
(යොහාන් භාසුර)
රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත‍්‍ර තුනක ක‍්‍රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10 කට අදික විදුලි කප්පාදුවක යෑමට සිදුවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (20) පැවසීය.
නොරොච්චෝලේ බලාගාරයෙන් රටේ විදුලි සැපයුමෙන් සියයට 45 ක පමණ ප‍්‍රමාණයක් සපයන බැවින් එම යන්ත‍්‍ර තුනම අක‍්‍රිය වුවහොත් පැය 10 කට අධික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව කී නිහාල් වීරරත්න මහතා එසේ වුවහොත් එය බරපතල තත්වයක් බව ද සඳහන් කළේය
ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 75 ක් දක්වා අඩුවී ඇති බැවින් ඉදිරි මාස කීපයේදී ජල විදුලිය ද උපරිම ධාරිතාවට ළගාවීම අවිනිශ්චිත බවත් ඒ හේතුවෙන් රටම අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රනිල් කබ්බා අපිට උගන්වන්නේ අවුරුදු දාහකට ඉස්සර වගේ.හුළු අත්තක් පත්තුකරගෙන ජීවත් වෙන්න නේද.දවස පුරාම තාක්ෂනය ගැන දොඩවන සිලින්ඩර් දොළහක බෙන්ස් එකෙන් ගමන් බිමන් යන ලංකාවේ ජනාධිපතියා මොකාද
නහයටත් උඩින්ම ගිහින් තියෙන වෙලාවේ පැය 10 නෙවේ ඉතිරි පැය 14 කපලා විදුලිය නොදීම හිටියනම් හරිනේ.
අර රනිල්ව ජනාධිපති කරන්න චන්දය දුන් 133 දෙනාම නම් කිව්වේ, මේ මොහොතේ රට ගොඩ දාන්න හොඳම තේරීම රනිල් කියල. ඉස්සරහට තව මොනවාද කියන්න තියන්නේ? අර මහින්දානන්දටත් දැන් හොඳට නින්ද යනවා.
විදුලි මාෆියාවට අවශ්‍ය දෙය තමයි ඔය. ගල් අගුරු ගෙනාවත් යන්ත්‍ර අක්‍රිය කරලා හරි නොරොච්චෝලේ වට්ටලා විදුලි කප්පාදුවක් ඇති කරන්න උත්සාහ කරයි. නොකියා කියන්නේ හදිසි මිලදී ගැනීම් ඕන වෙයි කියලයි
අකන්ඩව විදුලිය සැපයීමට නොහැකියව සහ විදුලි බිල හිටිහැටියෙ (සුලුපිරිසකගෙ තිරණය මත) වැඩිකිරිමටත්, මහජනයා අපහසුතාවයට පත් කිරිමටත් මහජන මුදලින් නඩත්තුවන විදුලි බලමන්ඩලයට සහ විදුලි ඇමතියට විරුද්ධව නඩුදැමිය යුතුයි. හැකියාවක් ඇති අයගෙ අවධානය යොමුවේවා
කොමිස් ගහන්න ඔන වුනාම ඔවගෙ ඒ්ව කරනව. කොමිස් කාක්කො
මෙ ැන ඔමල්පෙ සොභිත හමුදුරුවොත් වගකියයුතු නේද? ගල් අඟුරු ටෙන්ඩර්වලට විරුද්ධව නඩුදාල තියෙනව නේද ඔමල්පෙ සෝහිත හාමුදුරුවො.
මෙ විදියට ගියොත් නම් පසුගිය වසරෙ මාර්තු මාසයෙදි සිදු කල පෙය 13 1/2 විදුලි කප්පාදවත් අභිභවා යයි. විදුලිය කපන්න දවසේ පැය 24 ත් මඩි වෙයි. මෙ රනිල්ගෙ සෞභාග්‍යය.
ජනපති තුමනි අපි ඔබ සමගයි... !
සාම්පුර් හදන්න ඉඩ නුදුන් යුඇන්පී සහ ජවිපෙ කඩාකප්පල්කාරීන් සේ ම, විදුලි ඉංජිනේරු මාෆියාව ද මීට වගකිව යුතුය.
