(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල දෙවන වාර පරික්ෂණය සදහා කලාප කාර්යාලයෙන් මුද්‍රණය කොට පාසල් සදහා නිකුත් කරනු ලැබු 10 වන ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සිසුන් අතට පත්විම නිසා එම විභාගය නොපවත්වා ලබන 22 වැනි දාට කල් දැමූ බව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
10 වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන සිසුන් සදහා දෙවන වාර පරික්ෂණය සදහා මෙම ගණිතය ප්‍රශ්න පත්‍රය පළමු හා දෙවන වශයෙන් කොටස් දෙකකින් මුද්‍රණය කොට පාසල් වෙත භාරදි තිබුණි.
අනුරාධපුර කලාපයේ පාසල් සිසුන් ගණිත විෂය සදහා අද දින පෙනි සිටිමට නියමිතව තිබුණි. එහෙත් එම ගණිත ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර සිසුන් අතට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.
අනුරාධපුර කලාපයේ පාසල් 106 ක අධ්‍යාපනය ලබන සිසුන් සදහා දෙවන වාර පරික්ෂණයේ ගණිතය විෂය සදහා ප්‍රශ්න පත්‍ර 5,000 ක් පමණ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මුද්‍රණය කොට තිබුනා.විභාගය පැවැත්විමට නියමිතව තිබුනේ අද(19) එහෙත් එම ගණිතය ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප් මාර්ගයෙන් කල්තියා සිසුන් අතට පත්ව ඇතැයි ද ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොම රිටි යටට ගොස් තිරිවානා වතුරේ පාවෙන කාලයක් දැන් උදාවෙලා තියෙනවා. අදක්ෂ ළමුන්ට කලින්ම ප්‍රශ්න පත්‍රය දීලා විභාගයෙන් දක්ෂයින් කරනවා. උපකාරක පන්ති පවත්වා සමහරක් ගුරුවරු ගණිතයට විද්‍යාවට දක්ෂයින් ලෙසට සමාජයේ ප්‍රචාරයක් ගෙනයනවා. මෙහෙම සමත්වෙන දරුවන් ජාතික මට්ටමෙන් අසමත් වුණාම අභියාචනා යවන්නේ පාසලේම හිටපු දක්ෂයා කියලා.. කොහොමද ටිකිරි මොළේ... මොකක්ද රටට වෙන්නේ? නුවණැත්තෝ සිතත්වා...