
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් පැවසීය
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය .
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළොත් එයට ජනාධිපතිවරයා ද වගකිව යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ලියා තිබෙනවා. පොලිස්පති , ආරක්ෂක ලේකම් පත් කරන්නේ ජනාධිපති වරයා නිසා ඒ වගකීම ඒ අයගෙන් ඉෂ්ට නොවුන එයට මමත් වගකිවයුත්තෙක් කියා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ සඳහන් වන වනවා.
මෙතන මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් සිටිනව. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇති මගේ කතාවෙ දි පසුගිය නඩු තීන්දුව සම්බන්ධව මොනවද කියන්නේ කියල. මම ඒ ගැනත් මෙතනදි වචනයක් කියනව. නැත්නම් ඒ අය මාව මෙතනින් යන්ඩ හදද්දි වටකරගන්නවා ඇති.
මම මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සහ පුරවැසියෙක් විදිහට මම නීතියට අධිකරණයට ගරු කරන කෙනෙක්. අධිකරණ තීන්දුවට මම හිස නමනව. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ.
ඕන කෙනෙක් දන්නව පාස්කු සිද්ධිය සිදුවන අවස්ථාවේ මම හිටියේ පිටරට. මම ලංකාවට පැමිණි දවසේ සිට පාර්ලිමේන්තුවේ සහ විවිධ ස්ථානවල දී ජනාධිපති කාලයෙත් ඊට පසුවත් මම අනන්තවත් කියා සිටිය ඒ සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට ඒ කිසිදු නිලධාරියෙක් ඒ සම්බන්ධව මා දැනුවත් කර තිබුණේ නෑ කියල.
අගවිනිසුරු තුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් හත්දෙනා දුන්න නඩු තීන්දුවේ පිටු 85ක් ලියා තිබෙනව. මෙම පිටු 85 ඇතුලත තිබෙනව නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිදු ආකාරයකින් දැනුවත් වෙලා නෑ කියල. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු ඔත්තු සේවා වලට , ආරක්ෂක අංශයට , පොලිසියේ ප්‍රධානියා ට , ආරක්ෂක ලේකම්ට ,කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට , පොලිසි වල ස්ථානාධිපතිවරුන් ට මේ සියලු දෙනා දැනුවත් වී තිබෙනව.නමුත් ඒ සම්බන්ධව මා දැනුවත් වී නොතිබුණු බව මේ පසුගිය වසර හතර පුරාවටම මම කියා තිබෙනව. උසාවියේ පිටු 85 ක නඩු තීන්දුවේ පැහැදිලිව තිබෙනව ජනාධිපතිවරයාට මේ පිළිබඳව තොරතුරු ලබාදී නොතිබුණු බව.
දැන් ඔබ සිතනවා ඇති මානව හිමිකම් කඩවීමක් සම්බන්ධව මට කොහොමද කෝටි දහයක් ගෙවන්න තීන්දු කළේ කියල.
කෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් අප සල්ලි එකතු කරමු කියල. නමුත් මම එතැනදි ඇහුව කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියල. නමුත් මගේ හිතවත් මිත්‍රයින් රාශියක් මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාර්ග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නව කියල.
මගේ වත්කම් ප්‍රකාශනය මම සෑම වසරකම පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනව. බොහෝ ජනාධිපතිවරු ජනාධිපති වූ පසුව තමන්ගේ නිල කාලය තුළ වත්කම් ප්‍රකාශය ලබාදී නෑ. ඒ ඔවුන් ජනාධිපතිවරුන් නිසා. මම ජනාධිපති වෙලා සිටි වසර පහ තුළ දීත් මම සෑම වසරකම මගේ වත්කම් ප්‍රකාශය ලබා දී තිබෙනව. මගේ වත්කම් ප්‍රකාශනය ඕනෑම අයකුට බලන්න හැකියාව තිබෙනව.තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඕන කෙනෙක් මගේ වත්කම් ප්‍රකාශනය අරගෙන බලන්න.
ඒ නිසා මගේ මිත්‍රයින් තීරණය කර තිබෙන ආකාරයට මා බලාපොරොත්තු වන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ගන්න.
