
(යොහාන් භාසුර)
ගාල්ල වරායට වසර කීපයකින් නෞකාවක් පැමිණ නොතිබුන ද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් එම වරාය යටතේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැටුප් සහ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන ගණනක් ලබන බව එම වරායේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සේවකයන් පිරිසට වැටුප් සහ අතිකාල දීමනා ලෙස මසකට රුපියල් මිලියන ගණනක මුදලක් නිකරුනේ ගෙවීමට වරාය අධිකාරියට සිදුවී ඇති බව ගාල්ල වරායේ එම උසස් නිලධාරියා කීය.
අදාල සේවකයන් පිරිස කණ්ඩායම් දෙකක් ලෙස සේවයට වාර්තා කර අතිකාල දීමනා ද ලබන බවත් එම වරායේ සිසු සේවකයන් පැමිණීම සටහන් කිරීමට ඇඟිලි සලකුණ යෙදුව ද මෙම සේවකයන් පිරිස පැමිණීමේ පොතක අත්සන යෙදීම පමණක් කරන බව ද එම නිලධාරියා කීය.
මෙම සේවකයන් පිරිසෙන් ඇතමෙක් වරාය තුළ සුළු සුළු රාජකාරි කර කාලය ගතකර අතිකාල ද අනුමත කරගෙන පිටව යන බවත් තවත් සේවකයන් පිරිසක් පැමිණීමේ ලේඛනය අත්සන යොදා නිවෙස් බලා පිටව යන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
මෙම සේවකයන්ට ගෙවනු ලබන වැටුප සහ අතිකාල දීමනාවට සමාන සේවයක් ලබා ගැනීම සඳහා ඔවුන් වෙනත් වරායන්ට මාරු කිරීමට උත්සාහ කළ ද ගාල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකුගේ මැදිහත් වීමෙන් එම උත්සාහය නතර වෙන බව කී එම උසස් නිලධාරියා මේ ආකාරයට වරාය අධිකාරිය නිකරුනේ වැටුප් සහ අතිකාල දීමනා ලෙස විශාල මුදලක් ගෙවීම ජාතික අපරාධයක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟ අගමැති වජිර අබේවර්ධන...!
ඒ් උනාට හදිස්සියෙවත් නැවක් ආවොත් කට්ටිය ඉන්න එපැයි . ඔයාලනම් කියයි
මේ වගේ බ්‍රොයිලර් ෆාම් රටපුරා රජයේ ආයතනවල තියෙනවා. 5 දෙනෙක් එන්නේ නැති රැස්වීමට 100-1000 ගණන් සෙනඟ පෙන්නන්නේ මේ ගොල්ලෝ අරන් ගිහින් තමයි. රට කනවා.
ජනමතයක් නැතුව ජනපති වෙන්න පුලුවන් රටක වැඩ නැතුව අතිකාල ගන්න එක වැරඩිද?????
ඉතින් ඔය නිකන් පඩි ගන්න එවුන් සේරමලාම ගාල්ලේ සිංහල සුරුට්ටුවන් නේද?ඉතින් ලංකාවේම මුස්ලිම් අය වැඩිපුර ඉන්න ගාල්ලෙන් කිසිම මුස්ලිම් අධිකාරිවරයෙක් ඇයි තොපිලා අද වෙනතුරු පත් නොකළේ?