(අංජුල මහික වීරරත්න)
පශු සම්පත් සංවර්ධනය සඳහා 2022 අතුරු අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන දෙසීයක මුදලින් කිසිදු ප්‍රයෝජනයක් නො ගැනීම නිසා එම මුදල නැවත මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
අතුරු අයවැයෙන් වෙන්කරන ලද මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශ නිලධාරීන් ගෙන් කළ විමසීමක දී මෙම කරුණ හෙළිදරව් වී ඇත.
එහිදී නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ අදාල මුදල වියදම් කිරීම සඳහා ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස පැවසුවත් කිසිදු පළාත් සභාවක් එවැනි ව්‍යාපෘති ඉදිරිපත් නොකළ බවයි. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අඩුම තරමින් බිත්තර සහ කුකුළු කර්මාන්තය නැංවීම සඳහා වත් මෙම මුදල යොදා ගැනීමට තිබූ බවයි.
අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් නිරුත්තර වී ඇති බවත් ආර්ථික අර්බුදයක් මැද වුවත් මෙලෙස පශු සම්පත් සංවර්ධනයට මුදල් වෙන් කරන්නේ වැටී ඇති ජන ජීවිතය යම් පමණකින් හෝ නැංවීමට වන නමුත් මෙලෙස මන්දගාමීව කටයුතු කිරීමෙන් රට නැවත ගොඩ නඟන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයන්ට චෝදනා කරනවට වඩා ඇතුළට ගිහින් බැලුවහම ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ මේ බහුතරයක් රාජ්‍ය සේවකයන්ගේ.. මොවුන්ට තමන්ගේ රාජකාරිය මොනවද කියලවටහ් හරිහැටි වැටහීමක් නැහැ .ගෝඨාභයට ගෙදර යන්න වුනෙත් මේ වගේ නිළධාරීන් නිසා. තමන්ට කුට්ටිය හම්බවෙනවනම් ඕනෙම ජරා වැඩක් කරන්න මේ බහුතරයක් රාජ්‍ය නිළධාරීන් දෙපාරක් හිතන්නේ නැහැ . මේ රට මෙතනට වැටුනු එකට ඔවුන් වගකියන්න ඕනේ. මොවුන් හරියට කෙලින් තීන්දු තීරණ අරගෙන වැඩ කලානම් දේශපාලකයන්ට හොරාකන්න වෙන්නෙත් නැහැ ..ඒත් කරුමෙට මේ නිළධාරීන් බහුතරයක් පත්වීම අරගෙන තියෙන්නෙත් දේශපාලකයන්ට ගොට්ට අල්ලලා. ඉතින් මොවුන් දෙගොල්ලොම එකයි
ලැබෙන මුදල බොරු වැඩ වලට වියදම් කරලා දානවට වඩා හොඳයි නැවත භාණ්ඩාගාරයට එවන එක.
සල්ලි වෙන් කරා කියන්නෙ සල්ලි අතට දුන්නා කියන එක නෙවෙයිනේ. අනෙක මෙතනම කියනවා පළාත් සභාවලින් ව්‍යපෘති ආවේ නෑ කියලා. එතකොට ඒක අහන්න ඕන පළාත් සභාවලින්. මොකද ව්‍යපෘති නැතුව මොනවටද සල්ලි දෙන්නෙ?
පශු ශල්‍ය වෛද්‍යවරු විදුලි කප්පාදුව නිසා නිදා සිටිති.
වාර්ෂිකව සකසන අයවැය සදහා ඒ ඒ දෙපාර්තමේන්තු මණ්ඩල හා සංස්ථා තමන් ඊළඟ වසරේ කරන ව්‍යාපෘති අනුව තමයි මුදල් වෙන්කිරීම කරන්නෙ එහෙම නැතුව වෙනත් කෙනෙක් වෙනුවට තවත් කෙනෙකුට මුදල් දෙන්නෙ නැහැ ඇමතිතුමෝ බලන්න මෙම මුදල් දුන්නෙ කාගේ ඇස්තමේන්තු සදහාද කියලා .එහෙම වැඩ නොකර මුදල් ආපසු යැවීමට කටයුතු සැලසූ ආයතනය සදහා ඊළඟ වසරේ මුදල් ප්‍රතිපාදන නොදීමට කටයුතු කරන්න ඒ බව ජනතාවට දැනුවත් කරන්න හැමදාම නිළධාරින් නලවා වැඩක් කරන්න බැහැ වැඩ නොකරන අය අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගන්වන්න නැත්නම් සේවය අවසන් කරන්න නාස්ති වෙන්නෙ ජනතා මුදල්