(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත.
වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ නිකුත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රයේ මුද්‍රණාලයට දැනටමත් යොමු කරනු ලැබ ඇත.
වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 8 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි වහල දාල ගේම දෙන්න යන්නේ. කොච්චර සෙල්ලම් දැම්මත් ඔච්චර තමයි.
වාර අවසාන නෙමෙයි ඔක අවසානම කරලා දාපං
ඕක ඇරලා තිබ්බා කියලා අපිට සෙතක් වෙලා තියන එකක්යෑ... වහලාම දාලා ආපහු සුද්දාට බාර දුන්නා නම් අපිට පොඩි හරි සෙතක් වෙයි...
විවෘත නොවෙනවනම් තමයි හොඳ
අනේ සාදු
ඇත්ත තමයි... සුද්දගෙන් හොඳට තිබුණු රට අරන්, දූෂණයෙන්, හොරකමින් විනාශ කරලා දැන් මොකක් සමරන්න යනවද?
මේ විදිහට මාස දෙක තුනකින් පාර්ලිමේන්තුව වාර අවසන් කරනවා නම් ඔය එකඑක කමිටු පත්කරන එක තේරුමක් නෑනේ... ඒවායේ විමර්ශනය කරන කටයුතු අවසන් වෙන්නෙත් නෑ. නිරාපරාදේ මහජන මුදල් නාස්ති කරන එක විතරයි වෙන්නේ... මේ සේරම හොරු ආරක්ෂා කරන්න නේද?
කාලකණ්ණි පාලකයින් විසින් කාබාසිනියා කළ මේ ආයතනය සදහටම වසා තබන්න.
මේ මඩුව පොළවට සමතලා කළ යුතුයි...