(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරා දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත එම සිසුන් දස දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් දස දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගත් බවයි.
සිද්ධියට සම්බන්ධ සිසුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බව ද පැවසීය.
එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. මොනවා වුණත් ගහන්න වටින්නේ නැහැ. හරි නම් හිරේ දාන්නයි ඕනේ...!
රට මේ තත්වයට පත් වෙලා තියෙන්න ප්‍රධාන හේතුවක් තමයි කිසිදු අංශයක විනයක් නැති වීම.මේ මිනිස්සු විශ්ව විද්‍යාල වලින් පිට වෙලා රැකියා වලට ගියත් කරන්නෙ තක්කඩි වැඩ. මොවුන්ට අධ්‍යාපනය දෙන්න මහජන මුදල් වැය කල යුතු නෑ. ස්ථිරවම මොවුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපිය යුතුයි .
ශිෂ්‍යභාවය අහෝසි කිරීම ප්‍රමානවත් නැහැ. රටෙ නීතියට අනුව කටයුතු කරන්න.
මහන්සිවෙලා ඉගෙනගෙන දෙමාපියන්ගේ බලාපොරොත්තු සඵල කරලා උසස්පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට ඇවිත් එක එක අන්තවාදී දේශපාලන මතවලට රැවටිලා, තරුණ මදයෙන් ඔද්දල් වෙලා තමන්ගේම අනාගතය වල දාගන්නවා. මොවුන් ඔතැනදී විනයක් හදාගත්තේ නැත්නම් සමාජයටම කරදරයක්...
හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තියලා සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න ශිෂ්‍ය භාවය අහෝසි කිරීම පදනමක් නැති ක්‍රියාවක්... අනෙක කිසිම විනය පරීක්ෂණයක් පවා නැතිව එහෙම අත්තනෝමතිකව ඔය වැඩේ කරන්නේ පරිපාලනය ගැන අවබෝධයක් නැති නිසයි...
දැන් ඒකටත් ඔය කාලකන්නි උද්ඝෝෂණය කරයි. පිනට උගන්වන එකේ සාපය තමයි ඔය.... සුලු හරි රස්සාවක් කරන ගමන් ගෙවලා ඉගෙන ගන්නවා නම් ඔය මගෝඩි වැඩ වලට වෙලාවක් නැති වෙනවා...
මේක තමයි ජවිපෙ දේශපාලනය... අපිට විශ්ව විද්‍යාල පද්ධතිය පිරිසිදු කළ යුතුය.
කිසිම විනයක් නැති අය. හිතන්න ඇති මහලොකු හපන්කමක් කෙරුවා කියලා. ලැජ්ජයි. විශ්ව විද්‍යාලයේ ඔවුන්ගේ හැසිරිම ගැන... විද්‍යා දදාති විනයං කියලයි බුදු දහමෙන් උගන්වලා තියෙන්නේ. දොට්ට දාලා විතරක් මදි, නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි.
විශ්ව විද්‍යාලවලට ඇතුළුවන සිසුන් බොහෝදෙනෙක් පාසලේදී ශිෂ්‍ය නායක තනතුරු දරා පහළ පන්තිවල සිසුන්ද බලාගනිමින් පාසලේ විනය පවත්වා ගැනීමටත් දායකත්වය දැරූ කොටසක්... නමුත් අවුරුද්ද යනවිට වෙනස්වී නවක සිසුන්ට නවක වදය දෙනවා. පෙළපාලි ගොස් කලබල කර කඳුළු ගෑස් කනවා. මොකද මේ විශ්ව විද්‍යාලය කියන්නේ රටට වැඩදායක ඵලදායක පුද්ගලයෙක් රටට බිහිකරන තැනක් නොවෙයිද? ඉහළට යනවිට නිදහස් අධ්‍යාපනය ඵලදායක නැද්ද? වහාම සොයාබැලිය යුතුයි.
සම්පූර්ණයෙන් ශිෂ්‍යභාවය අහිමි කරන්න ඕනෑ. සම්බන්ධ හැමෝටම දැනෙන දඬුවම් දෙන්න ඕනෑ. දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ වටිනාකමක් නොදන්න පරම්පරාවක් මේක...
අපරාදෙ, නිකන් කැම්පස් එකේ ඉගෙනගන්න ලැබිච්ච චාන්ස් එකට කෙළවා ගත්තා. දැන් ඉතින් වීරකම් ඉවරයි පුතා. ඔය හිටපු යාළුවොත් නෑ. පලයන්..., දැන් ගිහින් ගමේ කුඹුරක්වත් කොටන්න දෙමව්පියන්ට, රටට බරක් නොවී.
ජීවිත කාලයේම සිරගත කරන්න. ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙන ගන්න කාලකණ්ණි.
උපකුලපති ගහනකම් හිටියා ඇස් ඇරෙන්න. නවක වදය නවත්වන්න මුකුත් කරන්නේ නැත්තේ ඒකෙන් උපකුලපතිට ප්‍රශ්නයක් නැති නිසා. ඔය තහනම් කිරීම් තාවකාලිකයි. ඊට පස්සේ හැමෝම පුරුදු තමන්ගේ පුරුදු දේවල් වලට බහිනවා...
