
(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර දුන්නේය.
තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,50,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් නඩුවකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව තිළිණි ප්‍රියමාලි ලබන 16 තෙක් යළි රිමාන්ඩ් කළේය.
ජානකී සිරිවර්ධනට එරෙහි චෝදනා තුනටම එක් නඩුවකට රුපියල් 50,000 බැගින් 1,50,000.00 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඒකත් ගොඩ..ඔක අස්සෙ අයවැයත් සම්මත කරගත්තා
දැන් ඉතින් කිසිදු බාධාවකින් තොරොව, ඒ අයගේ සහයෝගයෙන්, අර ජාවාරමම ඊටත් වඩා හොඳින් කරගෙන යන්න ලැබේවායි, ඔබ දෙදෙනාටම ශුභ පතමි!!
ඒත් වසන්ත මුදලිගේ තව දුරටත් රිමාන්ඩ්. ජයවේවා.
ඒ නාටකයත් ඉවරයි. එන්න අපි ඊලඟ එක බලමු.
මේ රටේ ආන්ඩු කරන එවුන් ඇදුම් ගලවගෙන මහ දවල් ප්‍රකෝටි ගනම් වන්චාවන් සමච්චල් කරමින් මේ කරන නරි නාටක මුලු ලෝකෙම හිනස්සන අපේ වගේ මුලු ලෝකයෙන්ම හිගාකන වලපල්ලට ගිය රටක නොවීය යුතු දෙයක්. මේ ප්‍රකෝටි ගනම් ගනුදෙනුවල කෝ රටට අයවිය යුතු බදු මුදල්? මේව මොන තරම් වන්චාද?
හරි හරි. මතු සම්බන්ධයි. ඊළඟ කථාංගය නිදොස් කොට නිදහස් කිරීම නේද?
ලංකාව වනාහි හොරුන්ගෙන් සහ හොර දේශපාලුවන්ගේ පිරි රටකි. වෙන වෙන පාට වලින් උන් සැරසෙන්නේ අපේ මේ රට අදුරු කර රට විනාස කිරීමට මිස රට රැකීමට නොවේ තිලිනි වැනි හොරු බිහිවෙන්නේ උන්ගේ උපකාරය සහ රැකවරණය නිසාවෙනි දැන්වත් බුද්ධිමත් වෙන්නේ මේ රට කන සහ රට කාපු හොරුන්ගේ සුන්දර කතා වලට රැවටෙන්න එපා.
කමක් නෑ. වසන්ත තාම ඇතුලෙනෙ..
අපේ රට ගැන තියෙන්නේ පුදුම කලකිරිමක්.
මේ කේස් එක ඉවරවෙන හැටි අපි හොඳින් දැන සිටියා. මේක ශ්‍රී ලාංකාවනේ. නඩුවක් දැම්මත් එක ගොනු කරන්නේ වැරදි ලෙසට. එතකොට් ඔක්කොම නිදොස්කොට නිදහස් වෙනවා. නමෝ.. නමෝ... මාතා .....
අලි හොරාගෙන් සල්ලි හොරුන්ට ලැබුන චුටි සහයෝගයක්. මෙන්න මෙහෙමත් ... හෙමින් සැරේ කොඳුරන්න ඇති.." ..... මිට පස්සේ කරන හොරකමක් අහු නොවෙන්න කරනවා. බලනවා මම .. අලියෙක් හොරකම් කරලාත් මේ සැපට ඉන්නේ. මම නඩුත් අහනවා. හිරෙත් දමනවා..."
රු.10 බෑගින්.....
ඒ කියන්නේ හොර පවුලෙන් අලුත්ම නාඩගමක් ළඟදීම නටවාවී.
අපි දන්නවා මුලින්ම අන්තිමට වෙන්නේ ඔය දේ කියලා
හොරුන් එලියේ අරගලකාරයෝ ඇතැලේ පුදුම රටක්
බොහෝම හොඳයි.. එහෙම තමයි වෙන්න ඕනේ. නැතිනම් තමයි ප්‍රශ්නේ...
ලෝකේ කාලා වතුර බීලා මිනිස්සුන්ට කෙලලා අතේ මාට්ටු වෙච්චි ඩබල මෙහෙම සල්ලි ගෙවල ගෙදර යන්න දෙනවා කියන්නේ ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් නීතියක් නෙමෙයිනේ...!