
(ඩයනා උදයංගනී)
තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ දීඅද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී ජයගත හැකි බව තමන් විශ්වාස කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය
තමන්ට එරෙහිව කුමන කුමන්ත්‍රණ කළත් බියනොවන බවත්, තමා කිසිදේකින් පස්සට යන මිනිසෙක් නොවන බවත් ඔහු පැවසීය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
තම පාලන කාලයේ රටේ එවැනි සිද්ධියක් වීම පිළිබඳව මෙන්ම මෙම ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්වයට පත්ව එකතැන්ව සිටින ජනතාව වෙනුවෙනුත් තමා සමාව ඉල්ලා සිටින බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම වූ දඩ මුදල කෙසේ හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මැරුණම භුතයෙක් වෙලා පාර්ලිමෙන්තුවේ පුටුවක් යට හරි හැංගිලා ඉන්නවා බල ලෝබයෙන් .මේවා දාලා යන්න හිත දෙන්නේ නැත්තේ හම්බවෙන අධික සැප නිසා නොවේද?මේ ක්‍රමයනම් අනිවාර්යයෙන්ම වෙනස් කල යුතුම වෙනවා .නැතිනම් මහල්ලෝ රජ කරන දැක්මක් නැති රටක් විතරමයි ඉතුරු වෙන්නේ
මෙයා හිතාගෙන ඉන්නෙ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුණු අය කියලද..? ඔය හීනෙ මහඋළු ගෙදර ඉඳන් තමයි බලන්න වෙන්නේ
අනේ හිටං ඔයාට චන්ද දෙන්ඩ ජනතවට මොංගල් නැහැ..නිකං විහිලු සපයන්ඩ එා
ජනාධිපති පත්කල නිළධාරින් ඔවුන්ගේ වගකීම හරියට නොකල නිසා පත්කල බලධාරියාට තිබෙන වගවීම අනුව දඩයක් නියම වුනා ඉතින් ඒක ගෙවන්න වුනාම සිදුවන පාඩුව පියවාගන්න ක්‍රමයක් ලෙසට ආයෙත් ජනාධිපති වුනොත් පුළුවන් කියලා හිතෙන්න ඇති .ජයවේවා !!!
අර කව්ද දුවෙක් පොතක් ලිව්වෙ, අපේ තාත්තා ධූර කාලෙං පස්සෙ පොලොන්නරුවට ගිහිං ගොයිතැං බතක් කරගෙන freely ඉන්නවා කියපු my3 ගොයියද මේ......????
මොහු කට මැත දෙඩෙව්වාට කිහිපවරක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කෙනෙක්.ග්‍රාමසේවක කමට හෝ සුදුසු නැහැ.
හරියට හරි.අතහරින්න එපා වැඩේ.
අපි මේ දෙන්න බලාගෙන ඉන්නෙ.......මඩු වලිගෙකුත් තියේ...
මේ හිටන් උන්නැහේ ඉතාම හොඳට දන්නවා ලංකාවේ චන්දෙ දෙන උන් ගැන. ඒක නිසා තමයි තමන්ට දිනන්න පුළුවන් කියලා විස්වාසේ තියෙන්නේ. ඕන කරන්නේ පුන්නක්කු දිය කරන්න බාල්දි කීපයක් හොයා ගන්න එක විතරයි. ඉතුරු ටික ඉබේම කෙරෙයි.
පොන්සේක මහත්තය හරියටම කිව්ව පර්ලිමෙන්තුවෙදි "කට අල්ලගෙන පිටකොටුවෙ බොගහ ලග ඉන්න ඔනෙ මිනිස්සු පාර්ලිමෙන්තු ආවම රටට ඔහොම වෙනව" කියල.
මම හිතුවා වැරදියි .මම හිතන් හිටියේ මූ හරකෙක් කියලා.බලපුවාම මී හරකෙක්
මුගෙත් අතක්පයක් කඩල මුගෙන් සමාව ඉල්ලන්න ඔනෙ.
සමාවත් දීලා ජනපතිත් කරන්නලු. මං හිතන්නෙ ඔලුව හොද නැති එකෙ හොදම එක.. හරිනං දෙන්න ඔන දඩුවම තමයි අර අරාබියෙ වගෙ ක්‍රේන් එකක ඒල්ලලා ගල් ගහලා....
දඩේ ගෙවන්න අවශ්‍ය මුදල් හොයාගන්නත් එපායැ නේද අබිලිං ? සුළු පටු ගානක්ද ?