ඔබ දන්නවා අෂ්ඨ ලෝක ධර්මය." ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං "කියන ගාථාව ඔබ කවුරුත් දන්නවා ඒ නිසා ඕනෑම කෙනකුට රජෙක් වන්නට පුළුවන්. ඒ වගේම යාචකයෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ලාභය අලාභය අයස යස ස ඒ වගේම නින්දාව ප්‍රසංසාව තමාගේ ජීවිත කාලය තුළ තමන්ට ලැබෙනව. ඒ අනුව අපත් මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙමින් අපේ රටේ දරුවන්ට යහපත් විනයගරුක සමාජයක් හදන්නට අපට කළ හැකි උපරිම සේවාව මා ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටිමඩි ගහපු දේවල්, තෑගි බෝග වශයෙන් ලබාගත්ත දේවල්ආපහු දෙන්න කාලයක් උදාවී ඇත. හොරු පොලිස්කාරයෝ වෙලා පොලිස්කාරයෝ හොරු උනාම ඔහොම වෙනවා.
Arrest this guy
එහෙනම්, මහ උළුගෙදර තමයි.. කූඩුවේ කම්බි කූරු ගැන ගැන...
ඒ කාලයේ බොහොම ලොකුවට බලතල භුක්ති විඳිමින් සිටිය බව දැන් දැන් අමතකයි... වගේ පේන්නේ... රටේ අගමැතිවරයා ඒ කියන්නේ තමන්ට ඉහළම පුටුවට එන්න උදව් කළ කෙනාව හෝ ආරක්ෂක මණ්ඩලය වෙත කැඳෙව්වේ නැහැ. පාස්කු බෝම්බ සිද්ධියට එවකට හිටපු ජනපති හා ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන වගකියන්නේ නැතිව පාරේ යන කෙනෙකු වගකියන්නද?
ඇයි, අර රෝයල් පාර්ක් නඩුවේ ජනාධිපති සමාව දීලා හම්බවුණු කෝටි 8යි, අනිත් ගාණ කෝටි 2යි... දුන්නම කෝටි 10 හරි. ඔය ආපහු පිටකොටුවේ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ලා ඉන්න ඕනේ නැහැ.
මෙයාගේ ධූර කාලයේ අති විශාල වත්කම් ප්‍රමානයක් තමුන්ගේ දරුවන්ට හොයලා දීල තියෙනවා. නීත්‍යානුකූලව නම් වෙන්න බෑ. ඒවායින් ගෙවන්න. ඒ ගෙවලත් මදි. අවුරුදු දහයක් වත් සිරගත කල යුතුයි.
බයිලා රාජ පුලතිසිපුර සිරා අයියා. අයියො සාමි නී එනක වේනා.
ඔබ මේ කියන දෙය තව මොහොතකින් වෙනස් කරන මිනිහෙක් , අපි එය දැක්ක අත් වින්ද ඔබ ජනාදිපති කාලෙ. මම ජනාදිපති වරනය පැරදුනොත් රාජපක්ෂල මාව අඩි 6 පොලොව යටට දානව කිව්ව මිනාහ, තමුන් ජනාදිපති වුනාම , මහින්ද නීති විරෝධි ලෙස අගමැති කලා. ඔබ ඒ වගේ පහත් වැඩකල මිනිහෙක් , කට ඇරියොත් ඔබ කියන්නෙ බොරු. පාස්කු ප්‍රහාරයවෙන්න කලින් සිංගප්පුරුවට පැන්න . සිද්දිය වෙලා දින දෙකකට පස්සෙ ලංකාවට ආවෙ , ඇවිල්ල ටොං පචයක් කෙලිය ප්ලෙන් තිබුනෙ නෑ එන්න කියල. ෆොන්සෙක මහත්තය පෙන්නුව plane දෙකක් තිබුන කියල. ඒ බොරුව අතේ පත්තු වුනා. තමුන්ට මේ රටේ කවුරුත් අනුකම්පා කරන්නෙ නෑ මේ කල අපරාදය සම්බන්දව. ඔබට බලය තිබුන මේ රට නව මාවතකට ගෙනියන්න. නමුත් කලේ පොලොව යට තමුන් දානව කිව්ව මිනිහ එක්ක ඩීල් දාපු එක, දැන් බබා වෙන්න හදනව.තමුන්ට තව නඩු වැටෙයි මොකද තමුන් මේ අපරාදයට වක්‍රව වගකියන්න ඔනේ.
