
(රංජන් කස්තුරි)
උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත්ව අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ වෘත්තීය සමිති පහකට අයත් සේවකයන් අද පෙරවරු 9 සිට පස්වරුව දක්වා සේවයෙන් ඉවත්ව සිටි අතර ඔවුහු මහ බැංකුවේ ශ්‍රවණාගාරය අසල පිහිටි ශාලාවකට රැස්වී එම වෘත්තීය සමති ක්‍රියාමාර්ගයේ නරත වූහ.
එම පිරිස වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුර දහවල් මහ බැංකුව ඉදිරිපිට මාර්ගයට පැමිණ එම මාර්ගය දෙපස කලු කොඩි හා කලු පටි ඔසවූ අතර එහිදි එම ස්ථානයට ආ පොලිස් නිලධාරීහු ඒවා ඉවත් කළහ.
එම සිද්ධියත් සමග බැංකු සේවකයන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් හට ගත්තේය
ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද දහවල් කෑම පැයේ විරෝධතාකරුවන් අතර පැමිණ විරෝධයට සහාය දක්වන බව ප්‍රකාශ කළහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකුව බිංද මහ හොරා නිදැල්ලේ ........ පාඩුව පියවන්න සේවකයන්ට නැට්ටටම බදු ගහනවා.
මහ බැංකුවට පහසුවෙන් යන්න පුළුවන්ද? ඒකෙ සේවකයින්ට විශ්‍රාම වැටුප සහ අර්ථසාධක යන දෙකම හිමියි නේද? අනික් අතට මේ විනාශයට මුල මහ බැංකුවම නේද? දේශපාලකයින් කියන අයගේ වැටුප් නතර කිරීමයි කළ යුතු...
පොලිසියේ නිලධාරිමහත්වරුනි. මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ ඇඟ අමාරුවට නොවේ. ළමයින්ට ටියුෂන් යවන්න, පොතක්පතක් අරන් දෙන්න, ලෙඩකදී බෙහෙත් අරගෙන දෙන්න බැරිවුණාම වගේ දේවල් කරන්න බැරිවුණාම තියන වේදනාවකට... ඔබලාට හිත උණුවෙන්නේම නැත්ද දෙයියනේ?
වැටුපට බදු අයකරනවා කියලා මෙහෙම සේවකයින්ගේ රීරි මාංශයම උරාබොන බද්දක් වෙන කිසිම ආණ්ඩුවකින් පනවලා නෑ. වැටුපෙන් සම්පූර්ණ ණය ගත් සේවකයෙකුගේ මේ මරන්කන බද්ද අයකළාම ඉතුරුවෙන්න දෙයක් නෑ. එතකොට අත්‍යාවශ්‍ය දේවල්වලට වියදම් කරන්න මුදලක් ඉතුරු වෙන්නේ නෑ. එහෙම වුණාම පවුලක් ජීවත් කරවන්නේ කොහොමද? මෙය පාලකයින් විසින් අනුකම්පා විරහිත ලෙස පනවන ලද බද්දකි.
මේ යන විදියට මිනිස්සු කියන්න පටන් ගනන්වා, අනේ කොහොම හරි කබ්රාල්ව ආයිම මහා බැංකුවට ගෙන්න කියලා. ඩොලර් එක හිර කරලා පිළිකා රෝගීන්ටත් බෙහෙත් ගෙන්න ඩොලර් නැති රටක, අපි කියනවා දැන් අපි ස්ථාවරයි කියලා. මෙච්චර කැමැත්තෙන්ම රැවටෙන වෙන මිනිස්සු ඉන්න වෙන රටක් තියේද. වෙළඳ පොළ ආර්ථිකේ ඩොලර් ඇතුලේ හිර කරලා. රස්සා නැති වෙනවා. බිස්නස් වැහෙනවා. අම්මල තාත්තලා ගඟේ මුහුදේ පැනල මැරෙනවා දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව. බිස්නස් පාඩුවෙලා, බිස්නස් කාරයෝ දිවිනසා ගන්නවා. ආර්ථික ඔරලෝසුව බලෙන් අනික් පැත්තට කරකවලා, මේකයි හරි වෙලාව කියලා, වෙලාව පෙන්නලා වැඩ තියේද.
ජනතාව කබලෙන් ලිපට ඇද දමන බදු දමා ඔවුන්ගේ රීරි මාංශ කන දේශපාලුවන්ට දූෂිතයන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කිරීම කළ නොහැකි වන්නේ ඇයි. ?
බද්ද විතරක් නෙමෙයි .මුළු වැටුපම කපලා දාන්න ඕනේ .මේ වගේ ආණ්ඩුවක් පත් කරගත්තාට
උන්ට ගෙවන්න බැරි බද්ද මහජනතාව ගෙවන්න? මෙතෙක් කල් එහෙම තමා සිදුවුනේ.
බදු නැති කළ සහ විදේශ විනිමය අහිමි කළ අය අත්අඩංගුවට ගන්න!
බදු මුදලින් හැමෝටම නිදහස් ලෙස ඉගෙනගෙන දියුණු වෙන්න පුළුවන්... එහෙම බැරි කාලකණ්ණි අනුන්ගේ බදුවලින් පිනට කන්න බලන් ඉන්නවා.. ඉස්සෙල්ලා 225 අඩුම 50 කට අඩුකරන්න. කෝට්ටේ පාර්ලිමේන්තුව පොදු සම්මන්ත්‍රණ ශාලාවක් කරලා අදායම් ලබන තැනක් කරන්න. පරණ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න...
නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, සමෘද්ධි දීමනා නොමිලේ ලැබෙන්නේ නැහැ. රටේ මිනිසුන් ඒ පහසුකම් සඳහා බදු ගෙවන්ට පුරුදුවිය යුතුයි...