(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි.
ශ්‍රී ලංකාව 75 වන නිදහස් දිනය සමරනු ලැබුවත් දෙමළ ජනතාවට නිදහසක් ලැබී නොමැති නිසා එළැඹෙන පෙබරවාරි මස 04 වනදා මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එදින කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමට තීරණය කර ඇති බව ද ඔහු කියයි.
අපගේ රටට නිදහස ලැබී වසර 75 ක් වෙනවා. ඊට වසර 25 කට පෙර මෙරටට නිදහස ලැබිය යුතු යැයි ඉල්ලමින් අරගල කළ ජාතික වීරයින් අතරේ දෙමළ ජාතිකයනුත් සිටිනවා. නිදහස වෙනුවෙන් එසේ අරගල කරනු ලැබුවේ සියලූම ජාතීන් නියෝජනය කළ නායකයන්. අපට නිදහස ලැබුණේ එයාකාරයෙනුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියන්න බලන්න සුමන්තිරන් මන්ත්‍රීවරයාට නැති, ලංකාවේ අනිකුත් ජාතීන්ට ලංකාවේ ඇති නිදහස මොකක්ද කියලා..? බොහෝදෙනා කියන්නේ මේ ගොල්ලෝ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇදගෙන කොළඹ සිංහලයන් අතරට වෙලා සුරසැප විඳිනවා කියා. විග්නේෂ්වරන් මහතාටත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ දේශපාලනයට එනකන්... ඕවා ඡන්ද ලබාගැනීමට කරන උප්පරවැට්ටි කියලා තමයි කියන්නේ..
මේ කතාවෙන් පස්සෙ කලුකොඩි දාන්න හිටිය දකුණේ බොහෝ දෙනෙක් එසේ නොකරනු ඇත...
හරි නම් අපිත් දාන්න ඕනෑ කලු කොඩි තමයි. උතුරේ අයට වගේම තමයි, අපටත් නිදහසක් නෑ. නිදහස තියෙන්නේ දේශපාලුවන්ටයි, හොරුන්ටයි විතරයිනේ...
දෙමළ ජාතිකයින්ගේ නායකයන් යැයි කිියාගන්නා මේ ජාතිවාදීන් ඉල්ලා සිටින නිදහස කුමක්ද? සිංහල ජනතාවට ඇති දෙමළ ජනතාවට නැති අමුතු නිදහසක් මේ රටේ ඇද්ද? 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඉඩම් පොලිස් බලතල ගෙඩිය පිටින් ලබා ගැනිමට උප්පරවැට්ටි යෙදීම මේ බලතණ්හාකාරයින්ගේ ඉලක්කය බව පෙනේ...
මුලු රටේම කළුකොඩි දැමිය යුතුයි හොර දේශපාලුවන්ට විරෝධය දකින්න සුමන්තිරන් ඔයත් රටේ ජනතාවට ගරු කරන දේශපාලුවන් නොවෙයි..
යුද්ධය කාලේ කලු කොඩි දාලා තිබ්බා නම් බලාගන්න තිබ්බා ... මොනවද වෙන්නේ කියලා.
ඔය කළු කොඩිවලින් නුඹලා බෙල්ලේ වැල දාගනිල්ලා. අවුරුදු 30ක් එල්ටීටී මිනීමරුවන් රට විනාශ කරනකොට උතුරට නිදහස තිබුණද? ඔබලා හිටියේ කොළඹට වෙලා දකුණේ දේශපාලකයෝ වගේ උතුරේ අහිංසක දෙමළ ජනතාව රවටන්න එපා... බලය වෙනුවෙන්..
රාජපක්ෂලා සහ ඩයස්පෝරාව නටන කොටි නැටුම් කොටස් වශයෙන්. ඔය ශෝ එකට දැන් මිනිස්සු නෑ.
මෙයාලා නිදහස කියන්නේ ඊළමට. එච්චරයි කතාව...
උතුර නැගෙනහිර කියන්නේ ද්‍රවිඩ ජාතීන්ගේ නිජ භුමිය. ඒ ප්‍රදේශය තුළ තියන සියලුම නගරවලට තියෙන්නේ ද්‍රවිඩ නම්. කවුරු පිළිගත්තත්, නොගත්තත්, ඇත්ත ඒක තමයි. නමුත් මේ රටේ මහලොකු සිංහල නායකයින්ගෙන් සිංහලයින්ටවත්, දමිලයින්ටවත්, මුස්ලිම් ජාතිකයින්ටවත් සෙතක් සැලසී නැහැ. ඒ නිසා ජාති භේදයකින් තොරව සියලුම දෙනා එකට එක්ව කළු කොඩි ඔසවමු...!