තමන්ගේ හදවත දන්නව ඇති කරපු පවේ බරපතලකම. විඳවපන් ජීවිතේ අන්තිම තත්පරය වෙනකල්.
මෙයා කියන පරිදි එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී සහ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානීන් දෙදනාම මෙයාව දැනුවත් කලේ නැත් නම්, ඔවුන් දෙදනාව දුරයෙන් ඉවත් නොකර, ඇයි හිටපු පොලීස්පති පූජිත්ව සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි දෙදනාම පමණයි දුරයෙන් ඉවත් කලේ? හරි නම් රාජ්‍ය සහ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානීන් ඔවුන් දෙදනාමත් ඉවත් කලයුතු නේද? මෙතන පැහිදිලි නේද මෙයා නොදැනුවත් ඉන්න බැහැ කියල. අනික ඔයා කරපු පව් කාර වැඩේට, ඔයා පිටකොටුවේ බෝගහ ළඟ ටින් හොල්ල හොල්ලා හිටියට, ඔයාට කොව්රුත් සතයක්වත් දෙන්න නැහැ.
ගිහිල්ලා බෝ ගහ ලඟ අමුඩයක් ගහගෙන හිටපන්.
ටින් හරි බැරල් හරි හොලවලා තමන් කරපු වරදට සාධාරණයක් කරනවා.
අරෙහේ අර අහිංසක මිනිස්සු නිකම් නිරපරාදේ මැරිලා ගියා තුවාල වුණා... අනාථ වුණා. මේ වගකිවයුතු කට්ටිය අරයා මෙයාට මෙයා අරයට ආදී වශයෙන් බෝලේ පාස්කරකර නිකම් සෙල්ලමක් කරකර හිටියා. ඒ අහිංසකයින්ට වන්දියක් ගෙවන්නවත් ඔය කාටවත් වුවමනාවක් තිබුණේ නැහැ. හිතන්න ඇති නිකම්ම මිනිස්සුන්ට අමතක වෙලා යාවි කියලා. ඒ මදිවාට මීට පහළ උසාවිවල තිබූ නඩුවලදී එකඑක තාක්ෂණික දෝෂවලින් රිංගලා නිදොස් කොට නිදහසුත් වුණා. මගේ හිතේ ඔබතුමාට මේ තීන්දුවෙන් උසාවියේ වරදකරුවකු වි දඩ නියම වූ නිසා ජනපති විශ්‍රාම වැටුප සහ හිටපු ජනපති වරප්‍රසාද සියල්ලත් අහෝසි වෙනවා. දැන්වත් අර කලින් සිංහනාදයක් කරලා කියලා තිබුණු විදියට මේකට ගෑවිච්චි අනිත් කට්ටියගේ නමුත් හෙළිකරන්න. මුළුරටම බලන් ඉන්නවා.
සාධාරණ අධිකරණ තීන්දුවට අභියෝග කරන්න එපා. මොහුගේ වත්කම් අත්පත් කරගෙන අහිංසක වින්දියන්ට වන්දි ගෙවන්න. ලැජ්ජාවක් නැතුව කියවාරු ගහන හැටි.
දුවටයි, පුතාටයි ආදායම් ඇති. රක්ෂාවක්වත් නැතිව පොළොන්නරුවේ ලොකු හෝටල් හදලා තියෙනවා.
ලංකාවේ තුන්වෙනි ධනවතා කියලා ඇමෙරිකාවේ ෆොර්බ්ස් සමාගමේ සමීක්ෂණයකින් සොයාගත්තා කියන්නේ පට්ටපල් මුසාවාදයක්නේ...
දඩමුදල ගෙවිය නොහැකි නම් සිරදඬුවම් විඳිය යුතුය.
කෝටි දහය ගැන විතරයි.. මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ගියේ. මෙතුමාට ඉදිරිපත් කළ චෝදනා පත්‍රයටත් හොඳ ප්‍රචාරයක් දුන්නොත් හොඳයි. දැන් මෙයා හදන්නෙ පොඩි හිඟන පාට් එකක් දාලා අනුකම්පාව අරගෙන දේශපාලන ගේම් එකේ ස්ථාවර වෙන්න.
