( පුෂ්පකුමාර ජයරත්න ) කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව නගරාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ආණ්ඩුකාරවරයා විසින් අද (21) නිකුත් කර ඇත. ඒ අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට කුරුණෑගල නගරාධිපති ධූරයෙන් ඉවත් කළා යැයි සැලකෙන අතර වහාම බල පැවැත්වෙන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩුව ඇති බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ. තුෂාර සංජීව විතාරණ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් රැසක් පසුගිය කාලයේදී වාර්තා වූ අතර ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කුරුණෑගල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මවිල් ගසකට අනතුරක් කරන්න දෙන්නේ නෑ කිව්ව කෙනා දැන් කෝ.
Next step would be governor will loss his post. This is sri lanka.
මෙතුමා එයාව තනතුරින් පහ කළේ නැතිනම් ජනතාව නුදුරේදීම මෙයාව තනතුරින් පහ කරනවා පමණක් නොවෙයි ගහලා පන්නනවා. එයාගේ ගුරා ජොනියත් එක්කම.
සැමදා නියං එකදා වැහි වලාවේ. ඔය සෙල්ලමේ හැටි ඔහොම තමා. හිටපු ගමන් පොර වෙලා පළාතටම පාට් එක දානවා. ඔන්න හිටපු ගමන් බල්ලා මාක් වැදිලා නිකම්ම නිකං හොරිකඩයා වෙනවා. මෙයාට ලබිය යුතු දේ දැන් ලැබෙමින් පවතියි. ලස්සනම වැඩේ තවත් ඒ වංසෙම කෙනෙක් අතින්ම වැඩේ සිද්ධ වීමයි.
අසව්.. අසව්.. කුරුණෑගල නගරයේ තිබුණු තවත් කුණු කන්දක් ඉවත් කළා වගේ...
කුරුණෑගල ඉන්නේ බුරුවන් නෙමෙයි කියලා ඊළඟ පාර පෙන්නන්න...
එහෙනම් තානාපති කමක් දීලා යවාවි...
බොරු වැඩ තමයි, නැත්නම් පළාත් පාලන මැතිවරණයට දින නියම කළාම එම ආයතන විසුරුවා හරින්න ඕනෑ... එහෙම කරල නැහැ... මෙවර මැතිවරණ අවස්ථාවේ වංචා බොහෝමයක් වේවි ඕක තමයි කෙනෙක් කිව්වේ ඔහුගේ මයිලකටවත් අත උස්සන්න කාටවත් ඉඩක් දෙන්නේ නැහැ කියලා...
මේ වගේ අය නිසා ඉපදෙන්න ඉන්න දරුවොත් කාලකණ්ණි වෙනවා...
මුන්දෑ කරපු වරදට දඬුවමක් දෙන්නේ නැද්ද?
ප්‍රශ්නයක් නැහැ... කුරුණෑගල ආදරණීය ජනතාව නැවත ඔහුට බලයට ඒමට ඡන්දය දේවි...!
පොහොට්ටුවේ ඔක්කොම ගොන් තක්කඩි
මෙච්චර කල් ඔය නගරාධිපති කරපු කිසිම දේකට දඬුවම් නොදී දැන් නියම වැඩක් කලාකියල ප්‍රසිද්ධ කරමු. ආණ්ඩුකාර තුමාට ඕකත් කරන්න තිබුනේ තව මාස දෙකකින් විතර පස්සේ. නගරාධිපතිත් ආන්ඩුකාරයොත් ඔක්කොම එකයි
මයිල් ගස් වලට හානියක් නොකර අයින් කරපු එක හොඳයි. නැත්නම් ලොක්කට මළ පනී.
එසැන කියන වචනයේ තේරුම මොකක්ද කියන්න එසැන ඉවත්කර වෙනත් වචනයක් යොදන්න
ඕකට ජන්දය දීලා පත්කරපු උන්ට තමයි තලන්න ඕනෑ. මම හිතාගෙන හිටියේ කුරුණෑගල ඉන්නේ බුද්ධිමතෙකු කියලා ලබන සැරෙත් ඕකම පත් කරයිද කුරුණෑගල ජනතාව ?