(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ස්ථාන කීපයක් නියාමකයන් නොමැතිව ධාවනය කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (17) පස්වරුවේ පිටත්ව මෙම දුම්රියෙන් ඔහිය දුම්රිය ස්ථානයේදී නියාමකයන් බැස ගොස් ඇති බවත් ඉන් පසුව දුම්රිය ස්ථාන කීපයක් නියාමකයන් නොමැතිව දුම්රිය ධාවනය කර ඇති බවත් වැඩි දුරටත් දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම එකයි. ලංකාවේ විතරමයි. පේනවනේ වගකීමක් ඇතුව වැඩ කරන හැටි...
නැට්ට විතරක් නෙවෙයි, පනින පීලි ගනන බැලුවම දැන් දුම්රිය දපාර්තමේන්තුවේ ඔලුවත් නැති ගානයි.
දුම්රිය නැට්ට නැතුව දුවනවා... රටට දේශපාලකයින් කරපු විනාසෙට ජනතාව නැට්ට කපාගෙන ඉබාගාතේ දුවනවා.
මාතෘකාව නං සුපිරි.
අනතුරක් වුණා නම් කවුද වගකියන්නේ...? දැන් මෙහෙම දුවන්න රියදුරුට පුළුවන්ද? දෙන්නගේම සේවය අත්හිටුවන්නයි තියෙන්නේ...
නවීන තාක්ෂණය උපයෝගී කරගත්තා වෙන්න බැරිද?
කොන්දක් නැති ඇමතිට දුම්රිය සේවකයින්වත් පාලනය කරගන්න බැරි තත්වයක් තමයි පෙන්නුම් කරන්නේ .එයා ඇමති උනාට පසුව දුම්රිය සේවය නැති නාස්ති වුනා
රාජ්‍ය සේවය. වැඩ කර කර බදු ගෙවමු. අයිස් ගසන්නන්ට පඩිත් සමඟ OT ගෙවමු. පෞද්ගලික අංශයේ අපි රැකියා කරන්නෙ රාජ්‍ය සේවයේ අයට පඩි ගෙවන්න බදු ගෙවන්න.