මිනි මරලා , සමාව ඉල්ලනවා ...පුදුම සතෙක්. යමෙක් යමෙකුගෙන් "සමාව " ඉල්ලන්නේ ඔහු වරදක් කලබව පිළිගන්නා නිසයි.ඒ අනුව " සිරා " තමයි පාස්කු ප්‍රහාරය කරලා මිනිස්සු 300 කට වැඩි ගණනක් මරපු මිනීමරුවා.මිනිමරුවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වෙනවා කියලා ඇහුවාම ලෝකයම අපේ රටගැන කොහොම මොනවා හිතයිද ? සිරෝ, චන්දෙ ඉල්ලන්න මිගමුව පැත්තේ ආවොත්නම් ඔය ඇඳගෙන ඉන්න සරමත් නැතිව සරමෙන් වහගෙන ඉන්න එකත් නැතිව තමයි යන්න වෙන්නේ.
පුලුවන්නම් පොළොන්නරුවේ ජයන්තිපුර මරණාධාර සමිතියේ සභාපති වෙලා පෙන්නන්න
පාස්කු ප්‍රහාරය සංවිධානය කරේ ගෝඨාභය රාජපක්ෂට බලයට ගෙන්න සහ දේශබන්දු තෙන්නකොන්ව පොලිස්පති කරන්නයි. කමාන්ඩෝ රෙජිමේන්තුවේ දක්ෂ බෝම්බ නිෂ්ක්‍රිය සහ නිශ්පාදන විශේෂඥයෙකු වූ විශ්‍රාමික මේජර් නිස්සංක සේනාධිපති විසින් ගහපු ප්නලෑනට සම්බන්ධ උන් අතරින් දේශබන්දු තෙන්නකෝන්, වැඩබලන DIG රොහාන් ප්‍රේමරත්න (තුප්පහි රොහාන්) හා සුරේෂ් සලේ ප්‍රධාන සංවිධායකයෙකුත් වේ. සහරාන්ට කියා ඇත්තේ අපි පොඩි බෝම්බ ටිකක් දෙන්නම් ගිහින් කියන තැන්වල තියලා එලියට එන්න අපි එළියේ වැන් එකක ඉඳලා රිමෝට් එකෙන් පුපුරවනවා කියලයි. මේක අපි නවසීලන්ත මුස්ලිම් ප්‍රහාරවලට සම්බන්ධ කරමු කියාත් කියා ඇත. බයවෙන්න එපා කවුරුත් මැරෙන්නේ නැහැ පොඩි සුළු තුවාල විතරක් ඇතිවෙයි කියලා. නිස්සංකා සේනාධිපති විසින් නිෂ්පාදනය කරන බෝම්බ දේශබන්දු තෙන්නකෝන් විසින් ප්‍රවාහන පහසුකම් ලබාදී තිබුනා. දින කිහිපයකට පෙර සයින්දිමරුදු වල මෝටර්සයිකල් බෝම්බයද මොවුන්ගේම ප්ලෑන් එකක්. පාස්කු ප්‍රහාරයේදී අන්තිම මොහොතේදී මොවුන්ට දීලා තියෙන්නේ අධි බලැති බෝම්බ කට්ටල. මාර්ග CCTV දර්ශන පවා පොලිසියෙන් අතුරුදහන් වෙලා තිබුනා. එළියේ වෑන් එකේ ඉඳලා ඔවුන් සමගම පුපුරවලා ඇරියා. සහරාන්ගේ බිරිඳ
මේ මිනිහට චන්දෙ දෙන පිස්සො ලංකාවේ නෑ
පොළොවේ පයගහලා ඉන්න කෙනෙක්, ගැමියෙක්, ගොවියෙක්, මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනන මිනිහෙක් විදියට ඔබතුමාට රටේ මිනිස්සු කැමතියි. ඒ නිසා පළපුරුදු දේශපාලකයෙක් විදියට මේ රට වට්ටලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් ශක්තියක් ඔබතුමාට තියෙනවා කියලා විශ්වසකරනවා. ඒ නිසා ඔබතුමාට පැහැදිලිව ජයග්‍රහණයක් ලැබෙනවා නියතයි...
ලංකාවේ ඉන්න බයියන්ට දැන් ඉතිහාසය අමතක වෙලා ඇති. මේ මැරයන් දිනන්නත් පුලුවන්. මුන්ට බර සල්ලියක් හම්බවුනා පාස්කු ඇටෑක් එක සඟවන්න. ඔය දඩය ගෙවල පරම්පරාවකට ඒ සල්ලි ඇති.
ඇත්ත දේ තමයි මේ 60 පැනපු අය අනේ පින් සිද්ද වෙයි. ගෙදර ඉන්න. ඕ ගොල්ලෝ කරපු පති කම් ඇති.