IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඇමති සංශෝධනය ණය අනුමත වූ පසු

(අජන්ත කුමාර අගලකඩ)

අලුතින් ඇමතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

කැබිනට් මණ්ඩලය සඳහා අලුතින් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට අදාළ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස කිහිපයකට ඉහත දී යවනු ලැබූ නමුත්, ඇමතිවරුන් පත් කිරීම දිගින් දිගටම කල් ගියේය.

අලුතින් ඇමතිවරුන් පත් කිරීම අයවැය සම්මත වීමෙන් අනතුරුව සිදු කෙරෙනු ඇතැයි ද ආරංචි පැතිර ගිය නමුත් එය ද තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ.

කැබිනට් මණ්ඩලය මේ වන විට දහ අට දෙනෙකුගෙන් සමන්විත වන අතර,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව ඇමතිවරුන් දොළොස් දෙනකු අලුතින් පත් කිරීම ලබන ජනවාරි මාසයෙන් පසුව සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.

කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක,එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන,කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඒ එල් එම් අ තාවුල්ලා යන මහත්ව,රුන්ට අමතරවසමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකුද පත්කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

මීට අමතරව,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉතිරි පිරිස පත්කරනු ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (26)

ඇමති සංශෝධනය ණය අනුමත වූ පසු

සමන් - ඕමානය Sunday, 11 December 2022 12:59 PM

තවත් ඇත්තෝ මක්කටෙයි? ඉන්න හාල්පාරුවෝ හැත්ත මදැයි?

:       2       55

VIJITHA Sunday, 11 December 2022 06:40 PM

කවුරු මොනවා කීවද කැබිනට් මණ්ඩලය සඳහා අලුතින් ඇමැතිවරුන් 12 දෙනකු හෝ 18 දෙනෙකු පත් කිරීම කළහොත් පවතින ගැටළු සඳහා ඉක්මන් විසඳුම් ලබාදීමට හැකිවේ. අරගලකරුවන්ගේ ඉල්ලීම් සහ ගැටළු විසඳීමට අලුතින් ඇමැතිවරුන් පත්කළ යුතුවේ..

:       28       3

මොහොට්ටාල Monday, 12 December 2022 06:31 AM

ලැබෙනවා කියන කෝටි 290 පත්කොරන්න හදන ඇමතියෝ උන්ගෙ පවුල් හා හෙංචයියො නඩත්තුවට ඇතෙයි. එතකොට ණයක් ගන්නෙ ඇමතියෝ පත්කොරන්න සල්ලි නැතිනිසාද කියපල්ලා

:       0       7

SENA Sunday, 11 December 2022 01:35 PM

මොන විකාරයක්ද? ණය අරගෙන ඇමැති මණ්ඩලය නඩත්තු කරන්න යන්නේ?

:       3       58

Rata Perata Sunday, 11 December 2022 01:56 PM

මේ කාලකණ්ණි තාම මැති ඇමැතිකම් ගැන හිතනවා. රට මෙච්චර පහළට වැටිලා තියෙද්දී...

:       3       62

කිරිපුතා Sunday, 11 December 2022 02:59 PM

IMF එකත් අන්දන්න හදන්නේ... මේ මිනිසුන් නම් හැදෙන්නේම නෑ.

:       2       48

Buddika Sunday, 11 December 2022 03:01 PM

රටේ මිනිස්සුන්ට තුන්වේල කන එක.. ලාබෙට බෙහෙත් ගන්න එක කරගන්න විදිහක් නෑ. ළමයින්ට පොතක් ගන්න සල්ලි නැහැ. ඒ අස්සේ තවත් මගුල් නටන්න හදන්නේ. මේ මිනිස්සු රටේ වෛරක්කාරයෝද? 

:       2       42

Dewa Sunday, 11 December 2022 03:16 PM

මේ නඩේ දැන් හදන්නේ සුද්දන්ටත් කොකා පෙන්නන්න වගේ... මෙහෙම නරුම රැළක්...

:       1       38

ravin Sunday, 11 December 2022 03:50 PM

IMF එකට මතු පරපුර උගස් තියලා හොරු, කප්පම් කාරයෝ, කසිප්පු කාරයෝ , ස්ත්‍රී දූෂකයෝ, කොටින්ම කිව්වොත් ශිෂ්ට සමාජ විරෝදීන්ව නඩත්තු කරන්නද හදන්නේ.

:       1       40

විපරමා Sunday, 11 December 2022 05:05 PM

දූෂිත දේසපාලුවෝ රැකුණොත් ඇති.රටට හෙන ගැහැව්වත් වගේ වගක් නැහැ. බලලෝබි ,බඩගෝස්තරවාදියෝ .වැඩකට නැති හාල්පාරුවෝ ?

:       1       33

PereraMonday, 12 December 2022 07:23 AM

එහෙම එවුන්ව තමයි රටේ බහුතර බුද්ධිමත් ජනතාව ඡන්දේ දීලා බලයට පත් කරගන්නේ.

:       1       3

ranjith Sunday, 11 December 2022 06:14 PM

ණය අරන් රට දියුණු කරන වැඩපිළිවෙළකනේ ඇමති මණ්ඩලය වැඩි කරගෙන තවත් රට අරාජික කරන්න වගේ මේ දූෂිත පාලකයෝ හදන්නේ..!