ඩඩ්ලි මල්ලිගේ පොකට් මනිවලින් ගෙවන්නකෝ...!
ඩඩ්ලි මල්ලිගේ දවසක ලාබේ...!
දැන්නම් 10ට නින්ද යන්නේ නැතිව ඇති නේද?
රටේ වර්තමාන අභාග්‍යසම්පන්න තත්ත්වයට මූලික වශයෙන් වගකිව යුත්තා, ආප්ප කා පැන්න ඔබතුමා. රටේ පැවැති සංවර්ධන දිසානතිය කණපිට හරවා භාණ්ඩාගාරය හිස් කිරීමටත් මුල් වූයේ ඔබතුමා. පෝට් සිටිය වසර කීපයක් නැවතීම නිසා ඊට වන්දි ද ගෙවා නැවත එය ඇරඹීම වුවද ඔබගේ පාලන කාලය මොනතරම් මුග්ධද යනවග කියාපානවා. බ්‍රිතාන්‍ය මහා රැජින මේස් ගලවා අතදීම සහ රනිල් වික්‍රමසිංහ මහතාට "හැමදාමත් සර් කියන්න" ඉඩ දෙන්න වැනි තුට්ටු දෙකේ කතා කියමින් රටේ නායකත්වය දෙකේ කොලේට දැම්මා... ජෙප්පන් හා එක් වෙමින් සාම්පූර් බලාගාරයට අකුල් හෙලා විදුලි අර්බුදයට මග පෑදුවා. මේ සියල්ල ගැන රටේ ජනතාව දන්නවා. එම නිසා පිටකොටුවේ බෝ ගහ ළඟ කැට හොල්ලමින් යාචක වෙස් ගත්තට ඔබතුමාට රැවටෙන ජනතාවක් මේ රටේ නැහැ...
රුපියල් කෝටි 10 ක් දෙන්න නෑ කියන්නේ බොරුවට. ඒ කාලේ හම්බ කරපුවා හොඳටම ඇති මේ මුදල ගෙවන්න...
අපි දන්නා විදියට ලංකාවේ මුල් බිලියනපතියන් දහදෙනා අතර පසුගිය ජනාධිපතිවරු දෙදෙනාම ඉන්නවා. සල්ලි හොයන්න ඇත්තේ බිස්නස් කරලා වෙන්න ඇතිනේ. සාධාරණ ලෙස ඉපැයූ දේ...
ලැජ්ජා නැතිකම තමුන්ට ජනාධිපතිකමටත් වඩා ලොකු බව අපි දන්නවා. ඒත් පොඩ්ඩක් හරි ලැජ්ජාවක් තියනවා නම් දැන්වත් තමුන් රටේ මහජන මුදලින් භුක්ති විඳින සියළු වරප්‍රසාද තනතුරු අතහැරලා ගමට යන්න...
හොලවන්නේ මොකක්ද කියලා මම කියලා නැහැ...!
ගරු අධිකරණයට ජාතියේ ප්‍රණාමය.
මා හිතන්නේ අධිකරණ තීරණය නිවැරදියි.
දුවයි පුතයි කෝටි පතියෝ වුනේ කොහොමද.?
මුන් හැදෙන අය නෙවෙයි. මුළු සේසතම අයිති කරගන්න මේ අයට දඬුවම් කල යුතුය.
රෝයල් පාක් එකේ සල්ලියි, තව ඔහුට අවශ්‍ය වන්නේ මිලියන 100 ක් පමණි
මෙවැනි බොරු කියන වටිනා කමක් නැති පුස් චරිත දරුවන් සම්බන්ද කටුයුතු වලට ගාවගන්න එක පාපයක්. මේ චරිත වලින් දරුවකුට ගත හැකි ආදර්ශය කුමක්ද?
සුරංගනා කතා කියනව සිරසේන උන්නැහැ ගෙවන්න සල්ලි නැහැ කියනව ඇයි හොරකම කරපුව නැද්ද මුන් රටට කරපු දෙයක් නැහැ හොරකම් කරපු සල්ලි වලින් ගෙවන්න සිරිසේන දිඨිට දමිමි වෙිදය පලදෙනව කියන්නෙ ඔිකට තමයි ජනතාට සාප කරනව එවිව තමයි ඔය පලදෙන්නෙ හරිම සතුටුයි ගෙවන්න සිරිසේන.
