(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න සහ ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්ත පරාජයකට පත් වී ඇත.
ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර ඡන්ද විමසීම පෙරේදා (17) පැවැති අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයට සභිකයන් 9 දෙනෙකු තෝරාපත්කර ගත් අතර රාජ්‍ය ඇමැතිවරයාට හිමිව තිබුණේ 11 වැනි ස්ථානය වීම විශේෂත්වයකි.
තේරීපත් වූ සභිකයන් 9 දෙනා අතරින් 6 දෙනකුම ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෝ වෙති.
රාජ්‍ය ඇමැතිවරයා අන්තපරාජයකට පත්වීමත් සමඟ එහි රැස්ව සිටි ජනතාව ඔහු ඉදිරිපිටදීම හූ කියමින් කෑකෝ ගසමින් විරෝධය පළ කළහ.
තවත් පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූහ.
ජනතාවගේ විරෝධය මැද සනත් නිශාන්ත මහතා නිහඬව සිටියද ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත මහතා විරෝධතාකරුවන්ට කෝපයෙන් බැණ වදිනු දැකගත හැකි විය.
කෙසේ වෙතත් ජගත් සමන්ත මහතා ද එම ඡන්දයට තරග කළ අතර ඔහු පස්වැනි ස්ථානයට පත්ව සභිකයකු ලෙස තේරීපත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. ජයවේවා NPP....
හොන්ද වැඩේ. පහුගිය කාලේ උඩ පැන්නා වැඩී. පොහොට්ටුවෙ ගෑවිචිච් එකෙකුටවත් චන්දෙ දෙන්ඩ හොන්ද නැහැ .
අද චන්දයක් තිබ්බොත් වෙන දේ පැහැදිලියි නේද ? ඕකනේ අරඅදිමින් තටමන්නේ.
මේ වගේ අය එක්ක හැප්පෙන්න පුලුවන් වෙන්නෙ එන් පී පී එකට විතරයි. මොකද අනිත් සේරම මෙයාලත් එක්ක යටින් ඩීල්. නැත්නම් ඕවට යන්නෙ හොරා කන්න බලාගෙන.
ඉදිරි ජනතා ජයග්‍රහණයක පෙර නිමිති. ජාතික ජන බලවේගයට ජයවේවා.
සමගි ජන බලවේගයට ඇපත් නෑ.
ජාතික ජන බලවේගයට ජයවේවා. ජනතාවට ජයවේවා
තවත් ලැජ්ජා නැතුව එනවා ඡන්ද ඉල්ලන්ට. මුන්ට අසූචි ගහලා එලවන්න ඕන
ජනතාව නිවැරදි මාවත තෝරාගනිමින් සිටී. ජාතික ජන බලවේගයට ජයවේවා.
මූව රටෙනුත් එලවන්න ඕනේ
දිට්ඨ ධම්ම වේදනීය කර්මය. හොඳ හොඳ ප්‍රතිඵල ඉදිරියට.
සමුපකාර පනතේ පැහැදිලිව තියෙනවා මහජන නියෝජිතයෙකුට සමුපකාර සිමිතියක කිසිදු නිලයක් දැරිය නොහැකි බව. ඒ අනුව නිශාන්ත මහතා රටේ නීතිය උල්ලංඝනය කරලා තියෙනවා.
ඇමති තුමෝ ,ළඟදීම පළාත් පාලන චන්දයට එන්නේ බලාගෙනයි .රනිල් මැතිතුමාගේ රජයේ තව දුරටත් ඇමති පුටුව රත් කරන්න ඕන නම් ඔය චන්දයට ඉදිරිපත් නොවන්න
දැන්වත් ඔහේ ඉන්න තැන අවබෝධ කර ගනින්. බුරුවා වගේ තප්පු ලන්නේ නැතිව.
එක බූරුවෙක් හැලෙද්දි තව බූරුවෙක් ඇතුලට රිංගනවා.
මේ නිහඩ සැඟවුණු පණිවිඩය ඔයාගෙ බොස්ට කෙලිම කියන්න.
සුභ නව ගමනක් යන්නට සැරසෙනව දැන් දැන් පෙරමග ලකුනු
සනත් මහත්තයා ට ඊලඟ මැතිවරණයෙන් අත්වන ඉරණමේ හෙවනැලි මතුවෙනවා .
හොඳ ප්‍රවනතාවයක් පක්ෂ පාට කුමක් වුනත් දූෂිත මර දේශපාලකයන්ට මනාපේ ගැසීමෙන් වළකිමු .හොඳ කෙනෙකු ලිස්ට් එකේ නැති නම් මනාපේ නොගහා පක්ෂයට පමණක් කතිරේ ගහලා නිකන් ඉන්න
කිසිම වැදගැම්මකට නැති එඋන්ට ඇමතිකම් දුන්නම මොලේ තියෙන මිනිස්සු චන්‌දෙ දෙවිද ?
ඔක්සිජන් ට වෙච්චි දෙයක්. . මෙ ජනතාව දැන්වත් කුණු "කුණු" හැටියට සලකන්න ඉගෙන ගනිවි කියල හිතනව
ඔය පටන් ගත්ත විතරයි රජෝ. තව හොද සෙල්ලම් එලිවෙන ජාමෙට.
ඔය එන්නෙ කස කාරයො විතරයි, ඊලඟට එන්නෙ මල් බයිසිකල්, ඊට පස්සෙ පෙරහැර, ගිනිබෝල එන්නෙ අන්තිමට මෙයාලව වැලිකඩ යවන්න.
මේවගෙ උන් පවුල් පිටින්ම මුහුදට අතාරින්ඩ ඔනේ තල්මසුන්ට කන්ඩ
ආරම්භය පමණි
මේක බොරුවක්. සනත් නිශාන්ත ඔය වගේ සිල්ලර චන්ද වලට එන්නේ නැහැ. එන්නත් බැහැ එයා පාර්ලිමේන්තු වේ කෙනෙක්.
ලංකාවේ අනාගතයේ සුබ ලකුණු මතුවෙනවා.ඉදිරියේදී තව තව දේවල් බලාගන්න පුළුවන්. නිශාන්ත මහත්තය තේරුම් ගන්න ඔබට හිමි තැන.... ලක් මවට ජයවේවා.
ඇයි යකෝ ජගත් සමන්ත කියන පාදඩ පල හොරාට චන්දය දුන්නේ .ඌට ගහලා එලවන්නනේ තිබුනේ .ඌ පාතාලය වගේ හැසිරෙන්න ඇරලා බලන් හිටියේ ඇයි
ජා ජ බ ජය වේවා
සෙවලයෙක්
රට කනවා මදිවට ගමේ සමූපෙත් කන්න ගියාට ඔහොම වෙලා මදි
දවසේ දැකපු සතුටු දායකම නිව්ස් එකක්
රටට ඇති එකම විසඳුම ජාතික ජනබලවේගය පමණයි..
මේක ඊළඟ ඡන්දයේ ප්‍රතිඵලයයි...
මොවුන්ට ඡන්දෙ දෙන්න දැන් බයියෙක්වත් නැහැ. කන්න නැතිවෙනකොට බයියන්ගේත් මොලේ පෑදිලා...