(යොහාන් භාසුරු)
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි.
අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේ ද ඌව පළාතේ පාසල් රැසකට නිවාඩු ලබා දුන් අතර හෙට දිනයේත් මෙම තත්ත්යට පැවැතිය හැකි බැවින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරනය ගත් බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙම තීරණයට අනුව කතෝලික සියලු පාසල් ද හෙට දිනයේ පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළි කුණටුවක් දක්වා වර්ධනය වී ඇති අතර, ’මෑන් ඩුවෝස්’ නම් එම සුළි කුණාටුව මෙරටට ද බලපා ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කරණ මධ්‍යස්ථානය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරු හෙට දිනයේ පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි
Saranathissa Friday, 09 December 2022 02:04 AM
පාසැල් පිලිබඳව තීරණ ගැනීමට පෙර රුසියාවෙ ජෝසෙෆ් ස්ටාලින් මහත්තයගෙන් අසා දැනගතයුතුයි නේද.