ඒ කෙසේ වෙතත් තවමත් මහ මොළකරු නිදැල්ලේ සැරිසරනවා.
මෙතුමාගේ කතාවේ කියලා තියෙනවා ඔහු නිර්දෝෂි බව. ඒ වගේම කෝටි 10 ගෙවන්ඩ තරම් ආර්ථිකයක් නොමැති බව. ඔහුගේ මිතුරන් ඉදිරිපත් වෙලා තියෙනවලු ඒව ගෙවන්න. එහෙම ගෙව්වොත් කරුණාකර ඒ මිතුරන් ගේ නම් ගම් පලකරන්න ඔවුන්ට එවැනි ගෙවීම් කරන්න පුළුවන්දැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගබලා ගතයුතුය. එහෙම නොකරන්නේ නම් මට හිතෙන්නේ මිතුරන්ගේ නාමයෙන් ඔහු රැස්කළ ධනය ම තමයි වියදම් කරන්නේ
කියන්න දෙයක් නෑ
සල්ලි එකතු කරලා ගෙවලා දේශපාලනය කිරීම මුලු මහත් ජනතාවගේම මූලික අයිතිවාසිකම් කඩකිරීමක්
වටේ ඉන්න හොරු සෙට් එක ගෙවලා දායි.
ටින් බැරිනම් පඩික්කමක් හරි හොලවලා සල්ලි හොයාගන්න.
මේ පුද්ගලයා බොරු කියන්නේ අනුන් මෝඩයෝ කියලා හිතාගෙන
මුකුත් නැහැ හිරේ දමනවා අවුරුදු දෙකක් විතර කරපු නොසන්ඩාල වැඩේට,
තීන්දුව ගැන අපේ පුද්ගලික අදහස් ඇතත් ඒවා පක්ෂ කිරීමට බැරිය. මෙතැනට දේශපාලනයක් අදාළ නැත.
ඉන්දියාවෙන් ගෙන්නපු ලනු ටිකත් නිකන් දිරාපත් වෙනවා මේ වෙලාවේ.
බොරු කියන්නෙ කට දැනෙන්නෙ නැති විදියට. පත්වෙලා මාස ගානින් උජාරුවට කිව්ව පැරදුන ජනාධිපතිට මැද මුලනට යන්නත් හෙලිකොප්ටර් දුන්නෙ මම කියල, ඉට පස්සෙ ටික කලකින් රනිල්ට චෝදනා කෙරුව මහින්දට මැදමුලනට යන්න හෙ කොප්ටර් දුන්න කියල.
පරම්පරාව ගොඩදැම්මේ කොහොමද.? නූගත් දරුවෝ කොහොමද අද වීදුරු ගෙවල් වල ඉන්නේ. කුඹුරු කොටලා දාඩිය මහන්සියෙන් සල්ලි හම්බ කලේ නැහැ.
මෙයා හොරකම් කලේ නැහැ කිව්වොත් ඒක ලෝක පුදුමයක්.
දේශපාලනය බල්ලට දාන්නෙමි. මම ඔබ පක්ෂයේ කෙනෙක් නොවෙමි. එහෙත් ඔබට සිදුවූ අසාදාරන ගැන කනගාටුවෙමි.
රජකම් කලත් කළකම් පලදෙනවිට ඔහොම තමයි කාටත්.
බමුණු කියන්නේ හාල්පාරුවෙක් කියලා අපි ඔක්කොම දන්නවා.
ග්‍රාම සේවක එයාගේ ටින් එකට ගහමින් සින්දු කියනකොට, බමුණට පුළුවන්නේ ඒකට නටන්න.
තමුන්ට බැරි වැඩ කරන්න යන්න එපා කියන්නේ ඕක තමා.
මේක කෙනෙක් ජනපති කරන්න කරපු පහත් වැඩක් බව නොදන්නා කෙනෙක් නැහැ,
අරයා එල්ලුම් ගහෙන් නිදහස් කරන්න කෝටි 800ක් දීලා තිබුණු 100 ගෙවලා තමයි ඕක එජාපයේ සහ පොහොට්ටුවේ මහ මොලකරුවන් මෙම තොරතුරු වසන් කරපු බව...
