ගෑස් මිලත් රිවස් කරයි ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ. 22 April 2022
ගෑස් සිලින්ඩරයක් 2500කින් ඉහළ දමයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,175 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. 22 April 2022
‘‘ඕකුන් වෙඩි තියලා මරපන්‘‘ නිලධාරියෙක් කිව්වා සිද්ධිය වුණ තැන සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා ‘කදුළුගෑස් ගහන්න’ කියලා. ත්‍රීවිල් එකට මුවාවෙලා හිටිය පොලිස් නිලධාරීන් තුන්දෙනා කඳුළු ගෑස් ගැහැව්වා. ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කිව්වා “මේක හරියන්නේ නැහැ ඕකුන්ට වෙඩි තියලා මරපන්’ කියලා. එතකොටම පොලීසියෙන් අපිට වෙඩි තිබ්බා. පොලීසිය දුවන මිනිස්සු පස්සේ පන්න පන්නා වෙඩි තිබ්බා. ” යැයි රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු සාක්ෂි ලබාදෙමින් පැවසීය. 21 April 2022
රඹුක්කන සිද්ධියට පොලිසියේ තුනක් මාරු කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි,රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරුක් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථාරඹුක්කන ප්‍රදේශයේ ඇති වු සිද්ධියෙන් පසු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන පොලිස් අධිකාරි සහ රඹුක්කන පොලිස් ස්ථාධිපතිවරයා ඇතුලු තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.න කියයි. 21 April 2022
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 April 2022
ජනපතිට - පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ අප්‍රසාදය රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද හවස විශේෂ ලිපියක් නිකුත් කළහ . 20 April 2022
විපක්ෂ නායක කියන්නේ ටොන් පච- කතානායක පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා කීවෙි නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 20 April 2022
රඹුක්කන සිදුවීමට ජනපතිගේ කණගාටුව සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. 20 April 2022
පක්ෂ නායකයන් කීවොත් ජනපති යන බව කතානායක කීවා - විපක්ෂ නායක පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 April 2022
රඹුක්කන සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කළා රඹුක්කනදී අද පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වික්‍රමරත්න මහතා පැවසීය. 20 April 2022
නැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතිය රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිසිය කියයි. 19 April 2022
රඹුක්කන ගැටුමින් අයෙක් මරුට: 27ක් රෝහලට රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් ඇතැයි කෑගල්ල රෝහලේ ප්‍රකාශකයෙක් කීය. 19 April 2022
බස් ගාස්තු සියයට 35කින් ඉහළට අවම ගාස්තුව රු. 27 ක් කොට බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 19 April 2022
’’ජනතා ආණ්ඩුවක් බිහි කළ යුතුයි’’ ජනතාව ඉල්ලා සිටින ආකාරය ව්‍යුහයක් ඇති කරන්නේ නම් රටේ පාලන වගකීම භාරගැනීමට සූදානම් බවත් වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 19 April 2022
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 19 April 2022
’’පොහොර මාරුවේදී මට වැරදුණා’’ ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 18 April 2022
නව ඇමැතිවරු දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 18 April 2022
මන්ත්‍රීවරු 18 ක් දිවුරන්න සූදානම් නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී අද(18) පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය. 18 April 2022
අයි.ඔ.සී. ඉන්ධන මිල තවත් ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 17 April 2022
නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (18) දිවුරුම්දීමට නියමිතය. 17 April 2022
‘‘ජනතා උද්ඝෝෂණ මර්දනය නොකරන්න‘‘ රට මුහුණදී සිටින අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දෙන තෙක් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඉවත් කර ජනතාවට යම් තරමකින් හෝ පිළිගත හැකි පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඇතුළත් අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බවත් එම විසැඳුමින් බැහැරව ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණය කවර ආකාරයෙකින් හෝ මර්දනය කරන්නට රජය කල්පනා කරන්නේ නම් එය ඉතිහාසයෙහි කිසි දිනෙක නිවැරැදි කරගත නොහැකි වරදක් වන බවත් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි. 16 April 2022
නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම් නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි. 16 April 2022
‘‘මහනායක හිමිවරුන් ඊළඟ පියවරට යා යුතුයි‘‘ වත්මන් පාලකයන් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මතයට ඇහුම්කන්දී නැතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති. 16 April 2022
ඉන්ධන ලබාදීමත් සීමා කරයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 15 April 2022
රවීන්ද්‍ර රන්දෙණියත් කලකිරීමෙන් තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි. 14 April 2022
අගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරති සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති. 13 April 2022
රජය තරුණයන් සමඟ සාකච්ඡාවකට සූදානම් රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡාකිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාදිපයට පැවැසිය. 13 April 2022
කැරලිකාර කණ්ඩායම ජනපති හමුවීම ප්‍රතික්ෂේප කරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 12 April 2022
‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘ පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිති. 11 April 2022
අගමැති අද ජාතිය අමතයි රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11)රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය. 11 April 2022
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026