(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය.
එම විදුලි ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලි පද්ධතියට මෙතෙක් ලැබුණු මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණය කෙරවලපිටිය ඩීසල් බලාගාරයන් ලබාගැනීමට දිනකට රුපියල් මිලියන 228 ක් වැයවන බවත් එය විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් බවත් විදුලිබල මන්ඩලයේ නිලධාරියෙක් කීය.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කළ විදුලි ජනන යන්ත්‍රයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 47ක් පමණක් වැය වුවද කෙරවලපිටිය ඩීසල් බලාගාරයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 82 ක් වැය වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ ගල්අඟුරු හිඟය පිළිබඳ අවධානය යොමුකර නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර තුනෙන් එකක් අක්‍රීය කිරීමට අනුමැතිය ලබාදුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ එක්කෙනෙක් කීවා නේද මේවා නවත්වන්න දෙන්නේ නෑ කියලා?
නොරොච්චෝලේ කරච්චලේ කවදා ඉවර වේවිද ?
පිටරට දේ සිරිසැප දේ කියලා හිතන කාළකණ්නි පාලකයො හා නිළධාරින් ගත්තු වැරදි තීරණ නිසා මෙහෙම වුනානේද කියලා කියන්න බැරිද .ලංකාවෙ ගල් අගුරු නැහැ. ඉතින් ගල් අගුරු බලාගාර හැදුවෙ මොකටද. ලංකාවෙ සුළං බලාගාර හා සූර්ය බලයෙන් විදුලිය නිපදවීම කරන්න බැරිද .මෝඩ පාලකයිනි, සිහින ජනාධිපතිවරුනි, පක්ෂ නායකයිනි ,දේශහිතයිශී මහත්වරුනි ,දැන් වත් රට ගැන සිතා රටට යහපත් තීරණ ගනිල්ලා
දූෂිත නූගත් අමනෝඥ පවුල් පාලනය රටේ සම්පත් හා මුදල් හොරා කාලා රට බංකොලොත් කළා නේදැයි ජනතාව තරයේ සිහි තබා ගැනීම වටී.මහජන මුදල් හා දේපල ලෝකය පුරා සඟවලා.පැන්ඩෝරා මුදල් එයින් එකක් පමණයි.එදා සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වූ අය අද හොරකම වංචාව දූෂණය නිසා රජවරුන් සිටුවරුන් මෙන් දිවි ගෙවනවා.මේවාට දඬුවම් දෙන්න පුළුවන් නීතියක් යුක්තියක් තවමත් රටේ ඇතිවෙලා නැහැ.ඒ මදිවට තවමත් රටේ මුදල් හොරුන්ගේ ආරක්ෂාවට හා වියදමට වෙන් කෙරෙනවා.බඩු මිල, බදු බර හා ලයිට් බිල,වතුර බිල ආදී හැකි හැම දෙයම වැඩිකොට රටේ ජනතාව මරාගෙන කනවා.ලේ ටික බොනවා.ඉතිරි වී ඇති ඇට සැකිල්ල බැදගෙන කෑමට තමයි ඉදිරි සූදානම.අනේ .. අපට ගිය කලක් ...
අනිත් දෙකටත් නුදුරේදීම අත්වන්නේ ඔය ඉරණම තමයි .නව වසරේ රටම අඳුරේ
ඒ උනාට ඇමති කයිවාරු ගහනව, ජනවාරි වල විදුලිය කපන්නෙ නැහැ කියල. එයාගෙ හිතවතුන්ගෙන් වැඩිමිලට විදුලිය අරගෙන දෙන්න වෙන්න අත හිතගෙන ඉන්නෙ. එකනෙ විදුලි බිලත් නැවත වැඩි කරන්නෙ.
හුචක්කුව කියන වචනය සිංහලයට ආවේ මේ නොරෝච්චෝල් කියන වචනයෙන්ද කියල හොයල බලන්න ඕනේ
ගල් අඟුරු නැතුව විදුලි ජනක යන්ත්‍රය අක්‍රීය කරන්නත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගෙන් අවසරය ඕනෙද? මේ පාලකයන්ට කිසිම අවබෝදයක්වත් නැති දැන් හොඳටම තේරනවා. ගල් අඟුරු නැත් නම්, ඉන්ධනත් නැත් නම්, ඉබේම විදුලි ජනක යන්ත්‍රය අක්‍රීය වෙනවාමයි. එක අමුතුවෙන් ඔහුගෙන් අහන්න ඕනද? විදුලි කපන්නත් ඔහුගෙන් අවසර ගන්නවා. හැබැයි මන්ධලයට පොලු දාපු මැති ඇමතිලාගෙන් හිඟ මුදල් අය කරගන්න ඔහුගෙන් කිසිම පියවරක් නැහැ. ඒ නිසා මේ අර්බුද වෙලාවේ ඔහුටත් වැටුපක් ගෙවල ඔහුව නඩත්තු කරන්න එක ලොකු මෝඩකමක්