(යොහාන් භාසුර)
රාජ්‍ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ගුවන් සේවා අමත්‍යංශය නොමඟ යවමින් මෙහෙයුම් නිලධාරීන් නව දෙනෙක්ට උසස්වීම් දී ඔවුන්ට පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බව එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
උසස් වීම් දුන්න ද අදාල නිලධාරීන් නව දෙනාගේ වැටුප් ඉහළ නොදැමූයේ යැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බලධාරීන් වරාය හා ගුවන් සේවා අමත්‍යංශයට දැනුම්දී තිබුණ ද මාසිකව රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න මුදලක් ඔවුන්ට දීමනා ලෙස ගෙවා ඇති බව කියන වෘත්තිය සමිති අදාල උසස්වීම් ද ශ්‍රීලන්කන් ගුවන් සේවයට වර්තමාන අවශ්‍ය නොවන ඒවා බව ද සඳහන් කරයි.
එම උසස්වීම්වලින් අදාල නිලධාරීන් නව දෙනාගෙන් මූලික වැටුප ඉහළ නොදැමුව ද වෙනත් දීමනා ඉහළ දමා ඇති බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය රජයේ නීති රෙගුලාසි කඩකර ඇති බවත් වෘත්තිය සමිති පවසයි.
මෙම උසස්වීම් සහ දීමනා පිළිබඳව පරීක්‍ෂණවක් පවත්වා පාලක මණ්ඩලය කර ඇති වැරැද්ද නිවැරදි කරන ලෙස වෘත්තිය සමිති වරාය හා ගුවන් සේවා අමත්‍යංශ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මීට පෙර ඉල්ලීමක් කළ ද පරීක්‍ෂණයක් නොපැවැතුණු බව කියන වෘත්තිය සමිති හැකි ඉක්මණින් පරීක්‍ෂණයක් පවත්වා සාධරණය ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන්වත් විකුණලා දාන්න.
ශ්‍රී ලංකාව හොඳ විදෙස් රටකට විකිණිය යුතුයි... ගුවන් යානය ඇතුළේ සේවකයින් හරිම අකරුණාවන්තයි... සැලකිල්ල සුද්දන්ට පමණයි.
Me deval gana hoyala balanne kauruth na. Houanna bale thiyena un muntath vada horu
ශ්‍රී ලන්කන් එකේ උපරිම පඩිය මාසෙකට ලක්ෂ 3කට ගේන්න. මේකෙ අවුරුදු 20 කට කළින් වැඩකරපු අයත් තාම නිකන් ටිකට්වලින් පවුල් පිටින් යනවා. මොවුන් නවදෙනාගේ පඩිය සොයන්නම අඩුම ගණනේ ප්ලේන් 2-3ක් තියෙන්න ඕනෑ. මොවුන් හරියට වැඩකරන්නේ නැති නිසා තමයි මේක ලොස්වෙලා තියෙන්නේ...