හොල්ලන්න දෙයක් නැහැ. දැන් හෙල්ලිලා, ගැලවිලා බිමට වැටිලා ඇත්තේ... මදැයි කොරපු හරිය... දැන් ලොකු දෝණිට ආයෙත් කොළපතක් ලියන්න අප්පොච්චාට වෙච්චි දේ ගැන...
මෙයා හිතන් ඉන්නේ ජනාධිපති වෙලා ඒකට දන්නා දේ කරලා අවම හරි කියලා, මෙයා දන්නේ නැහැ වගකීම සහ ගිණුම් කටයුතු ගැන. මේ වගේ අයට, ඡන්ද දෙන මී ගවයන්ට හොඳ වැඩියි..
ලක්ෂ 62 ක් විසින් මෙයාව ජනපති කරලා හොඳට ගිය රටක් පහළට ඇද දැම්මා. බඩ ගැන හිතලා මෙයාට ඡන්දය දුන් කතෝලික මිනිස්සුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දුන්නා. කතෝලික මුස්ලිම් සහ දෙමළ මිනිස්සු ඉන්න ආසන වලින් තමයි... මෙයා දිනුවේ. ඒ කරුමේ රට වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ 58ක් විඳවනවා...
ටින් සිරා...!
අවිද්‍යාවේ නොසැලකිලිමත්කමේ නිර්වචනය මෙයයි. නොසැලකිලිමත්කම යනු අදාළ කරුණු පිළිබඳව දැනුවත්ව දැනුවත්ව සිටීමට අපොහොසත් වීම සහ එවැනි කරුණු සඳහා සාධාරණ අභ්‍යන්තර ප්‍රවේශයක් නොමැතිකම යන අර්ථයෙන් නොදැනුවත්කමයි. එය රටක ජනාධිපතිවරයකු වීමේ වගකීම කඩ කරයි. වන්දි ගෙවීමට නොහැකි වුවහොත් ඔහු සිර දඬුවම් විඳිය යුතුය.
ඇයි පුතා බැන්දේ ලංකාවේ කෝටිපතියෙක්ගේ දුවක්. ජනාදිපති වෙලා ඉන්න කාලේ ඒ අයට නොයෙක් අයථා ක්‍රම මගින් මුදල් උපයන්න පාර හදලා දුන්නා.
පරමාදර්ශී නායක අපදානය ............ José Alberto Mujica Cordano ( ජෝසෙ ඇල් බර්ටො මුජිකා කොර්ඩනො) 2010 - 2015 කාලය තුළ ලතින් ඇමරිකානු උරැගුවෙි රාජ්‍යය යේ 40 වැනි ජනාධිපති ලෙස සේවය කළ මෙතුමා ගොවියෙකි. ඒ එවකට තිබූ හමුදා පාලනයෙන් පසු 2009 පැවති මැතිවරණයෙන් ත්‍රයි පාක්ෂික ප්‍රමුඛ සභාගයේ ජනපති ලෙස පත් විය. අවු. 60 වයස පාපැදිය, ජනපති කාල පරාසයේද අත්නොහැර පදවා ඇත. වැටුපින් 90% අහිංසක ගොවිජනතාවට සහ සුලු ව්‍යාපාරිකයනට ද ප්‍රදානය කර ඇත. නිල නිවසක් නොගෙන සිය බිරිදගේ ගොවිපල නිවහනේ වාසය කරමින් නිල රාජකාරී වල යෙද ී ඇත. වසර 14 ඒකාධිපති හමුදා වියරැව යටතේ සිර බත් මත යැපී ඇත. ලොව "නිහතමානීම" රාජ්‍යනායක ලෙස ප්‍රචලිතය. මෙතුමා Topmaros ගරිල්ලා හමුදා නායකයෙකි. 87 වියැති වුවද තවමත් ප්‍රභාෂ්වර මනසකින් සහ ආකර්ෂණීය රෑපකායකින් පිරිපුන් පරමාදර්ශී චරිතයකි. චිරංජයතු!!! ලෝපතල EL PEPE ( supreme life) වෘතාන්ත චිත්‍රපටය යූ ටියුබය හරහා ප්‍රචලිතය. .
පරණ සිංදුවක්.... මම ටින් එකට ගහනවා. මගේ ළඟ බමුණා නටනවා... මට මෙහෙම පේනවා... කෝටි 10ක් එනවා.