(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ.
රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව මෙරට ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සුදානමින් සිටින බව ද රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ද ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඒක අපට ලබාදෙන්න අපි බස්වල ගොඩක් දුක් විඳිනවා.
මේ ඒකඟතාව රටට ජාත්‍යන්තර වශෙයන් හොඳ ප්‍රවනතාවයක්. ඒ්ත් සිදුවුණු රුපියල් කෝටි 597.8ක අලාභය ගැන නොවෙයි දැන් කල්පනා කළ යුත්තෙ. ඉතා සුළු පොළියකට දිගු කාලීන ආපසු ගෙවීමේ පදනම මත ණයක් ලෙසයි මේ ව්‍යාපෘතිවය ක්‍රියාත්මක වන්නෙ. ඉතින් ව්‍යාපෘතිය අවසානයේ ඔය ණය මුදල තව කොපමණ වැඩි වෙයිද? දැන් රට දුවන්නෙත් පෙර ගත් විදේශීය ණය ආපසු ගෙවීම පැහැර හරිමින්. ඒ් ණය ආපසු ගෙවීමටවත් තවම ක්‍රමයක් නැතිව තව තව ණය වීම නුවණට හුරු ද? අනික දැන් තිබෙන දුම්රිය සේවයත් නඩත්තු කර පවත්වා ගන්නෙ දැඩ් අපහසුවකින්. කෝටි 597.8ක අලාභය දරා ගනිමින් නැවත මේ පිළිබඳ සලකා බැලීමයි සුදුසු.
එවකට සිටි උපදේශකයින්ගේ ලනු කාල ගත්ත අමන තීරණය නිවැරදි කරන්න දැන් ඉන්න ජ්‍යේෂඨ උපදේශකගේ උත්සාහය බෙහෙවින් අගය කල යුතුය. එය සාර්ථක වේවායි පතමු.
ජපානය කියන්නේ ඉතා හොඳ මිත්‍රශීලී රටක්. චීනය වගේ බළ තණ්හාවක් හා රටවල් ඇල්ලීමේ යටි අරමුණු ජපානයට නැහැ.
Better to check with that bloody Professor whether to accept or not???
කුමන අඩු පාඩු තිබුනත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉතාමත් ඉහලයි. අතිතය කුමක් වුනත් ඉදිරියේ මෙවැනි දූරදර්ශි ක්‍රියාමාර්ග දිගටම ගතහොත් ඔහුත් රටත් සාර්ථක වේවි.
අමූලික බොරුවක්...! පොහොට්ටුවෝ ආපහු බලයක් ලබාගන්න පතුරුවන බොරු ප්‍රචාර... රැවටෙන්න නම් එපා..!
ඔය එන්නේ ඇමරිකන් කුමන්ත්‍රණය තමයි. ජපානය යොදාගෙන MCC AFSA ගිවිසුම කරලියට ගැනීමයි මෙහිදී කරන්නේ... අපේ මෝඩයින් සල්ලි දෙනවා නම් ඕනෑම දෙයක් හොඳයි කියලා බාරගන්නා පිරිසක්.
ඉනිමගකුත් දෙනවද නගින්න..?
පහුගිය කාලේ පුරාවටම දේශපාලුවන් කියාපු සුරංගනා කතා අපිට දැන් අහලාම ඇති වෙලා... ආසියාවේ ආශ්චර්යය හීනෙනුත් පේනවා වගේ...
අර වියතෙක් කිව්ව නේද සෑර්...? මේ දුම්රිය වලින් කන්ටේනරයක් ගෙනියන්න බැහැ.. මිනිත්තු 5ක් ඕනේ නම් කලින් යයි කියලා... කෝ දැන් මෙයා..? බාර් එකක බියර් බොනවලු බඩ අතගගා, මොලේ වැඩෙන්න...
මේකෙ මහාචාර්යවරයා කිව්වා මේක කාණු මත දුවන නිසා කන්ටේනර් පෙට්ටි පටවන්න බැහැ කියලා... ඇමෙරිකාවේ ජීවත්වුණු රටරකින විරුවා... ඒක අනුමත කරන්න ඔලුව වැනුවා.
පී බි ජයසුන්දර කියන ආර්ථික ඝාතකයා දැන් කොහෙද ඉන්නේ.
හැකි ඉක්මනින් මේවා ක්‍රියාත්මක කර ජනතාවට ලබා දෙන්න.
මගේ පුද්ගලික අත්දැකීම් අනුව ජර්මනියේ, තායිලන්තයේ, ඉන්දියාවේ මිනිස්සු මේ සැහැල්ලු දුම්රිය වලින් විශාල පහසුවක් ලබනවා. කලට වේලාවට ඔය දුම්රියවලට යන්න පුළුවන් විදියේ ද්විත්ව මාර්ග ක්‍රමයට ඒවා හදන්න ඕනෑ. ණය අරගෙන අරපිරිමැස්මෙන් කටයුතු කළානම් රට දියුණු කරන්න තිබුණා. ණය ගෙවලා දාන්නත් තිබුණා. සාටක කල්ලියේ නීච, පොහොට්ටු හොරු රංචුව ඉතිහාසයේ කවදාවත් නොවෙච්චි විදියට ඉවක් බවක් ලවක් දෙවක් නැතුව ගසාකන්න ගත්තු නිසා රටට මේ විනාසේ වුණේ. අනික මේක මේ රනිල්ට ගුණ වයන්න වෙලාවක් නෙමෙයි. එයත් මේ හොර පොට්ට කාසියේ නෝනා හරි, පොල්ල හරි. ඒ නිසා මොන ණය ව්‍යාපෘතිය කළත් මහජනතාවට මාධ්‍යවලට නිරතුරුවම පස්සෙන් ඉඳන් සෝදිසියෙන් හිටියොත් විතරයි. මේ රට ගොඩගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සංවර්ධනේ නාමෙන් මොන දේ කළත් මොවුන් ටික අන්තිමට රටම කාලා රට ණය කරලා විකුණලත් දාලයි ඉවර කරන්නේ. අන්න ඒක අතැඹුලක් විදියට ජනතාව හිතට ගන්න ඕනි දෙයක්...
පොහොට්ටුවන්ගේ දූෂණ පටවාගන්නත් පටන් අරන් නේද? හපොයි මගේ රට...!