
(ධම්මික ගුණවර්ධන)
බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති.
මහනුවර රෝහල් පටුමඟේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියක් සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් පිළිබඳව කතා කරගැනීමට යැයි පවසමින් පුද්ගලයකු රෝහල් පටුමඟ හංදියට කැඳවාගෙන ගොස් එහිදී ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි මැර කණ්ඩායමක් යොදවා තම පුතුට යකඩ පොඵවලින් පහරදී පැහැරගෙන ගොස් ඇති බවට දිනූෂ ලක්ෂාන්ගේ මව වූ වී. කේ. පෙරේරා මහත්මිය පැවසුවාය.
කෙසේ නමුත් තම පුතුගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පසුව තම ඥාතීන් හා හිතවතුන් එක්ව තම පුතු පිළිබඳව එදින රාත්‍රීයේදී කළ සොයා බැලීමේදී ඔහුට පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ප්‍රදේශයේ පාඵ ස්ථානයක දමා ගොස් සිටියදී හමුවූ බවට වැඩිදුරටත් පැවසුවාය.
ලක්ෂාන්ගේ ඥාතීවරයෙ.කුවූ සුරේෂ් ලක්මිණ මහතා පැවසුවේ තම ඥාතී පුතු වහාම මහනුවර මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කළ බවත් ඔහුට එම ප්‍රහාරය කිසියම් ආරක්ෂාක අංශයකින් සිදුකළ බවට ඔහු පැවසූ බවත් වැඩිදුරටත් පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු සමග තරග කරන්න හිටපු ප්‍රබල පුද්ගලයින් කවුද බලන්න...
තාජුදින් මරපු අලුගෝසු පක්ෂලා ආයෙත් වැඩ පටන් අරගෙනද...? එදා 9 වෙනිදා ඔක්කොම පරලොව ඇරියානම් ප්‍රශ්න ගොඩකින් රට නිදහස්. මීළඟ අරගලය පටන්ගත්තු වහාම ඕකුන්ගේ වැඩ ඉවර කරමු...
දැන් ඉතින් පොලිසිය විමර්ශන පටන් ගනී.
මෙයා බොක්සිං ක්‍රීීඩාවක් විදිහට කරන නිසා එක්කෝ ආරක්ෂක අංශයකට හරි කාට හරි ගහන්න ඇති... මේ කරපු වැඩේ හොඳයි කියනවා නෙවෙයි. නමුත් මේ සිද්ද වෙලා තියෙන්නේ ප්‍රති ප්‍රහාරයක්නේ... හැම එකකටම දේශපාලනයම ගාගන්න අයත් ඉන්නවා හැමතැනම.
ආරක්ෂක අංශ නියම විදියට නේ ආරක්ෂා කරන්නේ.
අනේ මෙහෙමත් අපරාධ.
ඔබට ඉක්මන් සුවය ලැබේවා.... නහී වේරේන වේරණී...... තෙරුවන්සරණයි.
බලමු දැන් රනිල් මේ ගැන පාර්ලිමේතුවේදී කතාකරයිද කියලා.., පොහොට්ටුවෝ ටික විශේෂ විවාදයක් තියලා විරෝධය ඵලකරයිද කියලා...
අනේ මන්දා..! ලංකාව හොඳටම රත්වෙච්චි උඳුනක් වගේ...
රටකට වෙච්චි දෙයක්... කාලයක් දේශපාලුවන් සුදු වෑන් ඝාතන අතුරුදහන් කෙරුවා. දැනුත් කරන්නේ අපරාධ. මේ දේවල් කරලා මොනවාද ලැබෙන්නේ...? පව් පුරෝ ගන්නවා. නරකාදිය තමයි අන්තිමට...?
යහපත් පාලකයෝ මතුවට හෝ බිහිවේවා...!