(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්නර් මහතාගේ ඝාතන සිද්ධියට අදාළව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශ ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත ඒ මහතා කැඳවීමෙන් අනතුරුව පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එම නිලධාරියා කීය.
චමුදිත සමරවික්‍රම මහතා දිනේෂ් ෆාශ්නර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට ගවේෂණශිලි මාධ්‍යවේදියෙකු මෙන්ම ගුවන් හමුදාවේ නිලධාරීයෙකු වන කීර්ති රත්නායක මහතා සමඟ විනාඩි 40ක පමණ සම්මුඛ සාකච්ඡාවක් එදිනම සිදු කිරීම මූලික කරගෙන ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව එම පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමුදිතට දෙකක් ඇනලා මිනීමැරුම කලේ තමන් කියලා ප්‍රකාශයක් ගනියිද දන්නෙ නෑ. එහෙව් කැකිල්ලේලා!
දැන් යුටියුබ් කාරයින්ටත් කියන්නේ ප්‍රවීන මාධ්‍යවේධීන් කියලද.?
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපතිගේ බිරිද දුරකතනයෙන් දිනේෂ් ශාෆ්නර් ඇමතීමේදී ඔහුගේ දුරකථනය දුරකථන ස්ථානය, බොරැල්ල කනත්ත වසයෙන් ඔහු සිටිනා ස්ථානය පිලිබදව සංඥා ලබාදී තිබියදී බිරිද පොලිසියට නොදන්වා වෙනත් පුද්ගලයකුට දැන්වීම සහ එම පුද්ගලයාද බොරැල්ල කනත්ත ට ගොස් පොලිසියට කතා කිරීම සම්බනදව සැකයක් මතුවේ.
ප්‍රශ්න කරන්න තිබුනේ සියල්ල දත් කීර්තිගෙන් ඒත් ප්‍රශ්න කරන්නේ නිවේදකගෙන්.
අන්තිමට පොලීසිය කියාවිද දන්නේ නැහැ ශාෆ්ටර් මහත්තායා විසින්ම අත්දෙක ගැටගසාගෙන බෙල්ලට ලණුවකුත් දාගෙන ජීවිතය නැති කරගන්න ගනිපු උත්සාහයක් නිසා මේ මරණය උණා කියාල. මේකට සැක කරන්නේ පොඩි මිනිහෙක් වුණා නම් ගෙනිහිල්ලා ඇට කුඩු වෙන්න ගහලා වරද නොරකත් කරා කියලා කියව ගෙන හමාරයි මේ වෙනකොට.
මටත් මේ මරණය, හොයා ගත්ත හැටි, පසු පියවර, මේ හැම දේම සැකයි.