
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ධනුෂ්ක ගුණතිලකට සහාය වීම සඳහා ඉදිරිපත් වී තිබේ. ඇප ලබා ගැනීමේදී ඕස්ට්‍රේලියානු පොලිසියට ස්ථිර ලිපිනයක් ලබා දීමට අවශ්‍ය බැවින් එරට සිටින ධනවත් පුද්ගලයෙකුගේ නිවසක ලිපිනයක් ගුණතිලක හට ලබා දී ඇති අතර ඔහු එම නිවසේ වාසය කරනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය .
නඩුව අවසන් වන තෙක් ඔහුගේ වියදම් දැරීමටද ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වී තිබේ.
ධනුෂ්ක ගුණතිලක මහතාට එරෙහි නඩුව නැවත වරක් ජනවාරි 12 කැඳවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි වැඩේ නරකද? නැත්නම් නීති විරෝධිද?
මෙරට වයස 22 නම් විකිණෙන මිල ලක්‍ෂ 25 කි..! ඔසි රටේ විකිණෙන මිල හිතා ගන්න පුලුවනිද?
මෙයාව ගෙදර තියා ගන්නේ පරිස්සමින්. ආයෙත් නෝටි වැඩ කරන්ට බලයි.
ආයෙත් ලෙඩක් දාගත්තොත් ඇපත් නෑ පුතෝ.
Comments seem our debasement or demeanour !
රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ගිහින් වෙනත් දේවල් කරන්න ගිය කෙනාව බේරාගන්න ඔච්චර වියදමක් දරන ඔබලා නම් මිනිස්සු වෙන්න බැහැ. මෙහෙ කන්න නැතිව දුක් විඳින අසරණ ළමයින්ට පිහිට වෙයල්ලා. ඔය වගේ පෙර වැරැදි කරපු සල්ලාලයින්ට වියදම් කරන එකේ. මෙයා බේරගෙන මොකක්ද කරන්න යන්නේ. අපේ රටේ ඉන්න අය විතරක් නෙවෙයි පිටරටවල ඉන්න අපේ අයත් බොල් පිළිමවලට තමයි වඳින්නේ..!
අපට තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නෙ ධනුෂ්ක. ඒක කොහොම හරි විසඳන්න ඕනි.
ලංකාවේ ක්‍රිකට් දැන් ලෝකෙටම විහිළුවක් වෙලා තියෙනේ , අභිමානයක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ , මන් දැක්ක මේ සිද්දිය අපේ අල්ලපු රටේ ක්‍රීඩා පුවත්වලත් හාස්‍යයට ලක් කරලා දාල තියනව.
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කිව්ව වගේ වෙයිද දන්නේ නැහැ.
ඒ මුදල ගෙවලා කොල්ලව මේ උගුලෙන් ගලවගන්නෙ කොහොමද කියලි හොයන එක වෙනුවට මුදල ගෙවපු කට්ටියගෙ අල ගිය මුළ ගිය තැන් හොයනවා. අනේ මන්දා අපේ රට.
උදව් කරන්න ඉදිරිපත් වුණ මිනිස්සුත් අමාරුවේ වැටෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. හැදෙන මිනිහෙක් නම් අර එංගලන්තෙ කේස් එකෙන් පස්සේ කල්පනා කරලා වැඩ කරනවා.
කාන්තාව කවුරු වුණත් කාටවත් වැඩක් නෑ... රටට වුණු අපකීර්තිය ගැන තීරණයක් ගන්න.
කවුරු දුන්නත් කාටවත් මොකටද?
ඔය කත ගැන හොයලා බද්දක් ගහමු...
ඕක මොකක්ද? ඊළඟ මැච් එකේදී ඒවා ගෙවයි පොලියත් එක්ක...!
මේ රට අඳුරු අගාධයකට තල්ලු වී සිටින වේලාවක තනි පුද්ගලයකු වෙනුවෙන් මෙච්චර මුදල් සම්භාරයක් වෙන් කෙරුව එක ගැනයි පුදුම හිතෙන්නේ...!
කවුරු උනත් අමාරුවේ වැටුනම උදවු කරපු එක අගය කරන්න ඕනේ. පුද්ගලික උපකාර ගැන සෙවීම කුහක කමක් .නමුත් රජයේ මුදල් වියදම් නොකළ යුතුයි
නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයකට මැදිහත් නොවෙමි. මව්බිමේ නාමයට පිට රටකදී කළ නිගාව ගැන පමනක් එරෙහි වෙමු.