(ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානායක)
මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු අද (13) අළුයම ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.
ගම්පහ , පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා මෙසේ ඝාතනය කර තිබේ.
පහරදීමක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් අද අළුයම 2.30 ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් එම දරුවාගේ මවගේ අනියම් සැමියා වු සැකකරුව ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි .
ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ වගේ තිරිසනුන්ට මරන දන්ඩනය හැබෑවටම දුන්නට වරදක් නැහැ. නමට මරන දන්ඩනය දීල හිරේ දමාගෙන කන්න දිදී මුරකරන එක ජාතික අපරාදයක් ද රටෙ මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දිත්.
ඔක ඉතින් හැමඩාම කිය කියා ඉන්නෙ නැතුව, උබලාට බැරිනම් මිනීමරන්න සුරුට්ටුවන්ව වහාම සෞදි අරාබියාවට භාර දියල්ල. එගොල්ලො ලස්සනට වැඩෙ කොරල දෙයි.
අමු තිරිසන්නු, පව් අහිංසක දරුවා.
ආයුධ පෙන්නන්න ගල්වලකට එක්කන් යන්න මේකාව...
මරණ දඩුවම දෙන්න ඕන ආයෙත් මේ වගේ වැඩ රටේ සිද්ධ වෙන්නේ නැතුව තියන්න