(මනෝප්‍රිය ගුණසේකර)
කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් අද (16) නියම කළේය.
මීට වසර 26කට පෙර පිහි සහ පිස්තෝල පෙන්වා සිදු කළ කොල්ලකෑමේ චෝදනාවන් වරදකරුවන් බව තීරණය කරමින් ඔවුන්ට මෙලෙස ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 40000/-ක දඩයකටද යටත් කෙරිණී
චෝදනාවන්ට වරදකරුවන වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මංජුල සන්ජීව සහ ජෙලබ්දීන් අලී කාන් නමැත්තන්ටය
1997 නොවැම්බර් මසයේ හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී නීතී විරෝධී කල්ලියක සාමාජිකයින්ව සිටිමින් පිහි සහ පිස්තෝල පෙන්වා රුපියල් 7500/- මදලක් කොල්ලකෑම
කාන්තාවන් තිදෙනෙකුගේ ගෙළ බැඳී රුපියල් 11000/- 48000/- සහ රුපියල් 8000/- වටිනා රන් මාල තුනක් කොල්ලකෑම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී
විත්තිකරුවන් 05 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා මුලින්ම නඩු පවරා තිබුණත් පළමු විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කළ අතර නඩු විභාගය අතරතුරුදී නඩුවේ 05 වැනි විත්තිකරු මියගොස් තිබිණී
නඩුවේ 03 වැනි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා සිය`ථ චෝදනා වලින් ඔහු නිදහස් කළේය
සෙසු විත්තිකරුවනන් දෙදෙනාට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔවුන්ට ජිවීතාන්තය දක්වා වු සිරදඬුවම් සහ රුපියල් 20000/- බැගින් දඩ නියම කළ විනිසුරුවරයා නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 09ක සිරදඬුවමකටද යටත් කෙරිණී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින් පරෙස්සම් විය යුතුයි.
කෝච්චි පෙට්ටිවල ඔය වැඩේම කරපු සමහරුන්ට ලැබිච්ච පුදුමාකාර දඬුවම් ගැන ආරංචි නැද්ද?
තීන්දුව දෙන්න අවුරුදු 26යි. දඩය ගෙවන්නැත්තන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට තව මාස 9ක් එකතුවෙනවලු.
ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දී, දඩය නොගෙවනිනෙ නම් “අමතර” මාස නවයකුත් දෙන්නෙ කෙසේද? ඔවැනි නඩුවකට අවු 26ක් ? අපිට සිස්ටම් වෙනසක් අවශ්‍යයි.
දඩේ නොගෙව්වොත් ජීවිතාන්තය දක්වා හිරේ ඉඳලා, මළාම මිනියටත් තව මාස නමයක් හිරේ ඉන්න වෙනවා!
කළුතරින් පාර්ලිමේන්තු ගොස් කැබිනට් ඇමති ධුරයක් ලබාගැනීමට මූලික සුදුසුකම් සපුරා ඇත..
අපේ ගම් පළාතේ කෝච්චියේ මාල කඩපු ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා.දේසපාලනේට සම්බන්ධ නම් කිසිම අවුලක් නැහැ .
රටේ සිස්ටම් එක අසාර්ථකයි
නියමයි... රටම හොරාකාපු උන් කවුන්සිලේ ඉඳන් සැප විඳිනවා....
අමතර 9 ගෙවන්න වෙන්නේ.........? පරලොවද?
ජිවිතාන්තය දක්වා හිරේ ගිය අයට අමතර මාස 9 දෙන්නේ කොහොමද.?
එතකොට කෝ රෝහිත අබේගුණවර්ධනට යුක්තිය
රටම කොල්ල කාපු අය නිදැල්ලේ ඉන්නවා.
නියමයි ඔය වගේ තීන්දු දෙනකොටවත් හොරු ටිකක් අඩුවෙයි.
ඇනස්ලි, බර්ටි, සැමුවෙල් නැති වුණාට ඒ අඩුව පුරවන්න කට්ටියේ අඩුවක් නැහැ...
මේ වගේ නඩුවක් අවුරුදු 20ක් ඇහුවා කියන්න බෑ. අවුරුදු 20 ක් කල් දදා ඉඳලා. ඒක බරපතල කාරණයක් රටට...
මිලියන ගණන්, බිලියන ගණන් හොරාකෑව අය නිදොස්කොට නිදහස්.... වෙන රටක මාල 3ක් කඩලා ජීවිතාන්තය දක්වාම හිර ගෙදරට යන්න වීම අවාසනාවක්ද? විහිළුවක්ද? කියලා හිතාගන්න බැහැ...
බැරිද අර පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රසිද්ධ මාල හොරාට කෝච්චිවල කඩාගත්තු මාලවලට ජීවිතාන්තය දක්වාම හිරේ දාන්න...? දැන් රජය දේපළ හොරාකකා යහතින් ඉන්නවා. මොකද පක්ෂයේ ඔක්කෝම කම්බ හොරුනේ... ඉතින් එකම සෙට් එක හින්දා බේරිලා ඉන්නවා.
එතකොට කොහොම දඬුවමක්ද දෙන්න ඕනේ...
මේ දෙන්නත් මැරුණට පස්සෙම තීන්දුව දෙන්න තිබ්බා.
රාජපක්ෂ වික්‍රමසිංහ ඇතුලු බිලියන ගනන් හොරා කාපු දේශපාලුුුවන් අල්ලලා ජීවිත කාලෙම හිරේ දාන්න බැරි නඩු කාරයගෙ ............... නීතිය
නිදොස් කොට නිදහස් කරන්න තරම් වරදක් නැහැ නේ. ඒකයි දිවි ඇති තෙක් හිරේ.
සමහරුන් මාල කඩලා ඇමති වෙනවා, සමහරුන් හිරේ යනවා.
දඩුවම අපරාධයට ප්‍රතිලෝමව අනුගත වේ. ලොකුම බැංකුව කොල්ල කාලා ජනාධිපති වෙන්න පුළුවන්
එතකොට ඔය අධිකරණයටම පුළුවන්නේ රටේ ධනය හොරා කාපු මරණ දඬුවම දෙන්න කොච්චර නඩු දැම්මත් ලොකු හොරු නිදහස් වෙන්නේ ඇයි
මහ බැංකුව කඩපු එවුන්ට කොහොම දඬුවම් ලැබෙයිද ?
නඩුවට අවුරුදු 26ක් හොදටම මදි. අඩු ගානෙ අවුරුදු 50 ක් වත් අැදන් ගියා නම් විත්තිය වෙනුවෙන් නිති කතාකරන මහත්වරුන්ට සාධාරනයක් ඉටු වෙනවා.
ඔන්න ඔය විදියට මාල කඩපු උන් පාර්ලිමේන්තුවෙත් ඉන්නව නේද?
මිනිස් ජීවිත 300යි සදාකාලික ආබාධිත අය 200ට එහා. දඩ විතරයි නිදැල්ලේ.