු හැමදාම දුකේ, ඒවා වියදම් කරලා සැප විඳින පිරිස් හැමදාම සැපේ.
ඉස්සෙල්ලාම දඬුවම් දෙන්න ඕනෑ වැඩේ වුණාට පස්සේ ගණන් හිලවු කියන උදවියට...
වංචාව, දූෂණය, නාස්තිය සිදුකරන තෙක් ඉඳලා පස්සේ නිවැරදි ඉලක්කයටම ගණන් හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට මේ රටේ ඇතැම් උදවිය හරිම දක්ෂයි. රට කෑ හා කන පල්හොර දේශපාලුවන් හට නිසි දඬුවම් දෙන්න. කිසියම් දිනෙක අන්ධ ජනතාව ක්‍රියා කරනවා යැයි කියලා සිතේ සැනසිල්ලට හෝ සිතමු. සාටක ශාපය හා ග්‍රාම නිලධාරියාගේ ශාපය ගැන කිසියම් දිනෙක අන්ධ ජනතාවට නිසි අයුරින් කරුණු අවබෝධ වූ දිනෙක ඔවුන් එකාමෙන් නැඟී සිට රට කෑ එවුන්ට නිසි අයුරින් සලකනු ඇත. ඒත්, ඒ දිනය හා වකවානුව දැනට සිහිනයක් පමණි.
"මේ ඔක්කොම කාලකන්නි අපතයින්. රට කාබාසිනියා කරමින් සිනාසෙන ලස්සන.. මේ සේරම එකයි. දැන් ඉන්න උන්දෑ දෙපාරක් මහ බැංකුව සුද්ද කරා මතක නැද්ද? " මෙවැනි දේ කිසිම ඵලක් නොවන කවදත් කියන ලියන දේ පමණක්මය. හෙට වෙනත් දෙයක් ඒත් මෙහෙමයි. නමුත්, මේ පාලන තන්ත්‍රය යටතේ කළ අනිසි වැය, දේශපාලනයට සම්බන්ධ අනිකුත් ඡනාධිපතිවරුන් සහ නොවන අයත් යම් තරමකින් හෝ මේ තම පාලන කාලය තුළ පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ ගණනත් ඇතුළත් විය යුතුයි නේද? වෙනත් රට වල මෙවැනි අයට නීතිය නිසි දඞුවම් දෙනවා. අන්න ඒවාට අපි පෙල ගැසෙමු කිව්වාට කිසිම ඵලක් නැහැ. මේ දූෂිත ක්‍රියා නතර නොවේ.
මොවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ බැංකු ගිණුම් පිරිලා, ඉතිරිලා දෝරෙ ගලනවා.
ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් රටම හොරාකාලා කාබාසිනියා කෙරුවා. සුනාම් හොරා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත, බලලෝභියෙක් කියලා ලෝකෙම දන්නවා. තාත්තාත් නිකම් ඉඳලා නැහැ.... මේ කාබාසිනියා කරලා තියෙන්නේ අම්මා, අප්පගේ බූදලේ නෙවෙයි. මහජනතාවගේ බදු මුදල්...
මේ දවස්වල ජනතා මුදල් ලක්ෂ ගණන් නාස්ති කරලා සූට්කේස් හදා ගන්නවා. මැතිවරණ කිට්ටු වුණාම මිනිස්සුන්ට මේවා ඔක්කොම පිළිවෙලකට මතක් කරලා දෙන්න නිසි වැඩපිළිවෙලක් ඉදිරියේදී රට වෙනුවෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනෑ...
1952 වර්ෂයේ සිටවූ පොල් ගසේ හැදුණු එක වල්ලෙ පොල් කියලා කියන්න ඕනෑ නැහැ නේද?
දැන් කාලේ ආහාර ද්‍රව්‍ය හරි ගන්නේ නේද. මොනවා කාලා හරි කමක් නෑ ඊළඟ චන්දේ එනකන්........
මේ මුහුණවල් දකිද්දී මට නම් අප්‍රියයි. ජාතින් ජාතිත් මේ වගේ අය උපදින රටක හෝ ජාතියක අපි, මතු භවයකදී නොඋපදීවා!!