IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී.

(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)

ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 270 ආසන්න විදුලි ධාරාවක් අහිමි වන බව ද එම නිලධාරියා පැවැසීය.

එම විදුලි ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලි පද්ධතියට මෙතෙක් ලැබුණු මෙගාවොට් 270 ක පමණ ප්‍රමාණය කෙරවලපිටිය ඩීසල් බලාගාරයන් ලබාගැනීමට දිනකට රුපියල් මිලියන 228 ක් වැයවන බවත් එය විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් බවත් විදුලිබල මන්ඩලයේ නිලධාරියෙක් කීය.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කළ විදුලි ජනන යන්ත්‍රයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 47ක් පමණක් වැය වුවද කෙරවලපිටිය ඩීසල් බලාගාරයෙන් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 82 ක් වැය වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී පැවසුවේ ගල්අඟුරු හිඟය පිළිබඳ අවධානය යොමුකර නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර තුනෙන් එකක් අක්‍රීය කිරීමට අනුමැතිය ලබාදුන් බවයි.

 



අදහස් (10)

ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී.

sachith Thursday, 22 December 2022 10:46 PM

ඊයේ එක්කෙනෙක් කීවා නේද මේවා නවත්වන්න දෙන්නේ නෑ කියලා?

:       1       15

Nimal Thursday, 22 December 2022 11:49 PM

නොරොච්චෝලේ කරච්චලේ කවදා ඉවර වේවිද ?

:       2       11

කෝසල Friday, 23 December 2022 07:02 AM

පිටරට දේ සිරිසැප දේ කියලා හිතන කාළකණ්නි පාලකයො හා නිළධාරින් ගත්තු වැරදි තීරණ නිසා මෙහෙම වුනානේද කියලා කියන්න බැරිද .ලංකාවෙ ගල් අගුරු නැහැ. ඉතින් ගල් අගුරු බලාගාර හැදුවෙ මොකටද. ලංකාවෙ සුළං බලාගාර හා සූර්ය බලයෙන් විදුලිය නිපදවීම කරන්න බැරිද .මෝඩ පාලකයිනි, සිහින ජනාධිපතිවරුනි, පක්ෂ නායකයිනි ,දේශහිතයිශී මහත්වරුනි ,දැන් වත් රට ගැන සිතා රටට යහපත් තීරණ ගනිල්ලා

:       4       18

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 December 2022 08:03 AM

දූෂිත නූගත් අමනෝඥ පවුල් පාලනය රටේ සම්පත් හා මුදල් හොරා කාලා රට බංකොලොත් කළා නේදැයි ජනතාව තරයේ සිහි තබා ගැනීම වටී.මහජන මුදල් හා දේපල ලෝකය පුරා සඟවලා.පැන්ඩෝරා මුදල් එයින් එකක් පමණයි.එදා සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වූ අය අද හොරකම වංචාව දූෂණය නිසා රජවරුන් සිටුවරුන් මෙන් දිවි ගෙවනවා.මේවාට දඬුවම් දෙන්න පුළුවන් නීතියක් යුක්තියක් තවමත් රටේ ඇතිවෙලා නැහැ.ඒ මදිවට තවමත් රටේ මුදල් හොරුන්ගේ ආරක්ෂාවට හා වියදමට වෙන් කෙරෙනවා.බඩු මිල, බදු බර හා ලයිට් බිල,වතුර බිල ආදී හැකි හැම දෙයම වැඩිකොට රටේ ජනතාව මරාගෙන කනවා.ලේ ටික බොනවා.ඉතිරි වී ඇති ඇට සැකිල්ල බැදගෙන කෑමට තමයි ඉදිරි සූදානම.අනේ .. අපට ගිය කලක් ...

:       4       16

Sunil Friday, 23 December 2022 08:16 AM

අනිත් දෙකටත් නුදුරේදීම අත්වන්නේ ඔය ඉරණම තමයි .නව වසරේ රටම අඳුරේ

:       3       12

සමන්ත Friday, 23 December 2022 01:59 PM

සමහර මිනිස්සු කියන්නේ ලංකා කේන්දරේ කුම්භ කියලා... ඒකෙ අධිපති හෙනහුරා කියනවා, අහලා තියෙනවා... ඉතින් මේ හෙනහුරා ජනවාරියේ තමන්ගේ ගෙදරට එනවලුනේ... කොහොමත් උන්දෑ එළියේ පහළියේ ඉන්න කැමැත්ත නැති නිසා අඳුරේ ඉන්න ඉඩ තියෙනවා කියලා කවුදෝ කිව්වා..!

:       0       1

Senarath Friday, 23 December 2022 08:58 AM

ඒ උනාට ඇමති කයිවාරු ගහනව, ජනවාරි වල විදුලිය කපන්නෙ නැහැ කියල. එයාගෙ හිතවතුන්ගෙන් වැඩිමිලට විදුලිය අරගෙන දෙන්න වෙන්න අත හිතගෙන ඉන්නෙ. එකනෙ විදුලි බිලත් නැවත වැඩි කරන්නෙ.

:       2       14

නෙද්දකින් Friday, 23 December 2022 10:35 AM

හුචක්කුව කියන වචනය සිංහලයට ආවේ මේ නොරෝච්චෝල් කියන වචනයෙන්ද කියල හොයල බලන්න ඕනේ

:       3       13

චමිලාFriday, 23 December 2022 01:53 PM

හුචක්කුව නොරොච්චෝලෙන් ආවා කියනවා නම් වැඩක් නෑ කියලා එකක් හැදුනේ වැරැදීමක් වෙලා... ඉංග්‍රීසියෙන් නොට් ද කින් වචනය, නොදකින් වුණා මිස නෙද්දකිං වුණේ නැහැ...

:       0       2

Hafeel Friday, 23 December 2022 02:31 PM

ගල් අඟුරු නැතුව විදුලි ජනක යන්ත්‍රය අක්‍රීය කරන්නත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගෙන් අවසරය ඕනෙද? මේ පාලකයන්ට කිසිම අවබෝදයක්වත් නැති දැන් හොඳටම තේරනවා. ගල් අඟුරු නැත් නම්, ඉන්ධනත් නැත් නම්, ඉබේම විදුලි ජනක යන්ත්‍රය අක්‍රීය වෙනවාමයි. එක අමුතුවෙන් ඔහුගෙන් අහන්න ඕනද? විදුලි කපන්නත් ඔහුගෙන් අවසර ගන්නවා. හැබැයි මන්ධලයට පොලු දාපු මැති ඇමතිලාගෙන් හිඟ මුදල් අය කරගන්න ඔහුගෙන් කිසිම පියවරක් නැහැ. ඒ නිසා මේ අර්බුද වෙලාවේ ඔහුටත් වැටුපක් ගෙවල ඔහුව නඩත්තු කරන්න එක ලොකු මෝඩකමක්

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1385 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 379 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 616 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1117 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 726 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 936 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site