:       1       8

Deepal Nirosh Sunday, 11 December 2022 06:56 PM

මේ කතාව ඇත්ත නම් මේ යෝජිත ණය මුදල රටට නො ලැබීමයි වඩා යහපත්. ලැබුණොත් ඒ මුදලත් වතුරේ.

:       1       31

tissaSunday, 11 December 2022 08:30 PM

සම්පූර්ණ ඇත්ත....

:       1       14

fairoos Sunday, 11 December 2022 07:22 PM

කාලකණ්ණි රටට කරන අපරාධයට නමය් මොවුන්ට හොඳක් සිද්ද වෙන්නේ නැහැ...

:       1       12

sugath Sunday, 11 December 2022 08:14 PM

ඒ කියන්නේ ඇමතියෝ පත් කරන්නේ ණයට...

:       1       16

Shantha perera Sunday, 11 December 2022 10:41 PM

හෙණ්ඩුව අත් නොහරින ඇත්ගොව්වා..! සූත්තර පුංචා...

:       2       12

Bamunuarachchi Monday, 12 December 2022 06:50 AM

සමගි ජනබලවෙගයෙන් ඇමැතිකමට එන ගොයියාගේ නම කියන්නත් බයයි එතරමට ගොයියා නොටෝරියස්

:       0       5

Willow Drive Monday, 12 December 2022 07:01 AM

මේ කාලකන්නි හැත්ත හොරා කාලා හොර කලා, තවත් කෙලින්න මාන බලන්නේ.

:       0       5

siri Monday, 12 December 2022 07:10 AM

රුසියාවේ ඇමතිවරු ගණන 21. ලංකාවේ දුෂිත පාලකයෝ ජනතාවගේ ජනමතයක් නැති ඕනෑම ඔළුගෙඩි මාරුවෙන් බලේ රැක ගන්න මහජන මුදල් කාබාසිනියා කරන හැටි.

:       0       6

saman Monday, 12 December 2022 09:35 AM

එකත් බෙදාගන්න හදන්නේ.

:       0       0

ashok Monday, 12 December 2022 10:35 AM

අපසු නම් චන්‌දෙ දෙන්නෙ නෑ ඇමෙති මන්ඩලය උපරිම 15 කට සීමා කරනව කියල නීත්‍යායනුකුල මහජන ලියවිල්ලක් දීල චන්දෙ ඉල්ලන කන්ඩායමකට පමනයි.

:       0       3

Kumara Monday, 12 December 2022 11:41 AM

නරින්, කපුටන්, මයිනන් එළවන්න මේ රටින්...

:       1       4

සිරිසේන Monday, 12 December 2022 12:23 PM

කැබිනට් එකට 226 (ජනාධිපති ඇමැති කෙනෙක් නිසා) දෙනාම ගත්තත් අපිට කමක් නැහැ. නමුත් ලෝකයෙන්ම හිඟාකාලා ගෙනෙන සියල්ලම ඔවුන්ගේ හා සුදු අලි පළාත් සභා නඩත්තු කරන්න දෙන්න බැහැ. ඇත්තටම පළාත් සභා මොකටද? මම ඊයේ දැක්කා (ඉරිදා නිවාඩු දවසක්) එක ක්ෂේත්‍ර නිලධාරිනියක් මෙට්ට ටිකක් පටවාගෙන යනවා. ඇත්තටම ඔවුන්ට කරන්න හරියට රාජකාරියක් නැහැ. එහෙම නිවාඩු දවස්වල එහෙම කරන්නෙ මූලික වැටුප විස්සෙන් බෙදලා දින වැටුප් හා ගමන් වියදම් හා සංයුක්ත දීමනා ගන්න රියදුරු සඳහා අතිකාල හා ගමන් වියදම් ආදිය ගෙවන්න වෙනවා ඉන්ධන වැයවෙනවා. මේවා නාස්ති කිරීම් තවත් කොපමණ ඇද්ද? ඒකයි මම කියන්නේ පළාත් සභා අහෝසි කරන්න කියලා. මෙහෙම නාස්ති වෙන්නේ දරුවන්ට අධ්‍යාපනය සඳහා ජනතාවගේ කුසගින්න නිවීමට රටේ සංවර්ධනය සඳහා ලෝකයෙන් හිඟාකන මුදල්, එනිසා මෙහෙම නාස්ති වළක්වන්න ඕනෑ..

:       0       3

අජිත් වීරතුංග කටාර් රාජ්‍යය Tuesday, 13 December 2022 12:17 AM

ආදරණීය විදේශගත ලාංකිකයිනි මේ නරුමයන් වෙනුවෙන් එක ඩොලර් එකක් එවන්න එපා මුං හදන්නේ තම තමන්ගේ පරම්පරාවටත් එක්කම එකතු කර ගන්න කටාර් වල අපි

:       0       0

dilini Tuesday, 13 December 2022 02:32 AM

මේක IMF එකට කියල ණය නවත්තපල්ල. තව ණය වැඩි වෙල උන් දියුනු වෙනව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1487 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 399 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 632 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1153 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 736 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 970 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site