(අංජුල මහික වීරරත්න)
ජනතාවට සේවය කිරීමේ දී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ දී පැවසීය.
තමා වෙත ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලුවලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන්ට විසඳුම් ලබා දිය හැකි ඒවා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලු විසඳීමට ජනාධිපතිවරයා නොව ඇමතිවරයෙකුවත් කොළඹ සිට පැමිණීම අවශ්‍ය නොවන බව කීය .
රාජ්‍ය ආයතන මනා සම්බන්ධීකරණයකින් උපරිම ජනතා සේවයක් ඉටුකිරීමට කැපවිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම පිළිබඳ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව සකස් කරන ලද වාර්තාවක් පෙබරවාරි 04 වනිදාට පෙර තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ වාර්තාවක් ඉදිරිපත් නොකළහොත් තමා වෙත පැවරී ඇති බලතල අනුව ක්‍රියාකරන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා සේවය කිරීමේදී කඹ ඇදීමකින් තොරව සේවය කරන්න කියා කියපු ඔබතුමාට ස්තුතියි .මැතිතුමා මට තියෙන ප්‍රශ්නය ඔබතුමා වෙත ලිඛිතව එවන්නම් එයට පෙර ප්‍රශ්නය මෙහෙම කියන්නෙ මගේ බිරිඳ හා ඇගේ යෙහෙළියක් එකම වර්ෂයේ එකම ශ්‍රේණියේ උසස් වීම ලබා එක සමාන වැටුප් ලබා එක මාසයේ විශ්‍රාම ගත්තෙ සමාන වැටුප් සහිතව තමයි නමුත් 2019 දී විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේදී යෙහෙලියට මගේ බිරිඳට වඩා රුපියල් හත්දහසක් පමණ වැඩියෙන් ගෙවනවා ඒ බව දැන්නුවත් අපිට දොස් කියනවා මිස ගැටලුව විසදන බවක් නැහැ මගේ බිරිදට නිවැරදි ලෙසට සකසා ඇතැයි එක් අයෙක් කිව්වා එහෙනම් අනෙක් කෙනාට රජයේ මුදල් අයුතු පරිහරණය කිරීමට නිළධාරින් උදව් කරනවා නේද මෙහෙම ජනතා ප්‍රශ්න විසදීමට ආයතනයක් ඔබතුමා යටතේ ස්ථාපිත කලොත් ඉතාමත් වටිනවා
ඔක්කොම ඔය තියන විඩිහට ත්යෙන්න ඇරල .. යන්න ! දෙයියන්ගෙ නාමෙන් තොලෙන්චිවෙලා යන්න !
දැන්ද බකතපස් රකින්න සිහි උනේ ? බැංකු මන්කොල්ලයෙදි ඔක ඔලුවෙ තිබුනෙ නැැද්ද?
එහෙම කොහොමද? දේශපාලකයන්ගේ හෙංචයියා ලොකුයි... උසස් නිලධාරියාට වැඩිය... බල්ලන්ගේ වැඩේ කරන්න පත්කරලා තියෙන්නේ කවුද? ඇහුම්කන් දෙන්න වෙලා තියෙන්නේ බල්ලා හා බූරුවා කියන දෙන්නම වැඩ නොකරන එක...
සම්පූර්ණ පද්ධතියම ඔහු විනාශ කළා. දැන් වැදි බණ කියනවා....!
ගෙවල් ගිණිගත්තාට පස්සේ දේශපාලඥයින් තරමක් දුරට හැදිලා කොහොමත් රාජ්‍ය සේවකයින්ගේ වැරැදි යන්නෙත් දේශපාලුවන් පිටින් තමයි... මෙහෙම වුණු එක හොඳයි..
මෙච්චරකල් ජනතා සේවය ගැන බුරුලෙන්ද හිටියේ...?
අනේ අපි හරි ආසයි ඔයා තදින් ඉන්නවා බලන්න... ඔය කියන උදවියට මොකද අරයත් ඔයිට වඩා දේවල් කිව්වා නොවැ... අන්තිමේදී මොන සුනඛයෙක්වත් තඹ දොයිතුවකට මායිම් කළේ නැහැ.
හිටපු බයිලා චක්‍රවර්තිලා ඔක්කොම දැන් මැරිලා නිසා.., දැනට ඉන්න හොඳම බයිලා කාරයින් තමයි. කතාව දෝලාවෙන්, ගමන් පයින්... මේ වගේ පතෝල ජනාධිපති කෙනෙක්ට මොනවත් කරන්න බෑ... පහළ ඉන්න හොරු සෙට් එක විරුද්ධ වෙනවා.. 2/3 හම්බ වෙච්චි එකත් පට්ටෙට අනාගත්තු රටේ මෙයා කොහොමද මේවා කරන්නේ...?
හිටපු ජනාධිපති ගෝඨාභයත් ආපු ගමන් මෙහෙම තමයි ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ මහබැංකු නිලධාරීන්ට දොස් කිව්වා. අවසානයේ අසාර්ථක නායකයෙක් ලෙස ඉතිහාසයට එක්වෙමින්, රටිනුත් පැනලා ගියා. රාජ්‍ය නිලධාරීන්ට දොස් කියන්නට කලින් තමාගේ ඇමැති මණ්ඩලයේ ඉන්න කප්පම්කාරයාට, කොමිස් කාක්කන්ට, දුෂිතයින්ට නීතිය ක්‍රයාත්මක කරන්න. රටේ නායකයා අවංක නම්, රටේ සියලු යාන්ත්‍රණය ඉබේම හරියනවා. ලීක් වාන්, මගදීර් මොහොමඩ්ලා රට හැදුවේ එහෙමයි.
අහගනිල්ලා, කපටි නරියෙක් හූ කියනවා.
මොන තරම් තදින් උන්නත් හරියට චන්දයකින් පත්වෙන්කල් කවුරුවත් පිළිගන්නේ නැහැනේ?
තවත් අපිව රවට්ටන්න එපා! ඔබ ජනතාව විසින් ඡන්දය දුන් ජනාධිපතිවරයෙක් නොවේ ඒ නිසා ගෙදර යන්න.
අවුරුදු 45 ක් කැපවීමෙන් එල්ලිලා උන්නේ මේ උස පුටුවට එන්න.අන්තිමේ දෙයියෝ බලලා මාව මේකට දැම්මා.හැබැයි වල පයයි ගොඩ පය කාලයි.ජනපතිවරණයක් තිබ්බොත් ආයෙමත් සිරිකොතේ භූතයා වෙලා ඉන්න වෙන්නේ.එතකල් ඉතින් බයිලාවක් වත් ගහන්න එපැයි .(මන් පොර ජාතක වස්තුව )
අහිංසකයෙක්ට වුණත් කේන්ති යන අවස්ථාවක් එනවා. ඒත් මුකුත් කරගන්න බෑ. කයිවාරුව විතරයි. නැතිනම් තදින් ඉඳලා පෙන්වන්නකෝ... රාජපක්ෂලාගේ හොරවැඩවලට...