
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 36 ක් පමණි.
සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
මෙම පනත් කෙටුම්පත ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සිය විරෝධය පළ කළහ. පනත් කෙටුම්පත විවාදයට ගන්නේ නම් ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයට පනත බල නොපාන බවට වගන්තියක් ඊට ඇතුළත් කරන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි නමුත් ඊට ආණ්ඩුව පාර්ශ්වයෙන් එකඟත්වයක් ලැබුණේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ බොහෝ රටවල මැතිවරණය සඳහා යම්කිසි මුදලක් රජයෙන් ලබාදෙනවා... නැතහොත් වියදම් කළ හැකි ප්‍රමාණය දන්වනවා. එයට අමතරව සත පහක් හෝ වියදම් කළොත් තනතුර අහෝසිකර නීතිය ක්‍රියාත්මක කරනවා... යාළුවෙක් හෝ පරිත්‍යාග හැටියට ලබාගත්තත් එය අල්ලස් සහ දුන්නු හැටියට සලකනවා. ලංකාවේ එහෙම වෙනවා නම් ඡන්දය ඉල්ලන්න අපේක්ෂකයෝත් නැතිවෙනවා...
අවාසනාවකට, පාලනය කරන්නේ ජනතාව විසින් නෙරපා හරින ලද ජනාධිපතිවරයා විසිනි! !
ඕක සම්මත කරගත්තේ කඩිමුඩියේ, පළාත් පාලන ඡන්දය කල් දාන්න නෙවෙයි කියා සිතනවා.
1977 පෙර පලාත් පාලන මැතිවරනය පැවැත්වු ක්‍රමය අදටත් ගැලපෙන බව කිවයුතුයි. එකල චන්දය පැවැත් වූ ගමෙි චන්දය දී ඉවරවුනාට පසු එම ස්ථානයේම චන්දය ගනන් කිරීම අරභනවා . සාමාන්‍යයෙන් පැය 2 ක් පමන කාලය ගතවෙනවා , එවලේම දිනපු පක්ෂය ප්‍රකාශ කරනවා . අනවශ්‍ය වියදමි, කාලය ඉතුරු වෙනවා . මානාපත් එවලේම ගනන් කල හැකිය. දැනටත් මෙම ක්‍රමය තායිලන්තයේ ක්‍රියාත්මක වෙනවා