(අජන්ත කුමාර අගලකඩ)
අලුතින් ඇමතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
කැබිනට් මණ්ඩලය සඳහා අලුතින් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට අදාළ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස කිහිපයකට ඉහත දී යවනු ලැබූ නමුත්, ඇමතිවරුන් පත් කිරීම දිගින් දිගටම කල් ගියේය.
අලුතින් ඇමතිවරුන් පත් කිරීම අයවැය සම්මත වීමෙන් අනතුරුව සිදු කෙරෙනු ඇතැයි ද ආරංචි පැතිර ගිය නමුත් එය ද තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ.
කැබිනට් මණ්ඩලය මේ වන විට දහ අට දෙනෙකුගෙන් සමන්විත වන අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිව තිබේ.
ඒ අනුව ඇමතිවරුන් දොළොස් දෙනකු අලුතින් පත් කිරීම ලබන ජනවාරි මාසයෙන් පසුව සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.
කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක,එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන,කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඒ එල් එම් අ තාවුල්ලා යන මහත්ව,රුන්ට අමතරවසමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකුද පත්කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.
මීට අමතරව,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉතිරි පිරිස පත්කරනු ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඇත්තෝ මක්කටෙයි? ඉන්න හාල්පාරුවෝ හැත්ත මදැයි?
මොන විකාරයක්ද? ණය අරගෙන ඇමැති මණ්ඩලය නඩත්තු කරන්න යන්නේ?
මේ කාලකණ්ණි තාම මැති ඇමැතිකම් ගැන හිතනවා. රට මෙච්චර පහළට වැටිලා තියෙද්දී...
IMF එකත් අන්දන්න හදන්නේ... මේ මිනිසුන් නම් හැදෙන්නේම නෑ.
රටේ මිනිස්සුන්ට තුන්වේල කන එක.. ලාබෙට බෙහෙත් ගන්න එක කරගන්න විදිහක් නෑ. ළමයින්ට පොතක් ගන්න සල්ලි නැහැ. ඒ අස්සේ තවත් මගුල් නටන්න හදන්නේ. මේ මිනිස්සු රටේ වෛරක්කාරයෝද?
මේ නඩේ දැන් හදන්නේ සුද්දන්ටත් කොකා පෙන්නන්න වගේ... මෙහෙම නරුම රැළක්...
IMF එකට මතු පරපුර උගස් තියලා හොරු, කප්පම් කාරයෝ, කසිප්පු කාරයෝ , ස්ත්‍රී දූෂකයෝ, කොටින්ම කිව්වොත් ශිෂ්ට සමාජ විරෝදීන්ව නඩත්තු කරන්නද හදන්නේ.
දූෂිත දේසපාලුවෝ රැකුණොත් ඇති.රටට හෙන ගැහැව්වත් වගේ වගක් නැහැ. බලලෝබි ,බඩගෝස්තරවාදියෝ .වැඩකට නැති හාල්පාරුවෝ ?
ණය අරන් රට දියුණු කරන වැඩපිළිවෙළකනේ ඇමති මණ්ඩලය වැඩි කරගෙන තවත් රට අරාජික කරන්න වගේ මේ දූෂිත පාලකයෝ හදන්නේ..!
මේ කතාව ඇත්ත නම් මේ යෝජිත ණය මුදල රටට නො ලැබීමයි වඩා යහපත්. ලැබුණොත් ඒ මුදලත් වතුරේ.
කාලකණ්ණි රටට කරන අපරාධයට නමය් මොවුන්ට හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
ඒ කියන්නේ ඇමතියෝ පත් කරන්නේ ණයට...
හෙණ්ඩුව අත් නොහරින ඇත්ගොව්වා..! සූත්තර පුංචා...
සමගි ජනබලවෙගයෙන් ඇමැතිකමට එන ගොයියාගේ නම කියන්නත් බයයි එතරමට ගොයියා නොටෝරියස්
මේ කාලකන්නි හැත්ත හොරා කාලා හොර කලා, තවත් කෙලින්න මාන බලන්නේ.
රුසියාවේ ඇමතිවරු ගණන 21. ලංකාවේ දුෂිත පාලකයෝ ජනතාවගේ ජනමතයක් නැති ඕනෑම ඔළුගෙඩි මාරුවෙන් බලේ රැක ගන්න මහජන මුදල් කාබාසිනියා කරන හැටි.
එකත් බෙදාගන්න හදන්නේ.
අපසු නම් චන්‌දෙ දෙන්නෙ නෑ ඇමෙති මන්ඩලය උපරිම 15 කට සීමා කරනව කියල නීත්‍යායනුකුල මහජන ලියවිල්ලක් දීල චන්දෙ ඉල්ලන කන්ඩායමකට පමනයි.
නරින්, කපුටන්, මයිනන් එළවන්න මේ රටින්...
කැබිනට් එකට 226 (ජනාධිපති ඇමැති කෙනෙක් නිසා) දෙනාම ගත්තත් අපිට කමක් නැහැ. නමුත් ලෝකයෙන්ම හිඟාකාලා ගෙනෙන සියල්ලම ඔවුන්ගේ හා සුදු අලි පළාත් සභා නඩත්තු කරන්න දෙන්න බැහැ. ඇත්තටම පළාත් සභා මොකටද? මම ඊයේ දැක්කා (ඉරිදා නිවාඩු දවසක්) එක ක්ෂේත්‍ර නිලධාරිනියක් මෙට්ට ටිකක් පටවාගෙන යනවා. ඇත්තටම ඔවුන්ට කරන්න හරියට රාජකාරියක් නැහැ. එහෙම නිවාඩු දවස්වල එහෙම කරන්නෙ මූලික වැටුප විස්සෙන් බෙදලා දින වැටුප් හා ගමන් වියදම් හා සංයුක්ත දීමනා ගන්න රියදුරු සඳහා අතිකාල හා ගමන් වියදම් ආදිය ගෙවන්න වෙනවා ඉන්ධන වැයවෙනවා. මේවා නාස්ති කිරීම් තවත් කොපමණ ඇද්ද? ඒකයි මම කියන්නේ පළාත් සභා අහෝසි කරන්න කියලා. මෙහෙම නාස්ති වෙන්නේ දරුවන්ට අධ්‍යාපනය සඳහා ජනතාවගේ කුසගින්න නිවීමට රටේ සංවර්ධනය සඳහා ලෝකයෙන් හිඟාකන මුදල්, එනිසා මෙහෙම නාස්ති වළක්වන්න ඕනෑ..
ආදරණීය විදේශගත ලාංකිකයිනි මේ නරුමයන් වෙනුවෙන් එක ඩොලර් එකක් එවන්න එපා මුං හදන්නේ තම තමන්ගේ පරම්පරාවටත් එක්කම එකතු කර ගන්න කටාර් වල අපි
මේක IMF එකට කියල ණය නවත්තපල්ල. තව ණය වැඩි වෙල උන් දියුනු වෙනව