
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින් කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා අද දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.
ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපති වරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු එක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරැල්ලෙ කනත්තට අවමංගල රථ හැර වෙනත් රථ ඇතුළු කරන්න දෙන්නේ නෑ. එතකොට මේ තැනැත්තා ණය මුදලක් දෙන්න මහපාරට යන්නේ මොකටද බැංකුවෙන් හරි ගෙදරදි හරි ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න තිබුණනේ.
මිනීමරු සිංහල සුරුට්ටුවන්ගේ මේවගේ දේවල් හරියට පළකරන්නෙම නෑනේ.ඕකම මුස්ලිම් හෝ දෙමල අයෙක් කෙරුවා නම් නම් ගම් ,ආපු ෆ්ලයිට් ,ආපු වෙලාව හැම මගුලම දායි .
සිද්ධිය මොකක් වුවත් ආදරණීය බිරිඳගේ සොයා බැලීම නිසයි ඔහු දිවි ගලවාගෙන ඇත්තේ වගක් වැටහෙනවා. මේක වෙනම කතාවක් නෙවෙයි නම්.
ජාතික රක්ෂණ සංස්ථාව කියලා එකක් තිබුනා ඒ කාලේ.ඒක විකිණුවා.ගත්තේ ජනශක්ති එකෙන් .ජීවිතේ හැම දෙයක්ම සල්ලි නෙමෙයි කියලා තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ .අපි යන්නේ කවදද කොහොමද කියලා අපි දන්නේ නෑ .ඒ නිසා සල්ලි වලින් උඩ පැන්නත් වැටෙන්නේ බිමට කියලා මතක තියාගෙන 2023 ට ඇතුළු වෙන්න