මුදලිගේ ගෙදර යයි අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවත් නඩු තුනකට ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 01 February 2023
මුදලිගේ මුදාහරියි රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්වත්විද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද එම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින් නියෝග කළේය. 31 January 2023
මෛත්රී පොටකට සැරසෙයි තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය. 31 January 2023
මානව හිමිකම් කොමිසම උසාවි යයි උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු අද යොමු කළේය. 30 January 2023
නිදහස දා කළු කොඩි එල්ලන්න යයි දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි. 30 January 2023
ජනක පන්නන්න සියල්ල සූදානම් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්ය නීතිමය කටයුතු ක්රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා සම්බන්ධයෙන් චෝදනා පත්රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අද (29) පැවසීය. 29 January 2023
මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 28 January 2023
පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත. 27 January 2023
නියමුවන් 85කට ශ්රී ලන්කන් එපා වෙයි ශ්රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 January 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි. 25 January 2023
උපයනවිට බද්දට මහ බැංකු සේවකයෝත් එරෙහි වෙති උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින් ශ්රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත්ව අද වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වූහ. 25 January 2023
වෛද්යවරයාගෙන් කාන්තාවන්ට අමුතු බෙහෙතක් කුරුණෑගල දිසාවේ ප්රධාන පෙළේ රජයේ රෝහලක ප්රධාන වෛද්ය නිලධාරිවරයා තමන්ගෙන් ප්රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවනට ලිංගික අපයෝජනයට ලක් කරන බවට වයඹ පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ. 25 January 2023
ශ්රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා රාජ්ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ගුවන් සේවා අමත්යංශය නොමඟ යවමින් මෙහෙයුම් නිලධාරීන් නව දෙනෙක්ට උසස්වීම් දී ඔවුන්ට පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බව එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 25 January 2023
ඡන්දයකට සූදානම් වන්න ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය. 24 January 2023
යාපනයේ කල්ලි දෙකක් ගැටේ යාපනයේ ක්රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. 24 January 2023
මැතිවරණ කොමිසමට අලුත් ලොක්කන් මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 23 January 2023
ලිට්රෝ ගෑස් යළි ඉහළට? ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500 කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 January 2023
වරාය සේවකයෝ වරාය පිවිසුම වට කරති රජයේ නව බදු ප්රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්රධාන පිවිසුම අසල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අද (23) පැවැත්විණි. 23 January 2023
කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත. 22 January 2023
’’මිනිස්සු සල්ලි නොදුන්නොත් හිරේ යනවා’’ නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා පැවසීය. 21 January 2023
පුංචි ඡන්දයට දින දෙයි පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. 21 January 2023
රදැල්ල අනතුරෙන් හතක් මරුට: 44කට තුවාල නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ප්රපාතයකට පෙරලීමෙන් හය දෙනකු අඩුම තරමේ 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 January 2023
මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය. 20 January 2023
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පස්වරුවේ වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය. 19 January 2023
සමූප ඡන්දෙන් ඇමති සනත්ට ඇපත් නෑ ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී ඇත. 18 January 2023
බදුලු දුම්රිය නැට්ට නැතුව දුවයි කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ස්ථාන කීපයක් නියාමකයන් නොමැතිව ධාවනය කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බව දුම්රිය සාමාන්යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය. 18 January 2023
සරසවි සිසුවාගේ පිහි පහරින් සිසුවිය මරුට කොළඹ තුරඟ තරග පිටියේ දී කොළඹ සරසවියේ සිසුවියක් හට ඇගේ පෙම්වතා බව කියන සරසවි සිසුවකු තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඝාතනය කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි. 17 January 2023
මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් අද (16) නියම කළේය. 16 January 2023
කෝටි 10 ගෙවන්න ටින් හොලවන්නද? පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්රීඩාන්ගනයේ පැවති ශිෂත්ව ප්රධානය කිරීමේ උත්සවයකදී ප්රධාන අමුත්තා ලෙස සහබාගී වෙමින් පැවසීය 15 January 2023
ගුවන් යානක් ගිනිගෙන 68 ක් අළුවෙති යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර ඇත. 15 January 2023
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026