(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල වශයෙන් අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබාදීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දීමට නියමිත ණය මුදල් සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 22 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අමතර රැස්වීමක් කැඳවා ඇති අතර එම රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය දෙසැම්බර් මස අවසානයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළත් මේ වන විට එහි ප්‍රගතිය මන්දගාමී වී ඇති බවත් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාද අනුමැතිය ලබා ගැනීම ජනවාරි දක්වා කල් යා හැකි බව ඉකුත් මාසයේ පිළිගත් බවත් එම පුවත් සේවය සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්චා ප්‍රමාද කිරීම නිසා අපට මේ අවාසනාවන්ත තත්වය ඇතිවුනා.
අද නොවේ හෙට.
මුළු ලෝකෙටම බරක් වෙච්ච හිඟන ජාතියක්. ණයෙන්ම තමයි ජිවත් වෙන්න හදන්නේ.
අර ගමේ කතාවක් තියෙනවනෙ... ණයක් දෙන්න ඉස්සෙල්ල හොරෙක්ද පොලුකාරයෙක්ද කියල හොයල බලනව කියලා. ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒකයි. පට්ට කම්බ හොරුන් රට පාලනය කරපු රටක් කියල මුලු ලෝකෙම දන්නව. එහෙම වෙලත් කමිබ හොරු තාමත් මර්දනයෙන් ඉතිරි ටිකත් කන බව දන්නව. සුදදො අපේ රටට තාමත් කියන්නෙ "Pearl of the Indian ocean" කියල. අනේ මේ අය රටට කරපු අපරාදයක්!!!
ඇයි අර ප්‍රසන්න රනතුංග මහත්තයා කිව්වෙ , වේගයෙන් දියුනුවෙමින් තිබුන රට අරගල කරුවන් විනාශ කලා කියලා . ඔය හිගාකෑම නොවෙන්න ගියා රාජපක්ෂලා චීනෙත් එක්කතුවෙලා කරන්න ගිය කොඩිවිනය හරි ගියානම්, එහෙම උනානම් අපිට චාං චූං බාසාවෙන් කතාකරන්න පුලුවන් කම ලැබෙනව.
ණය අරන් රට ගොඩනගන්න බැහැ රට ගොඩනැගිය හැක්කේ ලංකාවේ සහ පිටරට ජිවත්වන පුරවැසියන්ට පමණි.
අය්. එම්. එෆ්. බාලගිරි දොසය ඉවරවෙන්න මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි.
මාස 6කට කලින් රනිල් විරය වගේ ආවේ IMF එකෙන් දෙන බිලියන් දෙකක් සාක්කුවේ දාගෙන ඉන්නව වගේ නේද ?
කාලකන්නි දේශපාලකයන්ට හොඳ වැඩේ.
Elon Musk ට නියමු අපේ රට ඩොලර් බිලියන 5ක් දීල සල්ලි වලට ගන්න කියල
ඔය IMF ණය මුදල ලැබුණු ගමන් කරන්න හිතන් හිටියේ ඇමැති මණ්ඩලය වැඩි කරගන්න එකයි. මේ එක අයකුවත් රට ගැන අබ මල් රේණුවක් තරම්වත් හිතන අය නෙමෙයි. ඊට පස්සේ සියලු වරදාන ලබාගෙන ඒ ගොල්ලන්ට ජොලියේ ඉන්න. රටට නම් තඹ දොයිතුවකවත් යහපතක් කරන්නේ නැහැ.
චීනෙට තියෙන්නේ ඩොලර් බිලියන 7ක ණය විතරයි... අනිත් රටවල් එක්ක කතා කරලා ණය බේරලා තිබ්බා නම් මෙලහට ඉතුරු රටවල් එක්ක කතා කරලා ණය ප්‍රතිව්‍යුහගත කරලා අයි.එම්.එෆ්. ණය අරගෙනත් ඉවරයි. කොහේද ඉතින්...?
ඔක්කොම අඳුරනවා. මට පුළුවනි වැඩේ දෙන්න කියලා නේද අර යකා ආවේ. දැන් මොනවද මේ කියන බයිලා.