
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල දිසාවේ ප්‍රධාන පෙළේ රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවනට ලිංගික අපයෝජනයට ලක් කරන බවට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.
විශ්‍රාම යාමට තවත් වසරක කාලයක් ඉතිරිව සිටින මෙම වෛද්‍ය නිලධාරියා තමන් පරීක්ෂා කරන මුවාවෙන් ලිංගික අතවරයකට ලක් කළේ යැයි මාවතගම ප්‍රදේශයේ විවාහක කාන්තාවක පැමිණිල්ලක් කර ඇතැයි ද එම කාර්යාලය කියයි.
පවුල් ආරාවුලක් මත සැමියා කළ දීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ පැමිණිලිකාර කාන්තාව පරීක්ෂා කරන මුවාවෙන් එම වෛද්‍යවරයා ඇය අතවරයට ලක් කර ඇති බවද එම පැමිණිල්ලෙහි සඳහන්ය.
පරීක්ෂාවට ලක් කිරීමට පෙර මෙම වෛද්‍යවරයා පැය බාගයකට වැඩි කාලයක් විවිධ ලිංගික කරුණු සම්බන්ධයෙන් එම කාන්තාව සමඟ දුරකථන සංවාදය යෙදී ඇති අතර කාන්තාව එම සංවාදය තම ජංගම දුරකථනය මඟින් පටිගත කර එය තම සැමියාට ලබාදී ඇත.
රෝහලේදී මෙන්ම මෙම වෛද්‍යවරයා පවත්වාගෙන යන පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකදීද ප්‍රතිකාර සඳහා පැමිණෙන කාන්තාවන් විශාල පිරිසක් මේවනවිට මොහුගේ අතවරයට ලක්ව ඇති බවද සමාජයට හෙළි වෙතැයි බියෙන් සහ ලැජ්ජාවෙන් ඔවුන් එම අතවර සිද්ධීන් සඟවාගෙන සිටින බවද වාර්තාවේ.
මෙම වෛද්‍යවරයාගෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිටින සේවිකාවන්ටද නිරන්තරයෙන්ම ලිංගික බලපෑම් එල්ල වන බවද රාජකාරි අවස්ථාවේදී පවා මත් න පුවක් වර්ගයක් සැපීමට පුරුදුව සිටින මොහු කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට පවා එම පුවක් සැපීමට බල කරන බවද වාර්තාවේ.
මෙම ලිංගික අපයෝජනයන්ට අමතරව රෝහල තුළ සිදු කරන ලද වංචනික ක්‍රියාවන් රැසකටද සම්බන්ධ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වන බැවින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සාක්ෂි ලබා දීමට එම රෝහලේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවද දැනගන්නට ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රසව විශේෂන්ද වෛද්‍යලා වන චන්න ජයසුමන, විමල් වීරවංශ, ගම්මන්පිල, අතුරැලියේ රතනලාට කාර්ය බහුලයි. තවද අර ආණ්ඩුවට කඩේ යන නාළිකා දෙකම ඇයි තවම නිහඬ?
ඔය මොන බහුබූත කිව්වත් වැඩක් නැහැ නම නැතුව.. ඊළඟ ගොදුර වළක්වා ගන්න.
මේ වෛද්‍යවරයාව ජීවිතාන්තය දක්වා ‘‘මානසික රෝහලක රඳවා ප්‍රතිකාර ලබාදිය යුතුයි. කාන්තාවන්ට අතවර කිරීම සහ සිය වෘත්තීය ඊට භාවිතා කිරීම බරපතල වරදකි.
චෝදනාවක් එල්ල වුණාම පරීක්ෂණ පැවැත්වීම බලධාරීන්ගේ වැඩක්... මෙහෙම කාන්තාවන අතවරයන්ට ලක් කළා නම් පොලිසියට පැමිණිල්ලක් දාන්න... ඒ අනුව පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගෙනේවි. කාන්තාවන් කැමැත්තෙන් ඕන දෙයක්.., නමුත් බලහත්කාරයෙන් හෝ රැකියාවේ පීඩනයක් යොදලා හිරිහැර කිරීමට දඬුවම් දිය හැකියි.
කෝ අපේ යක්ක පුත්තු.. ජාතිය බෙරගන්ඩ වරෙව් පෙරට
මොන පවුල් ආරවුල තිබුණත් අන්තිමට ඔය වගේ දෙයක් කියන්නෙ ඉතින් සැමියටම තමයි ගෑනු උදවිය
ප්‍රධාන වයිද්‍යවරයා රාජපක්ෂ කෙනෙක්ද ? රාජපක්ෂ කෙනෙක්නම් ආයේ අහන්න දෙයක් නැහැ.
දැන් රතන හිමි ඇවිත් උපවාසයෙහි යෙදෙන් ජන්දයක් ලග එන නිසා.
මෙච්චර සක්කි තිබිලත් ඇයි මොහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකරන්නෙ .මතකනෙ මිගමුවෙ දොස්තර කෙනෙක් අගුලුම් සෙවිකවට කල අපරධය. ඉන්න හිතෙන රටක් !
හරි රටක නම් ඔය මිනිහා මේ වෙනකොටත් හිරේ!