මම දකින ආකාරයට රටේ අධ්‍යාපන ක්‍රමයේ විශාල දෝෂ තියෙනවා. උගත් කියන අය තමයි රට මෙතැනට වට්ටන්න දූෂිත, තක්කඩි දේශපාලුවන්ට කියලා දුන්නේ. ශිෂ්‍යයින් ගිරව් වගේ කට පාඩම් කරලා විභාග කරවනවා. මොලේ කිසිම බුද්ධියක් තිබුණා වෙන්න නැහැ. ඉතින් සමාජයට එන්නේ මෙලෝ වැඩක් නැති අය. නිකන් ඉඳන් ගිලින්න බලාගෙන ඉන්නේ. රටට ඵලදායි කිසිම දෙයක් ඔවුන් කරන්නේ නැහැ. හොයන්නේම රජයේ පුටු රත්කරලා අහින්සකයින්ගේ බදුමුදල් වලින් යපෙන්න. ඒ මදිවාට හොරා කනවා හිටු කියලා. නිකන් දෙන එකේ අගේ නැහැ. මොවුන්ට හොඳ නීති දන්න ඕනෑ උණ ගන්න..
කොන්දක් ඇති අයට හොඳ තීරණයක්...
අවජාතක ළමයි...!
පාස්කු බෝම්බ ප්‍රහාරය කළ අයට දඬුවම් දුන්නා, බැඳුම්කර වංචාව කළ අයට දඬුවම් දුන්නා, සීනි බදු වංචාව අතටම අල්ලා ගත්තා. ඒ වගේම මේ සිද්ධියටත් ඉක්මණින්ම නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටු වෙනවා.
මේ වගේ පාහර වැඩ කරන්නේ පහත් විදියට බැන ගන්නේ, ගහගන්නේ අර දියවන්නාවේ ඉන්න තිරිසන් නූගත්තු ටිකනේ... මතකනේ අර පොලු අරන් ගහපු හැටි. උගත්කම ලබන්න විශ්ව විද්‍යාලෙට ආපු මේ අයත් ඔවුන්ව ආදර්ශයට අරන් වගේ ගහන්න, මරන්න යනවනේ අම්මපා. රටම විනාශයි.
අපි හිතුවේ විශ්ව විද්‍යාලවල ඉන්නේ උගත්, බුද්ධිමත්, ගෞරවනීය ළමයි කියලා. දැන් මෙයාලාද මේ රට හදන්න එන්නේ...?
ඔය වගේ කාලකන්නින්ට කිසිම සමාවක් දෙන්න නරකයි. අහිංසක මිනිස්සුන්ට ලොකුකම් පෙන්නන එවුන්
ජේවීපී සහ පෙරටුගාමී පක්ෂ තරහනම් කල යුතුයි.
හොදම වැඩේ උන්ට.. අම්මල, තාත්තල දහදුක් විදල උගන්වල අමාරුවෙන් කැම්පස් ගිහින් රටෙ මිනිස්සුන්ගෙ බදු මුදලින් පිනට ඉගෙන ගන්නෙ නැතිව... කැම්පස් එක ඇතුලෙ පාතාල වැඩ කරනවට.... දොට්ට දාල විතරක් මදි.. ඔකුන්ට රටෙ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන... මුන් උපාදි අරගෙන එලියට ගියාම කොහොමට හිටීද?... තක්කඩි....
ගැහුව එක නෙමෙයි ගහපු හේතුව හොයන්න ඕන.
ශිෂ්‍යභාවය අහෝසි කිරල පමනක් නොවේ අඩු තරමින් වසර 10 කට එහා සිර ගත කලයුතුයි. අහිංසක එවගෙම බහුතරයක් දුප්පත් දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් කරල, විප්ලවකාරී දේශපාලන කරන්නවුන්ගේ කපටි කමට රැවටෙන දරුවන් බිලි බා ගන්නා සංවිධාන වලටත් දඞුවම් දිය යුතුමයි. දැන් ඔය කාලකන්නි පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණය කරයි. පිනට උගන්වන එකේ සාපය තමයි ඔය.... ඖ, දියුනු රටවල විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කරන අතර තුර නිවාඩු කාල වලදී, (එරට වාසීන්) අඩු ආදායම් ලාභීන් ම පමනක් නොවේ, විදේශ රට වලින් උසස් අධ්‍යාපනයට ආ පමනක්ම අයම නොවේ, අමතර ආදායම් මාර්ග වල නියැලෙනව. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න කාලයේදී දෙන ණය මුදලද රැකියාවක් ලද දින සිට ඒ ණය මුදල අපසු ගෙවි යුතුයි. දියුනු ඒකයි ඒ රට වල්.
මුලිකවම ගහපු හේතුව හොයාගන්න ඔන.. හේතුවට ප්‍රතිකර නොකර පලය නැති කරන්න බෑ..
විශ්ව විද්‍යාල වල ගුරු ශිෂ්‍ය සම්බන්ධය අඩුවීම නිසාම මෙවැනි ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකිය. ගුරුවරුන් තම සිසුන් අතර දුරස්ථ භාවය අඩු කොට හොදින් අධ්‍යාපනය ලබාදෙන ලෙස කටයුතු කිරීම මගින් පමණක්ම මෙවැනි දේ වළක්වා ගත හැකිය
මුන් ටික ගෝල්පේස් පිට්ටනිය ගෙනිහිල්ලා ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන.
මුන්ට සහ නවක වදය දෙන උන්ට දැඩි දඩුවම් දිය යුතුයි. ඕකුන් හිතං ඉන්නේ විශ්ව විද්‍යාල කියන්නෙ වෙනම රාජදානි කියලා. ඒවයෙ රටේ නීතිය බලපාන්නෙ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි ඕකුන්ගෙ පිංතූරය සම්පූර්න නම ,ලිපිනය දෙමාපියන්ගේ නම් සහ ඉගෙනගත් පාසල් වල නම් සහ ලිපිනයනුත් ප්‍රසිද්දි යට පත් කල යුතුයි.