IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිදහස දා කළු කොඩි එල්ලන්න යයි

(ලක්ෂ්මී ජයකොඩි)

දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව 75 වන නිදහස් දිනය සමරනු ලැබුවත් දෙමළ ජනතාවට නිදහසක් ලැබී නොමැති නිසා එළැඹෙන පෙබරවාරි මස 04 වනදා මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එදින කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමට තීරණය කර ඇති බව ද ඔහු කියයි.

අපගේ රටට නිදහස ලැබී වසර 75 ක් වෙනවා. ඊට වසර 25 කට පෙර මෙරටට නිදහස ලැබිය යුතු යැයි ඉල්ලමින් අරගල කළ ජාතික වීරයින් අතරේ දෙමළ ජාතිකයනුත් සිටිනවා. නිදහස වෙනුවෙන් එසේ අරගල කරනු ලැබුවේ සියලූම ජාතීන් නියෝජනය කළ නායකයන්. අපට නිදහස ලැබුණේ එයාකාරයෙනුයි.

 



අදහස් (15)

නිදහස දා කළු කොඩි එල්ලන්න යයි

dhamneth Monday, 30 January 2023 03:23 PM

දැන් කියන්න බලන්න සුමන්තිරන් මන්ත්‍රීවරයාට නැති, ලංකාවේ අනිකුත් ජාතීන්ට ලංකාවේ ඇති නිදහස මොකක්ද කියලා..? බොහෝදෙනා කියන්නේ මේ ගොල්ලෝ ජනවාර්ගික ප්‍රශ්නයක් ඇදගෙන කොළඹ සිංහලයන් අතරට වෙලා සුරසැප විඳිනවා කියා. විග්නේෂ්වරන් මහතාටත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ දේශපාලනයට එනකන්... ඕවා ඡන්ද ලබාගැනීමට කරන උප්පරවැට්ටි කියලා තමයි කියන්නේ..

:       3       46

sisiraMonday, 30 January 2023 06:00 PM

අපගේ රටට නිදහස ලැබී වසර 75 ක් වෙනවා. ඊට වසර 25 කට පෙර මෙරටට නිදහස ලැබිය යුතු යැයි ඉල්ලමින් අරගල කළ ජාතික වීරයින් අතරේ දෙමළ ජාතිකයනුත් සිටිනවා. නිදහස වෙනුවෙන් එසේ අරගල කරනු ලැබුවේ සියලූම ජාතීන් නියෝජනය කළ නායකයන්. ඒ නිසාද කළුකොඩි එල්ලන්න තීරණය කළේ... එසේ කළු කොඩි එල්ලන්නේ නම් ඔබ සූදානම් වන්නේ ඔවුන්ට අගෞරව කිරීමට නොවේද? පෙබරවාරි 4 වෙනිදා කළුකොඩි ඉල්ලන්නේ නම් ඔබ නිදහසට විරුද්ධ පමණක් නොව නිදහස වෙනුවෙන් එසේ අරගල කරනු ලැබුවේ සියලුම ජාතීන් නියෝජනය කළ නායකයන්. ජාතික වීරයන් පිළිබද ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොමැත. උතුරු, නැගෙනහිර ද්‍රවිඩ ජාතින් අතර ඩී.එස් සේනානායක මැතිතුමාට ඉහළ පිළිගැනීමක් තිබේ....

:       2       49

සාටන් Monday, 30 January 2023 04:35 PM

මේ කතාවෙන් පස්සෙ කලුකොඩි දාන්න හිටිය දකුණේ බොහෝ දෙනෙක් එසේ නොකරනු ඇත...

:       5       48

GamageTuesday, 31 January 2023 07:49 AM

ඒක තමයි ප්ලෑන් එක..

:       13       2

C.K.Lankaputhra Monday, 30 January 2023 04:39 PM

හරි නම් අපිත් දාන්න ඕනෑ කලු කොඩි තමයි. උතුරේ අයට වගේම තමයි, අපටත් නිදහසක් නෑ. නිදහස තියෙන්නේ දේ‍ශපාලුවන්ටයි, හොරුන්ටයි විතරයිනේ...

:       47       28

මැක්ස් Monday, 30 January 2023 04:51 PM

දෙමළ ජාතිකයින්ගේ නායකයන් යැයි කිියාගන්නා මේ ජාතිවාදීන් ඉල්ලා සිටින නිදහස කුමක්ද? සිංහල ජනතාවට ඇති දෙමළ ජනතාවට නැති අමුතු නිදහසක් මේ රටේ ඇද්ද? 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ඉඩම් පොලිස් බලතල ගෙඩිය පිටින් ලබා ගැනිමට උප්පරවැට්ටි යෙදීම මේ බලතණ්හාකාරයින්ගේ ඉලක්කය බව පෙනේ...

