(යොහාන් භාසුර)
ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය.
මෙම පුද්ගලයා සහ දිනේෂ් ශාෆ්ටර් මහතා අතර රුපියල් කෝටි 138 ක ගණුදෙනුවක් සිදු වී ඇති බවත් එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් මෙම ඝාතනය ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය සොයන පුද්ගලයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එම නිලධාරියා කීය.
මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව බැලූ බැල්මට පෙනෙන බවත් ඒ මහතා බොරැල්ල කනත්ත තුළදී වාහනය දීම ඝාතනයට ලක්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
ශාෆ්ටර් මහතාගේ කාර් රථය කාසල් රෝහල දෙසින් ඇති පිවිසුමෙන් කනත්ත තුළට ඇතුල් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද සියලුම දේශපාලකයනට "හොරු" ලේබලය අලවා අපට උන් දිහා පමණක් බලන්නට සලස්වන අතරේ, අනෙක් උන්දලගේත් වැඩ කිඩ! මේක අනුන්ගේ මුදල් කඩා ගන්නන්ගේ, අනුන්ගේ මුදලින් ව්‍යාපාර කරනන්ගේ පාරාදීසයක්. අන්ත දූෂිතයන් විසින් "දූෂණ විරෝධී" පුවරු අල්ල ගෙන සිටිමින් "මන් සුදනා" සේ සුදු පිරුවට ඇද සිටින අමුතුම පුරයක්.
ඇයි ජනමාධ්‍ය මේ පුද්ගලයාගේ නම හෙළි නොකරන්නේ ඒ බ්‍රයන් තෝමස් නේද?
ලසන්ත වික්‍රමතුංගගේ මරණයත් මෙවැනි ආකාරයකටම සිදුකළ ඝාතනයක්....
මෙහෙමත් අයාලේ යන රටක්... මහාපරිමාණ හොරකම්, ඝාතන..? රටකට ගිය කලක්..
කිසිම කෙනෙක් එක්ක මොනම ආකාරයකවත් මුදල් ගනුදෙනු කුමන තරාතිරමක කෙනෙක්වත් නොකර සිටීම යහපත් ණය ගත්තොත් දෙන්නේ නැහැ.