සැහැල්ලු දුම්රිය හදන්න ඉස්සෙල්ලා රටට අවශ්‍ය විදුලි බලාගාර හදන්න. නැත්නම් සැහැල්ලු දුම්රියත් දුවන්න විදුලිය නැහැ. අඩු වියදම්සාම්පුර් නතර කිරීම සහ ප්‍රායෝගික නොවන සුර්ය බලය ගැන අධිව්ශ්වාසය මේ අර්බුදයට හේතුව. විදුලිය දිගටම ලැබෙනවා නම් නිෂ්පාදනය වැඩි වෙලා ගල් අගුරු ගේන්න ඩොලර් එනවා
දේශපාලකයන්ගේ අලාභ හානි ගෙවීම් වලට මූලිකත්වය දෙමින් කෝටි ගණන් මුදල් වෙන් කරනවා. ඔවුන්ව පත් කරල යවපු අහිංසක මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් ඉටුකරගන්න බැරි පාලකයෝ ඉන්නේ. දවස් දෙක තුනක් වැස්ස ගමන් ජලාශවල වාන් දොරටු විවෘත කරනව. මාස දෙකක් පායනකොට කියනව ජලාශවල ජල මට්ටම පහළට ගියා කියල. මෙහෙව් රටක තමයි අපි නොමැරී ජීවත් වෙන්නේ ග.
මුන් කාලකන්නි ටික එළවලා දාන්න ජනතාව පාරට බහින්න
ඉන්දියාවටත් විදුලිය දෙන්න හිටපු අපට මොකද? මේ වුනේ.
විදුලි සේවකයන්ගේ වැටුප කප්පාදු කරන පැය ගණනට අඩු කරන්න ඕනේ
මේක ගොඩදාන්න බැරි බව මම නම් මුල ඉඳලාම දන්නවා .තාමත් මුන් පාඩම් ඉගෙන ගෙන නැහැ.තාමත් රටින් ගෙන්නන්නමයි බලන්නේ .කිසි දෙයක් මෙහෙ නිෂ්පාදනය කරන්න කිසිම සැලැස්මක් නැහැ.කාලකන්නි
ගියපාර ගිනිතිබ්බෙ හොර දේශපාලුවන්ගෙ ගෙවල් 70 ක් මේපාර 225 යි නිලධාරි කියන කම්බහොරැන්ගෙත් බලාපොරොත්තු වෙයල්ලා 225 ටයි නිලධාරි හොරැයි ඉල්ලා අස්වෙලා පලයව් තවත් දුප්පත් මිනිසුන්ට දුකේ දාන්නෙ නැතිව පවිකාර හොර දේශපාලු නරි.
විදුලිය සඳහා යන අධික වියදම අඩු කර ගැනීමට ගත හැකි පියවර, 1 මහ රෑ වෙන තුරු නොනිදා සියලු රූපවාහිනී නාලිකා රාත්‍රී 7ට වසා දමන්න.
මේ ප්‍රශ්නේ එන බව දන දැනත් උඩ බලාගෙන හිටපු කාංචනා ඇතුළු නිලධාරි හරක් ටික ට කනට දෙකක් ගහල එලවල දාන්න ඕනේ. මුන් කරෙ බිල වැඩි කරන එක විතරයි
ඇත්තටම විදුලි අර්බුදයක් නෑ තියෙන්නෙ මවාපන අර්බුදයක් විදුලිබල මන්ඩලය වහල දාන්න ප්‍රශ්නෙ ඉවරයි. ජලාශ ටික හමුදාවට බාරදෙන්න ජල විදුලියෙන් අපිට උපරිම ප්‍රයොජන ගන්න පුලුවන් සියලු පුද්ගලික බලාගාර තරගකාරී මිලකට අයෝජකයන්ට විදුලිය සපයන්න ක්‍රමයක් හදන්න එතකොට විදුලි අර්බුදය පාලනය වෙනව. විදලිය කැපීම වෙනුවට සෑම ගෙදරකටම විදුලිය කෝටාවක් දෙන්න.