(අංජුල මහික වීරරත්න)
පශු සම්පත් සංවර්ධනය සඳහා 2022 අතුරු අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන දෙසීයක මුදලින් කිසිදු ප්‍රයෝජනයක් නො ගැනීම නිසා එම මුදල නැවත මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
අතුරු අයවැයෙන් වෙන්කරන ලද මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශ නිලධාරීන් ගෙන් කළ විමසීමක දී මෙම කරුණ හෙළිදරව් වී ඇත.
එහිදී නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ අදාල මුදල වියදම් කිරීම සඳහා ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස පැවසුවත් කිසිදු පළාත් සභාවක් එවැනි ව්‍යාපෘති ඉදිරිපත් නොකළ බවයි. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අඩුම තරමින් බිත්තර සහ කුකුළු කර්මාන්තය නැංවීම සඳහා වත් මෙම මුදල යොදා ගැනීමට තිබූ බවයි.
අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් නිරුත්තර වී ඇති බවත් ආර්ථික අර්බුදයක් මැද වුවත් මෙලෙස පශු සම්පත් සංවර්ධනයට මුදල් වෙන් කරන්නේ වැටී ඇති ජන ජීවිතය යම් පමණකින් හෝ නැංවීමට වන නමුත් මෙලෙස මන්දගාමීව කටයුතු කිරීමෙන් රට නැවත ගොඩ නඟන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබේ.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පශු නිලධාරීහු නිදි
Thilina Tuesday, 20 December 2022 12:14 PM
දේශපාලකයන්ට චෝදනා කරනවට වඩා ඇතුළට ගිහින් බැලුවහම ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ මේ බහුතරයක් රාජ්‍ය සේවකයන්ගේ.. මොවුන්ට තමන්ගේ රාජකාරිය මොනවද කියලවටහ් හරිහැටි වැටහීමක් නැහැ .ගෝඨාභයට ගෙදර යන්න වුනෙත් මේ වගේ නිළධාරීන් නිසා. තමන්ට කුට්ටිය හම්බවෙනවනම් ඕනෙම ජරා වැඩක් කරන්න මේ බහුතරයක් රාජ්‍ය නිළධාරීන් දෙපාරක් හිතන්නේ නැහැ . මේ රට මෙතනට වැටුනු එකට ඔවුන් වගකියන්න ඕනේ. මොවුන් හරියට කෙලින් තීන්දු තීරණ අරගෙන වැඩ කලානම් දේශපාලකයන්ට හොරාකන්න වෙන්නෙත් නැහැ ..ඒත් කරුමෙට මේ නිළධාරීන් බහුතරයක් පත්වීම අරගෙන තියෙන්නෙත් දේශපාලකයන්ට ගොට්ට අල්ලලා. ඉතින් මොවුන් දෙගොල්ලොම එකයි
Athula kTuesday, 20 December 2022 02:05 PM
සම්පූර්ණ ඇත්ත
සෙල්ලසාමිTuesday, 20 December 2022 07:08 PM
සහතික ඇත්ත දෙමළ භාෂාවෙන් පශු කියන්නෙ එළදෙනට. ඉතින් එම සත්තු දවල්ට ඇතිතරම් තණකොළ වලින් කුස පුරවාගෙන රාත්‍රියේ වමාරමින් කනවා .මම දන්නෙ නැහැ උන් නිදාගන්නවා කියලා (ඇත්තටම මේ කියන පිරිස් එළදෙන්නු ගැන පමණක් නොවෙයි බලන්නෙ.ඒ නිසා විදෙස් ගතවෙන ගෘහ සේවිකා නම වෙනස්කරනවා වගේ තනතුරු නාමය වෙනස්කරන්න බැරිද )
කිරිපුතා Tuesday, 20 December 2022 12:34 PM
ලැබෙන මුදල බොරු වැඩ වලට වියදම් කරලා දානවට වඩා හොඳයි නැවත භාණ්ඩාගාරයට එවන එක.
himal Tuesday, 20 December 2022 03:54 PM
සල්ලි වෙන් කරා කියන්නෙ සල්ලි අතට දුන්නා කියන එක නෙවෙයිනේ. අනෙක මෙතනම කියනවා පළාත් සභාවලින් ව්‍යපෘති ආවේ නෑ කියලා. එතකොට ඒක අහන්න ඕන පළාත් සභාවලින්. මොකද ව්‍යපෘති නැතුව මොනවටද සල්ලි දෙන්නෙ?
LGPJ Wednesday, 21 December 2022 06:16 AM
පශු ශල්‍ය වෛද්‍යවරු විදුලි කප්පාදුව නිසා නිදා සිටිති.
ලංකාපුත්‍ර Wednesday, 21 December 2022 09:33 AM
වාර්ෂිකව සකසන අයවැය සදහා ඒ ඒ දෙපාර්තමේන්තු මණ්ඩල හා සංස්ථා තමන් ඊළඟ වසරේ කරන ව්‍යාපෘති අනුව තමයි මුදල් වෙන්කිරීම කරන්නෙ එහෙම නැතුව වෙනත් කෙනෙක් වෙනුවට තවත් කෙනෙකුට මුදල් දෙන්නෙ නැහැ ඇමතිතුමෝ බලන්න මෙම මුදල් දුන්නෙ කාගේ ඇස්තමේන්තු සදහාද කියලා .එහෙම වැඩ නොකර මුදල් ආපසු යැවීමට කටයුතු සැලසූ ආයතනය සදහා ඊළඟ වසරේ මුදල් ප්‍රතිපාදන නොදීමට කටයුතු කරන්න ඒ බව ජනතාවට දැනුවත් කරන්න හැමදාම නිළධාරින් නලවා වැඩක් කරන්න බැහැ වැඩ නොකරන අය අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගන්වන්න නැත්නම් සේවය අවසන් කරන්න නාස්ති වෙන්නෙ ජනතා මුදල්