:       4       35

Thaksalal silva Monday, 30 January 2023 04:55 PM

මුලු රටේම කළුකොඩි දැමිය යුතුයි හොර දේශපාලුවන්ට විරෝධය දකින්න සුමන්තිරන් ඔයත් රටේ ජනතාවට ගරු කරන දේශපාලුවන් නොවෙයි..

:       32       22

fairoos Monday, 30 January 2023 05:25 PM

යුද්ධය කාලේ කලු කොඩි දාලා තිබ්බා නම් බලාගන්න තිබ්බා ... මොනවද වෙන්නේ කියලා.

:       3       14

Bamunuarachchi Monday, 30 January 2023 10:08 PM

1957 කාලේ නම් උඹලා වෙනුවෙන් සුදුකොඩි දැම්මා. මේක සිංහලයින්ගේ රට කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා නේද උඹලට දේවල් ඉල්ලන්න වෙලා තිබෙන්නේ? රනිල්ට ඕන විදිහට මේරටේ දේවල් උඹලට ලැබෙන්නේ නැති බව තේරුම් ගනිල්ලා.

:       1       0

PODDA Monday, 30 January 2023 05:41 PM

ඔය කළු කොඩිවලින් නුඹලා බෙල්ලේ වැල දාගනිල්ලා. අවුරුදු 30ක් එල්ටීටී මිනීමරුවන් රට විනාශ කරනකොට උතුරට නිදහස තිබුණද? ඔබලා හිටියේ කොළඹට වෙලා දකුණේ දේශපාලකයෝ වගේ උතුරේ අහිංසක දෙමළ ජනතාව රවටන්න එපා... බලය වෙනුවෙන්..

:       5       19

Nuwan Monday, 30 January 2023 05:57 PM

රාජපක්ෂලා සහ ඩයස්පෝරාව නටන කොටි නැටුම් කොටස් වශයෙන්. ඔය ශෝ එකට දැන් මිනිස්සු නෑ.

:       11       6

කිරිපුතා Monday, 30 January 2023 07:16 PM

මෙයාලා නිදහස කියන්නේ ඊළමට. එච්චරයි කතාව...

:       3       12

බද්රානි Monday, 30 January 2023 07:38 PM

උතුර නැගෙනහිර කියන්නේ ද්‍රවිඩ ජාතීන්ගේ නිජ භුමිය. ඒ ප්‍රදේශය තුළ තියන සියලුම නගරවලට තියෙන්නේ ද්‍රවිඩ නම්. කවුරු පිළිගත්තත්, නොගත්තත්, ඇත්ත ඒක තමයි. නමුත් මේ රටේ මහලොකු සිංහල නායකයින්ගෙන් සිංහලයින්ටවත්, දමිලයින්ටවත්, මුස්ලිම් ජාතිකයින්ටවත් සෙතක් සැලසී නැහැ. ඒ නිසා ජාති භේදයකින් තොරව සියලුම දෙනා එකට එක්ව කළු කොඩි ඔසවමු...!

:       35       17

Dracula Monday, 30 January 2023 10:03 PM

මේ ගැහැණි පර දෙමලෙකුට ජාතක වෙච්ච බඩුවක්ද කොහේද? කොහේද යකෝ මේ සිංහල රටේ පර දෙමළුන්ට නිජභූමි. තොපි ලංකාවට එනකොට ගේනවද? පර දෙමල්ලුට මෙහෙ ඇති කෙහුරක් නැහැ. උඹත් අර විජයන් කියන කල්ලතොනියත් එක්කද මෙහාට ආවේ. කාලකන්නි. දුවපිය ආව රටකට අපිට පව් නොදී.

:       4       3

AsankaWednesday, 01 February 2023 12:54 PM

ලාට රට හෙවත් බංග්ලාදේශයේ විජය එක්ක ආපු පරම්පරාවෙන් ආපු අය තමයි අපි.. නැතුව මේ ඔයාලා හිතාගෙන ඉන්න අයගේ නෙවෙයි. බුදුන්ගේ ආශිර්වාදයෙන් විජය එක්ක ඇවිල්ලා සංස්කෘතියක් ගොඩනගපු ජාතිය තමයි සිංහල...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site