මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස් පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31)නියෝග කළේය. 31 March 2022
පොහොර ඉල්ලා මන්ත්‍රී ප්‍රමිතගෙන් කෘෂි ඇමතිට ලිපියක් යල කන්නයේ වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්මය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත . 30 March 2022
හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අතුරු තහනමක් කොළඹ පැජට් පාරේ නිවෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් අද නිකුත් කෙළේය. 29 March 2022
රුසියාවේ කොන්දේසියකට යුක්රේනය එකඟයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව විසින් යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කළ කොන්දේසි හයෙන් ප්‍රධාන කොන්දේසියක් වූ යුක්රේනය කිසිම සංවිධානයකට හෝ රාජ්‍යයකට පක්ෂ පාති නොවූ ස්වාධීන රාජ්‍යයක් විය යුතුයි යන කොන්දේසිය සලකා බැලීමට සුදානම් බව රුසියානු නිදහස් පුවත් සේවයකට විනාඩි 90 ක සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ. 28 March 2022
බීමත්ව රිය පැදවූ නුවරඑළිය වෛද්‍ය ලොක්කා අල්ලයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්යක්ෂවරයා බීමත්ව රිය පැදවීමේ චෝදනාවට තලවකැලේ පොලිසියේ නිලධාරීන් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 27 March 2022
පසුපෙළ මන්ත්‍රීවරු අතර යළි මත ගැටුම් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තුළ යළිත් වරක් මත ගැටුමක් හට ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 27 March 2022
කෝවිඩ් ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාලා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කළේය. කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වීම හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. 26 March 2022
අයි.ඕ.සී තෙල් මිල යළි ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් මිල අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත. 25 March 2022
පැය 10ක විදුලි කැපිල්ල සිදු නොවීමට ඉඩ විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන ඉදිරි සති දෙක තුළ ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළකර ඇති නිසා පැය 10 ක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 25 March 2022
පැය 10 ක අඳුරට හුරු වෙමු ? විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 March 2022
විජයදාසගෙන් අලුත් ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ප්රජාතන්ත්රවාදී රාමුවක් ස්ථාපනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන්නේ යැයි පැවසෙන යෝජනා ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දුන්නේය. 25 March 2022
‘ජනතාව පෝලීම්වල සිටියදී ආණ්ඩුව ගිවිසුම් ගහනවා‘ මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ඉන්න අවස්ථාවේ මේ සේරම ගිවිසුම් අත්සන් කළේ. 24 March 2022
මෙම වසරට තවත් අය වැයක් එයි 2022 අයවැය යෝජනා වහා ප්රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් පැවසීය. 23 March 2022
ජාජබ ජන ගඟ නුගේගොඩ දෙසට බඩු මිල ඉහළ යාම ඉන්ධන හිඟය ඇතුළු ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළුවලට වහා විසැඳුම් දෙන්නැයි බල කරමින් ජාතික ජනබලවේගය දෙල්කඳ පොළ අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන මේ වන විට නුගේගොඩ දෙසට ගමන් ගනී. 23 March 2022
විදුලි බිල වැඩි කළොත් වතුර බිලත් වැඩි කරනවා විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. 23 March 2022
ලන්සා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 22 March 2022
ජාතික ආර්ථිකය ගොඩගන්න කඩිනම් යෝජනා 5 ක් ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ. 21 March 2022
මිරිගම තෙල් පෝලිමකදී තවත් අයෙක් මරුට මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි. 21 March 2022
ඩොලර් නැතිව විදෙස් කාර්යාල තුනක් වසයි ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. 21 March 2022
ලාෆ් ගෑස් මිලත් නගී ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4199 ක් දක්වා අද (20) සිට ඉහළ දමා තිබේ. 20 March 2022
කිරි තේ එකක් රුපියල් 100 යි කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 20 March 2022
කිරිපිටි මිල යළිත් ඉහළට කිලෝවක සහ ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. 19 March 2022
සර්වපාක්ෂික සමුළුවට විමල්,වාසු, උදය නෑ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා(23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ඇමති වාසුදේව නානයක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ. 19 March 2022
ගෑස් බෙදීම අරඹයි රට පුරා ගෑස් පෝලිම් අද (18) දිනයේ ද දැකගත හැකි විය. බොහෝ ප්‍රදේශවලට ගෑස් තොග ලැබුණ ද එම තොග ප්‍රමාණවත් නොවූ බව අලෙවි නියෝජිතයෝ පැවසූහ. 18 March 2022
රුසියාවට එරෙහිව නියෝගයක් රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය. 17 March 2022
අර්බුදයෙන් ගොඩයන්න දැඩි තීන්දු ගන්නවා පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි දුක් කම්කටොළු ගැන මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය. 16 March 2022
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපයි යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 March 2022
පුටින්ගෙන් ජෝබයිඩන්ට සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය. 16 March 2022
සජබ විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාලය වටලති දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී (15) පස්වරුවේ පැවැත්විණි. 15 March 2022
සජබ සමඟ කොළඹට ජන ගඟක් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබේ. 15 March 2022
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026